Facebook කියන්නේ මොකක්ද කියලනම් මම හදුන්වලා දෙන්න යන්නේ නැහැ, මොකද ඒ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැති නිසා. Facebook අපේ වැඩිහිටියන් අතර කතාබහට හේතු උනා, mark zuckerburg නීති වේදීන් හමුවේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දීම, සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුව ඔහු නිරුත්තර වුන හැටි. මේ වගේ දේවල් නිසා. Cambridge Analytica Data Scandal වගේ බොහොම අපකීර්තිමත් සිද්දියකින් පස්සේ, facebook ආයතනය අමුතු වැඩකට අත තියල තියෙනවා.

ඒ තමයි facebook dating feature එක. ලෝකයේ දැනට පවතින හොදම dating app එක තමයි Tinder කියන්නේ. මේ app එකට පවා මේ දැනුම්දීම තර්ජනයක් ගෙනවිත් දෙන්න සමත් වෙලා තියෙනවා. මේක කියවන ඕනෑම කෙනෙක් කැමති වේවි ඇත්තටම මේක සිද්දවෙන්නේ කොහොමද කියලා පැහැදිලි අවබෝධයක් ලබාගන්න. මේකෙදි මුලින්ම ඔබට තියෙන්නේ profile එකක් create කරන්න. මේකට පාවිච්චි වෙන්නේ ඔබේ පළමු නම විතරයි. මේ dating feature එක ලබාගත්තු ඔබේ මිතුරන් නොවන අයට පමණක් මේ profile එක දර්ශනය වේවි. ඒ වගේම මේක news feed එකේ දර්ශනය වෙන්නෙත් නැහැ. ඔබට තියෙන්නේ ඔබේ dating option එක unlock කරන්න. එතකොට ඔබට පුළුවන් මේ විදියට මේක unlock කරපු අයගේ profiles බලන්න. බලන්න කියුවට බොහොම සීමිත ඡායාරුප ගණනක් තමයි පෙන්වන්නේ. Mark Zuckerburg මෙම දැනුම්දීම ආරම්භ කරන මොහොතේදීම අසනවා, ඔබ දන්නවද ලෝකයේ ආදර සම්බන්දතා වලින් 3න් 1ක්ම online තුලින් ඇතිවුන ඒවා බව? මේ අලුත් feature එක මගින් මෙම බැදීම් තවත් ශක්තිමත් කරාවි.

ඔබට හිතෙනවනම් එතන කෙනෙක් ඔබට ගැලපෙනවා කියලා, ඔබට පුළුවන් ඒ කෙනත් එක්ක සංවාදයක යෙදෙන්න. මේ සංවාදය යෙදෙන්නේ විශේෂිත inbox එකක් තුල. messenger හෝ whatsapp නෙමෙයි. මේ තුලින් යවන්න පුළුවන් texts විතරයි.

Tinder App එක බිදවට්ටන්න facebook app එකට පුළුවන්ද ?

ඔබ දන්නවද දැනටමත් මේ හදුන්වාදීම කරන බවට කල දැනුම් දීමට පවා Tinder app එකේ ප්‍රධාන ආයෝජනකරුවන් සලිත වී තිබෙනවා පමණක් නෙවෙයි ඔවුන් නැවතත් Tinder තුල අයෝජනය කිරීම පවා තිබෙන්නේ සැක සහිත මට්ටමක. ඔබ විශ්වාස කරන්න තවම පර්යේෂණ මට්ටමේ ඉහලටවත් ඇවිත් නැති මේ mark විසින් කරන ලද මේ හදුන්වාදීම නිසා Tinder වල වෙළදපොල 17%කින් පහල වැටි ඇති බව. මේ facebook feature එක පැමිණි කාලයක dating apps වලින් කාටවත්ම ප්‍රයෝජනයක් නැති වේවි.

නැවත හමුවෙමු…

Source : https://techcrunch.com/2018/05/01/facebook-dating/