සාමාන්‍යයෙන් සෑම සමාජ ජාල වෙබ් අඩවි වගේම සෑම ආයතනයක් සතුවම තමන්ටම අයිති සීමාවක් තිබෙනවා. මේ තුල තමන්ගේ සේවා දායකයන්ගේ sensitive information වගේම public information පවා අන්තර්ගත වෙනවා. බැරි වෙලාවත් මේවාගේ අන්තර්ගතයන් රටේ ආරක්ෂාව ගැන ගැටලුවකදී ඕනේ වුනොත්? හැබැයි ඒ දත්ත නිරාවරණය වීම තමන්ගේ වසර ගණනාවක මහන්සියක් අපතේ යාමක්නම්… ආයතනයක් සෑහෙන්න අසරණ වේවි.

මේ පුවත පැමිණුනේ ඇමරිකාවෙන්. මේ ගැටලුවට මුහුණ දුන්නේ අපේ ආදරණිය Facebook ආයතනය. මේ ආයතනය මෙහෙයවන Messenger application එක තමයි මේ ගැටලුවේ ප්‍රධාන කෙනා වෙන්නේ. ඇමරිකාවේ Department of Justice එහෙමත් නැත්නම් නීති දෙපාර්තුමේන්තුව විසින් සැකකරුවෙකුට අදාල තොරතුරු Messenger application එක තුල අඩංගු වෙනවා කියන කරුණ මත එහි end to end encryption එක කඩන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා. මේක Facebook ආයතනයටනම් සෑහෙන ලොකු ප්‍රශ්නයක් වේවි.

End to end encryption එකකදී සිද්ධවෙන ප්‍රධාන කරුණ තමයි, conversation එකේදී සහභාගී වන අය හැර වෙන කාටවත් එය බලන්න බැරිවීම. මේ දත්ත වලට Facebook ආයතනයට පවා access නැහැ. මේ පිළිබදව කිසිම තොරතුරක් එලියට නිකුත් නොකරන්නට මේ සියලු පාර්ශව ප්‍රවේශම් වෙනවා. Facebook ආයතනය පහුගිය කාලය පුරාවටම විවිධ ගැටළු වලට මුහුණ දුන්නා. Cambridge Analytica ගැටලුව වගේ සැහෙන ලොකු ප්‍රශ්න වලට ඔවුන් මුහුණ දුන්නා. ඒ වගේම අනික් කරුණ තමයි ඔවුන් මේ End to end encryption ඉවත් කිරීම මගින් බිලියන ගණනකගේ දත්ත නිරාවරණය වෙනවා වගේම මේකට අලුත්ම algorithm එකක් යෙදීම සිටම මේක විශාල ගැටළුවක් වේවි.

ඔබට මතකනම් 2015දී California වල සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධව Apple සමාගමෙන් තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවකදී මේවා ලබාදීම Apple විසින් ප්‍රතික්ෂේප කළා. බලමු Facebook ආයතනය මොන වගේ පියවරක් කර ගමන් කරයිද කියලා. නීතියට අවනත වේවිද? නැත්නම් බිලියන ගණනකගේ ජිවිත අනතුරේ හෙලයිද කියන දේ…

නැවත හමුවෙමු…

Sources: https://www.theverge.com/2018/8/17/17725368/us-government-facebook-messenger-app-encryption-ms-13

SHARE
Previous articleBusiness Intelligence (BI)
Next articleහැමතැනින්ම ඇහෙන Inspiro Camp 2K18!
mm
Chief Technology Officer of GGSLK | Organizer of Google Crowsource | Technical Writer of WindowsGeek | Former President of Association of Rajarata Information and Communication Technology | PHP Developer of Prudential Shipping Lines (PVT) LTD.