Firebase තාක්ෂණය මගින් Web application server side එකක් නොමැතිව Develop කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබෙනවා. Firebase මගින් Develop කරද්දී ඉතා වේගයෙන් හා පහසුවෙන් Web application Develop කිරීමේ හැකියාව තියෙනවා. තවද, Firebase භාවිතයෙන් අධික සේවා සැපයුමකට server හෝ REST API හෝ කුඩා Configuration  කර අපට අවශ්‍ය සේවාවන්  ලබා ගන්නට ඉඩ පහසුකම් සලසා දී  තිබෙනවා. මෙමගින් Data store කරන්න. Users verify කරන්න සහ implementing access නීති වගේ අත්‍යවශ්‍ය පියවරයන් ඉතා පහසුවෙන් සහ වේගවත්ව සිදු කරන්න පුළුවන්.

IOS, OSX, Web, Android කියන ඕනෑම platform එකක ක්‍රියාකරවන්න පුළුවන්. Firebase භාවිතා කරලා හදපු Application එකක Data control කරන විදිය සහ use කරන විදිහ හෝ Data store වෙලා ඒවා විවිධ Application වල Synchronize වෙන විදිය ගැන අපි වද විය යුතු නැහැ. මොකද Firebase ඒ හැම කාර්යක්ම Real time කරලා දෙනවා. ඒ වගේම server side code කිරීමක් හෝ විවිධ සංකීර්ණ server framework වල අපි හදන Application එක යෙදවෙන විදිහ වෙන වෙනම code කිරීමට අවශ්‍ය නොවේ. තව බොහොමයක් දේවල්  Firebase මගින් පහසුකම් ලබා දීලා තිබෙනවා.

Firebase වල Data ගබඩා වන්නේ JSON මගින්. ඉතින් ඔබ ගබඩා කරන දත්ත ඔබට ඒ විදිහට පෙන්වනවා. තවද Angular JS framework වගේ framework මෙහි තිබෙන නිසා ඔබගේ Application එක කෙටි කාලයකින් හදා ගන්න පුළුවන්.

පහල රූපයේ පෙන්නලා තියෙන්නේ Firebase මගින් කර ගත හැකි කාර්යයන් ටික.

මෙම වගුවෙන් පෙන්වන්නේ Firebase භාවිතා කරලා හදලා තියන site ප්‍රමාණය සහ ඒවායේ Category ටික.

මේ ගෙන තව විස්තර මෙම ලින්ක් එකෙන් ඔබට බලගන්න පුලුවන්.