පසුගිය වසර පුරාවටම ලෝකය පුරාවටම පැතිරුණු faceapp පසුගිය දින ගණනාව පුරාවටම ශ්‍රී ලංකාව පුරාවටම දරුණු විදියට පැතිරිලා කීවොත් අතිශයෝක්තියක් වෙන එකක් නැහැ. නමුත් මේකෙන් තමන්ට ලැබෙන දේ වෙන්නේ තමන්ගේ මුහුණ සහිත විරුද්ධ ලිංගිකයෙක් උන්නොත් ඔහු හෝ ඇය මොනවගේද කියන දේ. මේ වගේ mobile application එකක් පාවිච්චි කරන ඔබෙන් ඔවුන්ට ලැබෙන්නේ මොනවද කියලා ඔබ මොහොතක් සිතුවද?

ඔබ දන්නවා ඔබ විසින් මේ mobile app එක බාගත කරගන්න වෙලාවේ terms & conditions කියවපු කෙනෙක්ද ඔබ? නැත්නම් මේවා කියවන්න අපිට කොහෙද වෙලාවක් කියලා agree කරපු කෙනෙක්ද? නැත්නම් ඒ වගේ දෙයක් තිබ්බ‌ා කියලාවත් මතක නැති කෙනෙක්ද? මේ එක ගොඩකවත් ඔබ නැත්නම් තවම ඔබේ දුරකථනයේ faceapp නැතුවැති.

Can you trust FaceApp with your face? - BBC News
Source: https://www.bbc.com/news/technology-49018103

“I’m concerned not just about that photo that you uploaded, but the access that they do have to the rest of your photos,”

මේ විදියට ප්‍රකාශ කරන ලද්දේ The transHuman Code ග්‍රන්ථයේ උප කතුවරයෙක් වෙන David Fergusson විසින්. Inside Edition සමග පැවති සාකච්ඡාවක් අතරතුරදි ඔහු පැවසුවේ ඔිනෑම app එකක terms of service කියවා එකග වීම ඉතා වැදගත් බව.

Faceapp නිර්මාණය වෙන්නේ රුසියාවට අයත් ආයතනයක් විසින්. ඔවුන් විසින් දන්වා සිටිනවා පැය 48ක් ඇතුළත ඔවුන්ගේ දත්ත ගබඩා වලින් අපේ ඡායාරූප ඉවත් කරන බව. ඒ වගේම photo gallery එකම ඔවුන් access කරන්නේ නැති බවත්, ඔවුන් පාවිච්චි කරන්නේ අපි ලබාදෙන ඡායාරූපය පමණක් බවත් ඔවුන් නිවේදනය කරනවා. මෙතනදී David Fergusson විසින් මේ සාකච්ඡාව අතරතුර පවසන ලද කරුණකින් මේ ලිපිය මම අවසන් කරන්නම්.

“What I would advise is that people become clearly aware of just what they’re committing themselves to, … Be aware of what’s being asked of you. This FaceApp is not all fun and games. … Far too many people have made an uninformed decision to participate in this program ”

සුභ දවසක්, නැවත හමුවෙමු…

මූලාශ්‍රය : https://www.insideedition.com/faceapp-dangerous-your-privacy-54533