Facebook කියන්නේ දත්ත ගබඩාවක්. ඒ වගේම 2018 වසර Facebook ආයතනයට එතරම් හොද වසරක් වුනේ නැහැ. මීට සුළු මොහොතකට කලින් Facebook විසින් තහවුරු කරනු ලැබුවා ආරක්ෂාවේ ගැටළුවක් නිසා මේ වන විටත් මිලියන 50කගේ දත්ත පිටතට ගිහින් අවසන් බව.

Facebook ආයතනය කියන විදිහට attackersලා විසින් View As නම් වුනු feature එකේ vulnerability එකක් ප්‍රයෝජනයට අරන් තමන්ගේ පාරිභෝගිකයන්ගේ ගිණුම් වලට පහසුවෙන් ඇතුල් වෙලා කියන කාරණාව. අද සෙනසුරාදා දවස. ඔවුන් මේ ගැටලුව හදුනාගත්තේ අඟහරුවාදා දවසේදී. තමන්ගේ දත්ත විකිණීම වගේම තමන්ටත් හොරෙන් පැහැරගෙන යාම වගේ කරුණු උඩ ඉතා හොද තැනක් උසුලන Facebook, Cambridge Analytica වගේ විශාල සිද්ධියකින් පස්සේ මේ වගේ ලොකු ගැටලුවකට මුහුණ දුන්න මීලග අවස්ථාවයි මේක.

මේ ගැන අදහස් දක්වන්න එකතු වුනේ Product Management කණ්ඩායමේ Vice President විදිහට කටයුතු කරන Guy Rosen.  මේකේ විශේෂත්වය වෙන්නේ මේ මිලියන 50ගේ දත්ත මේ වන විටත් 3rd party company එකක් සොරාගෙන අවසන් බව ඔවුන් තහවුරු කරගැනීම. සිකුරාදා උදෑසන Guy Rosen මාධ්‍ය හමුවට එන වෙලාව වෙද්දී ඔවුන් මේක සකසා අවසන්. මේ attack එකට ලක්වුණු සියලුම ගිණුම් වලට ඔවුන් ඇතුල් වෙලා දත්ත වල සුරක්ෂිත බව තහවුරු කරලා තවත් මිලියන 40කගේ දත්ත ගිණුම් ඔවුන් පරික්ෂාවට ලක් කළා වැඩි ආරක්ෂාවට. Facebook තහවුරු කළා තමන්ගේ system එක පාවිච්චි කරන අනෙකුත් sites පවා මේ නිසා attack වීමට ඉඩ  ඇති බව. ඒ වගේම මේ සිද්ධියෙන් පස්සේ ඔවුන් පවසනවා ඔබට ඔබගේ Password මාරු කිරීමේ අවශ්‍යතාවයක් පන නගින්නේ නැති බවට.

මොකක්ද මේ View As?

View As කියන්නේ Privacy Feature එකක්. මේකෙන් ඔබේ ගිණුම අනික් අයට පේන විදිහ නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ තුල තිබුන Facebook Access Tokens වලින් තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ Tokens පාවිච්චි වෙන්නේ log වුන කෙනෙක්ට නැවතත් ගිණුමේ password එක ඇතුල් නොකර නැවත ගිණුමට ඇතුල් වෙන්න.

Guy Rosen පවසනවා “People’s privacy and security is incredibly important, and we’re sorry this happened.” සමාව ගැනීමෙන්ම පමණක් මේ වගේ මහා ප්‍රශ්නයක් විසදන්න පුලුවන්ද කියන එක මගේ ඔලුවට එක පාරටම ආවේ. ඔබ විශ්වාස කරන්න, මේ මිලියන 50 ඇතුලේ Mark Zuckerberg වගේම Facebook COO වුනු Sheryl Sandberg පවා ඇතුලත්. Facebook වල ආරක්ෂාව මිට වඩා ඉහල මට්ටමක පැවතිය යුතුයි කියන කරුණ GGSLK අපි facebook කලින් ලිපි වලදී පවා සදහන් කළා. නිතරම සිහියේ තබා ගන්න ඔබේ පෞද්ගලික දත්ත ඔබේ වගකීමක් කියන කරුණ. අද ඔබ වැදගත් තොරතුරක් යවන්න Facebook පාවිච්චි කරන්න පුළුවන්. නමුත් හෙට වෙනකොට මේක වැරදි කෙනෙක් අතට යනවනම් ඔබට නැවතත් මේ තුල ඔබේ වටිනා දත්ත තබනවාද කියන කරුණ ගැන සිතන්නට කාලය ඇවිත් කියා අපි සිතනවා.

Guy Rosen ගේ මාධ්‍ය නිවේදනය මෙතනින් ලබාගන්න.

නැවත හමුවෙමු …

Source : https://www.wired.com/story/facebook-security-breach-50-million-accounts/