Mobile phones නිසා අද යන එන ගමන් වුනත් mails check කරන එක අපිට පහසු වගේම සමාන්‍ය දෙයක් වෙලා. ඒත් ඒ mails වලට reply යවන එක.. එකටනම් අපිට ටිකක් හිතන්න වෙනවා වගේම අපේ වෙලාවකුත් වැය වෙන වැඩක් නේද? ඒ mails වලට reply කරන්න ඕනේ විදිය ගැන suggestions දෙන්න කෙනෙක් ඉන්නවා නම් ඒක අපිට ලොකු පහසුවක් වගේම අපේ වෙලාවත් ඉතුරු කරනවා නේද?

මෙන්න මේ පහසුව අපිට ලබා දෙන්න තමයි G mail සදහා අළුතින් Smart reply කියලා විශේෂාංගයක් හදුන්වලා දීලා තියෙන්නෙ. මේ පහසුව G mail වල Android සහ iOS කියන version දෙකටම ලැබෙනවා. මේ ගැන අපිට මුලින්ම දැනගන්න ලැබෙන්නෙ මේ අවුරුද්දේ Google I/O වලදි.

Smart reply කියන්නේ G mail සදහා අළුතින්හදුන්වා දෙන විශේෂාංගයක් වුනාට G mail අළුතින් හදුන්වා දීපු Inbox කියන app එකේත් Allo වලත් අපිට Smart reply දැක ගන්න පුළුවන්.

මෙතනදී වෙන්නෙ අපිට ආව mail එක පදනම් කරගෙන responses 3ක් Smart reply මගින් අපිට suggest කරන එකයි. මේ responses 3න් එකක් තෝරගෙන ඒ response එක edit කරලා හෝ නොකර send කරන්න අපිට පුළුවන්.

මේක හරිම සරල දෙයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් Smart reply කොහොමද හරියටම ගැලපෙන suggestions 3ක් අපිට දෙන්නේ. ඇත්තටම මේක ඇතුලේ ලොකු දෙයක් සිද්දවෙනවා.  මෙහිදි response යවන්න ඕන mail හදුනාගන්න වගේම ගැලපෙන response නිපදවන්නත් machine learning භාවිතා කරනවා.

 

මෙහිදී වෙන්නෙ user සාමාන්‍යයෙන් reply කරන විදිය අනුව suggestions දෙන එකයි. අපි හිතමු ඔබ නිතරම Thanks. වෙනුවට Thanks! කියලා භාවිතා කරන පුද්ගලයෙක් කියලා. Smart reply ඒ අනුව ඔබට response එක suggest කරාවි.

මේ Smart reply සේවාව දැනට English සහ Spanish කියන භාෂා වලින් විතරයි තම සේවාව සපයන්නේ. ඉදිරියේදී තවත් භාෂා කිහිපයකින්ම මේ Smart reply සේවාව අප ඉදිරියට ඒවි.