IT field එකේ සිටින වගේම නොසිටින බොහෝ දෙනෙක් දන්නා දෙයක් තමයි free and open source software කියලා කියන්නේ.සමහර software මුදල් ගෙවා ලබා ගත යුතු වෙද්දී open source software නොමිලේම ලබා ගෙන භාවිත කිරීමේ හැකියාව ඔබට තියෙනවා.ඉතින් මෙවන් ප්‍රතිලාබ රැසක් ලබා දෙන free and open source software මත පදනම්ව ගොඩනැගුනු Sri Lankan community එක “FOSS Sri Lanka” ගැනයි අද අපි කියන්න සුදනම් වෙන්නේ!

එහෙනම් අපි බලමු කොහොමද මේක ආරම්භ වෙන්නේ, මොනවද මේ තුලින් අපට ලැබෙන්නේ සහ ඔවුන්ගේ ඉදිරි වැඩ පිළිවෙල කොහොම වෙයිද වගේ දේවල්.

කොහොමද FOSS Sri Lanka ආරම්භ වෙන්නේ?

FOSS community එක ලංකාවේ ආරම්භ වෙන්නේ වර්ෂ 2005 දී.ඇත්තටම මේකට මුලිකත්වය ගන්නේ Dr.Sanjeewa Weerawarana සහ තවත් free and open source softwares ගැන දැඩි උනන්දුවක් තියෙන මෙහි වටිනාකම් හදුනාගත් පිරිසක් විසින්.FOSS.LK කියලා මේ community එක website එකකුත් සමග ලංකාව තුල 2007 වර්ෂයේදී කෙමෙන් දියුණු වෙන්න පටන් ගෙන තිබෙනවා.අද වෙනකොට LSF එකත් සමග එකතු වී foss එක ඔවුන්ගේ කටයුතු වැඩ හොදින් කරගෙන යනවා.

මෑතකදී ඉදන් යලිත් Foss Sri Lanka නිරන්තරයෙන් facebook,Twitter වගේ මාධ්‍ය හරහා දකින්නට ලැබෙනවා.ඇත්තටම මේ වෙනකොට මෙහි ප්‍රධාන චරිත කිහිපයක්ම සිටිනවා.ඉතින් මොවුන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ open source softwares වල වටිනාකම සමාජය වෙත රැගෙන යාමත් මිනිසුන් මේ වෙනුවෙන් උනන්දු කිරීමත්.

මොනවද මේ තුලින් අපට ලැබෙන්නේ?

ඇත්තටම දැන් ඔබ සිතනවා ඇති මේ තුලින් ඔබට අත්වෙන ප්‍රයෝජන මොනවද කියලා.ඒ ගැන කියන්න කලින් මන් ඔබෙන් මෙහෙම ඇහුවොත්!

ඔබේ computer එකේ මේ වෙනකොට භාවිත කරන operating system එක මොකද්ද කියලා!

ඔව්.ඔබ බොහෝ දෙනෙක්ගේ පිළිතුර windows වේවි.නමුත් windows use කරන බහුතරය අතරින් ඉතාමත් සුළු පිරිසකට තමයි original license තියෙනවා ඇත්තේ.මිට හේතුව original license ලබා ගැනීමට යම්කිසි මුදලක් වැය කිරීමට සිදු වීම.ඇත්තටම ඔබ free and open source software ගැන දැනුවත් නම් තත්වය මිට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඔබට පුළුවන් මුදල් වැය කිරීමකින් තොරවම හොද operating system එකක් select කරගන්න.හරියට ubuntu , freeBSD , OpenSolaris , ReactOS වගේ.

Operating system වලට පමණක් නම් මේක සීමා වෙන්නේ නැහැ.ඒ හැරුනම බොහෝ මුදල් ගෙවා license ලබා ගෙන පරිහරණය කලයුතු software වලට alternatives, foss හරහා ඔයාට ඉගෙනගන්න පුළුවන්.

FOSS Sri Lanka ඉදිරි වැඩ පිළිවෙල කොහොම වෙයිද?

ළගදීම Foss Sri Lanka තවත් communities කිහිපයක් සමගම එක්ව ලොකු වැඩක් කරන්නට යන බව තමයි ආරන්චි.ඒ මොකක්ද කියලා කියනවනම් පහු ගිය අවුරුද්දේ open source enthusiasts ලා රැසකගේ සහභාගිත්වයෙන් පැවති ආකාරයටම මේ අවුරුද්දෙත් Software Freedom Day 2018.මේ event එක ගැනත් වැඩි විස්තර අපි ඉස්සරහට බලමු.කොහොම නමුත් මේ event එකට මුලිකත්වය ගන්නේ Foss Sri Lanka  විසින්.

 

මිට අමතරව පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාල ශිෂ්‍යයා වගේම වෘත්තීය මට්ටම දක්වාම මිනිසුන් මෙම foss වෙනුවෙන් උනන්දු කිරීමට Foss Sri Lanka සතුව විශේෂ වැඩ පිළිවෙලක් තිබෙනවා.ඔවුන්ගේ facebook පිටුව හරහා twitter පිටුව හරහා සිදු කෙරෙන දැනුවත් කිරීම් සහ ඔවුන්ගේ blog අඩවිය හරහා ලියවෙන ලිපි ඒ අතුරින් කිහිපයක්.තව දුරටත් සෑම මාසයක් අවසානයේම ඔවුන් විසින් සංවිධානය  කරන්නට යෙදෙන meetup එකත් මේ වැඩ පිළිවෙලේ කොටස් ලෙස දක්වන්න පුළුවන්.

Foss Sri Lanka ගැන විස්තර මේ විදියට පෙලගැහෙද්දි ඔයා තාමත් foss Group එකේ member කෙනෙක් නොවෙයි නම් ඉක්මනින් එකට join වෙන්නත් ඒ වගේම foss ගැන ඔයාට තියෙන ඕනෑම ගැටළුවක් group එකෙන් අහන්නත් අමතක කරන්න එපා.

අපි අයෙමත් හමුවෙමු මේ වගේම තවත් අලුත් දෙයක් ගැන අලුත්ම විස්තරත් එක්ක!