Facebook වෙතින් ගෙන එන Clear History Tool එක දැන් ලෝ පුරා සියලුම රටවල්වලට activate වී ඇති බවට Mark Zuckerburg පසුගියදා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉතින් මේ අලුත් ආරංචියත් එක්කම, Facebook Clear History Tool එක ගැන දැනන් හිටියේ නැති අයට ඒ ගැන දන ගන්නත් එක්ක, ඒ ගැන කෙටි ලිපියකින් ඔබ සියලු දෙන හමුවෙන්නට ලැබුනොත් හොඳයි කියලා හිතුනා.

මොකද්ද මේ Facebook Clear History Tool එක?

ඔබත් නිතරම Facebook භාවිතා කරන කෙනෙක් නම් එහි සැරිසරද්දැදී විවිධ websites සහ ව්‍යාපාර වලින් ඔබ වෙත ගෙන එන වෙළඳ දැන්වීම් වගේ දේවල් ඕන තරම් දැකලා ඇති. සමහර වෙලාවට කෙනෙක්ට ඒ වගේ දේවල් වදයක් වෙන තරමටම එහෙම දේවල් දකින්න ලැබෙනවා. මේක සිදු වෙන්නේ මෙන්න මෙහෙමයි. හිතන්නකෝ ඔයා online store එකකින් සපත්තු කුට්ටමක් මිලදී ගත්තා කියලා. එතකොට ඒ ව්‍යාපාරික සමාගම Facebook වල business tools හරහා ඒ තොරතුර Facebook සමග share කරනවා. මේ තොරතුරු oyaඔයාගේ Facebook account එකේ Off-Facebook Activity යටතේ store වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියේ ප්‍රතිපලයක් විදියට තමයි ඒ online store එකේ යම්කිසි වට්ටම් ලබා දීමක් ගැන හරි නැත්නම් online store එකට අලුතින් එකතු වුන භාණ්ඩ ගැන දැන්වීම් වගේ දේවල් ඔයාට Facebook හරහා දකින්න ලැබෙන්නේ.

මෙන්න මේ ගැටලුව මගහරවා ගන්න ක්‍රමයක් විදියට යොදා ගන්න පුලුවන් tool එකක් තමයි මේ Clear History Tool කියන්නේ. ඒ හරහා ඔයාගේ Off-Facebook Activities manage කරන්න ඔයාට අවස්ථාව ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි එකෙන් ඔයාගේ history එක clean කරන්න වගේම විවිධ කාණ්ඩ යටතේ ඔයාගේ තොරතුරු දැකගන්නත් හැකියාව තියෙනවා.

මුලින්ම Clear History Tool එක හඳුන්වා දුන්නේ කොයි කාලේද?

මේ tool එක මුලින්ම හඳුන්වලා දුන්නේ 2018 අවුරුද්දේ Facebook සමාගමේ වාර්ෂික F8 Developer Conference එකේදී. ඊට මාස කීපයකට පසුව මේ tool එක රටවල් 3ක වගේ activate කෙරුණත් තාක්ෂණික දෝෂ කීපයක් නිවැරදි කිරීමට තිබූ නිසා අනෙක් රටවල් සඳහා මේ tool එක ලබා දීම ප්‍රමාද වුණු බව තමයි මේ ගැන තවදුරටත් විස්තර දක්වමින් සඳහන් කරලා තිබුණේ.

කොහොම වෙතත් ඔයත් තාම මේ tool එක භාවිතා කරලා බලල නැත්නම් Settings —> Your Facebook Information —> Off-Facebook Activity හරහා මේ tool එක access කරලා Clear History එක හරහා ඔයාගේ account එකේ Off-Facebook Activity history එක disconnect කරන්න අවස්ථාව ඔයාටත් තියෙනවා.

නැවතත් හමුවෙමු…