Mozilla ගැන අපි වැඩියම GGSLK එකේ කතා කලේ නැහැ. අද කියන්න යන්නේ mozilla foundation එකේ අලුත්ම නිෂ්පාදනය ගැන. Internet for People not for Profit කියන vision එක යටතේ ඉදිරියට යන Mozilla Open Source මෘදුකාංග වලට හැමදාමත් තැනක් ලබාදුන්නා. ඔවුන් සතුව විශේෂිතම වුනු නිෂ්පාදන ගණනාවක්ම පැවතුණා. Firefox Web Browser එක, Mozilla Thunderbird email එක, Firefox Focus කියන Privacy Focus කරගත්ත Browser එක, Bugzilla කියන Bug Tracker එක,Mozilla Sunbird මේ සේරම Mozilla අයගේ නිපැයුම් තමයි.

මේ අලුත් නිෂ්පාදනය තමයි Firefox Lite. ගොඩක් කාලයක ඉදන් Browsers පාවිච්චි කරන අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි browsers පාවිච්චි කරද්දී දුරකථනය slow වෙනවා එහෙමත් නැත්නම් lag වෙනවා කියන දේ. තවත් ප්‍රශ්නයක් තමයි විනාඩි පහයි පාවිච්චි කලේ, data ටික ඉවරයි කියන කතාව. මේවට ආපු හොදම විසදුම විදිහට firefox lite recommend කරන්න පුළුවන්. ඔබ විශ්වාස කරන්න මේ browser එක 3.5MB වලට වැඩිය ප්‍රමාණයෙන් කුඩායි. ඔබට බයක් තියෙනවනම් අලුත් browser එකක් දාගන්න ගිහින් memory මදි වෙයි කියලා, ඔබේ memory එක දන්න එකක්වත් නැහැ මෙහෙම app එකක් තියෙනවද කියලා.

ඔබ firefox lite දුටුවානම් කලින් ඔබ දකින්න ඇති lightning fast browsing experience කියන වචන කණ්ඩය. මෙය සතුව පවතිනවා turbo mode නම් විශේෂ feature එකක්. ඔබට පුළුවන් මෙය පාවිච්චි කරලා browser එකේ speed එක වැඩි කරගන්න. මේ turbo feature එකට පුළුවන් ඔබ යන වෙබ් අඩවියෙන් මතුවෙන tracking ads block කරන්න. තවදුරටත් data ඉතුරු කරගන්න ඕනෙනම් browse කරන වෙලාවට images blocking feature එක on කරගන්න. Firefox Focus කියන්නේ Privacy අරමුණු කරගත්ත Browser එකක්. නමුත් මේ Focus වගේම Lite app එකත් ඒ ගැන හිතල තිබුණා. Browse කරන්න පුලුවන්නම් ඕනෑම දෙයක් trace කිරීමකින් තොරව, එක userගේ හිතට සැනසීමක්. History එකක් නැහැ, Passwords නැහැ, Cookies තියාගන්නේ නැහැ  වගේ පහසුකම් ගොඩක් එක්ක private browsing mode එකක් මෙය සතු වෙනවා.

ඔබ browse කරද්දී දකිනවා එක පාරටම වැදගත් ලිපියක්, (මේ වගේ) එත් ඔබට කියවන්න වෙලාවක් නැහැ. Lite app එකේ ඔබට පුළුවන් මේ ලිපිය අඩංගු මුළු පිටුවේම screenshot එකක් ගන්න. මේ වෙබ් අඩවියේ ලින්කුවත් auto save වෙනවා ඔබේ දුරකතනයේදීම. ඒකත් මෙහි වාසියක්. ඔබ නිදිවර්ජිතව යම් වැඩක් කරනවානම් දුරකතනයේ,  ඔබ දන්නවා අදුරේදී මේ ආලෝකය ඔබේ ඇසට සුවපහසු නැහැ කියන දේ. ඒකයි Firefox lite සතුව විශේෂ feature එකක් වන night mode පවතින්නේ. මෙය on කලාම ආලෝකය ඇසට අමාරු නොවෙන මට්ටමකට එනවා වගේම ඕනේ තරම් වෙලා වැඩ කරන්න ඔබේ බැටරිය පවා ඉතුරු කර දෙනවා. සමහර browsers තිබෙනවා එක වරකදී download කරන්න දෙන්නේ එක දෙයක් පමනයි. මේක හරිම කරදරයක්. මේ නිසාම Firefox lite හදුන්ව දෙනවා parallel browsing downloading ඔවුන්ගේ browser එකට.

ඔබ අඩුම ගානේ දන්නවද ඔබ උදේ හවස පාවිච්චි කරන browser එකේ features ටිකවත්? කෙනෙක්ට ඕනෙකමක් හිතුනනම් මේක download කරගෙන ඔබේ default browser එක වෙනුවට පාවිච්චි කරලා බලන්න මෙන්න ලින්කුව. මේක හොදයිද නැද්ද අපි කියපු දේවල් ඇත්තද බොරුද? මේකේ අඩුපාඩු ඕනේ දෙයක් comment කරන්න. මෙතෙක් කාලයක් අපිට ශක්තියක් වුන ඔබ හැමෝටම ස්තුතියි.

නැවත හමුවෙමු…