ලංකාවේ අයට ගජමෑන් කියන්නේ අලුත් කෙනෙක්නම් නෙමෙයි. කැමිලස්ගේ ගජමෑන් පත්තරයත් එක්කම ලංකාවේ සිනහව ප්‍රිය කරන මිනිස්සු එකතු වුණා කියන්න පුළුවන්. ගජමෑන් නිර්මාණය වෙන්නේ කැමිලස් පෙරේරා කියන පුවත්පත් කාටූන් ශිල්පියා මගින්. රටේ සිද්දවෙන හා සිද්දවුන දේවල් හාස්‍යජනක ස්වරූපයකින් සමාජය වෙත ගෙනයන්න තමයි ඔහු මේ ගජමැන් යොදාගන්නේ.

1966දී කැමිලස් නිර්මාණය කරනවා “දැක්කොත් පද්මාවතී ” චරිතය. ඒ ලේක් හවුස් සිනමා සගරාවට. ගජමෑන් චරිතය බිහිවෙන්නේ 1972දී. මේ “කැමිලස්ගේ ගජමෑන්” සගරාව ලක්ෂ දෙක ඉක්මවා විකිනිමත් එක්කම කැමිලස් තවදුරටත් උත්තේජනය වුණා කිවුවොත් හරි. “කැමිලස්ගේ සමයන්” වගේම “කැමිලස්ගේ ගජමැන්-2” ත් අති සාර්ථක විදියට අලෙවි වීමේ ප්‍රතිපලයක් විදිහට “කැමිලස් ප්‍රකාශන” ආරම්භ වෙනවා. ඇත්තම කියනවනම් “කැමිලස්ගේ ගජමැන්” සගරාවට දැන් වසර 50කටත් වැඩි. කැමිලස් තමන්ගේ චරිත වලින් ලංකාව හිනැස්සුවා වගේම ලංකාවේ සුපිරි වැඩ්ඩෝ ටිකක් අතගහලා තියෙනවා ගජමැන් ඔබට 3D චිත්‍රපටියක් විදිහට ගෙන එන්න.

Studio 101

කව්ද මේ කට්ටිය? මේ තමයි Studio 101. ලංකාවට 3D movies සිහිනයක් වුන යුගයක සිහින සැබෑ කරන්න හදන අපේ පරම්පරාවේ කොල්ලෝ සෙට් එකක් මේ. ගජමෑන් චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා වෙන්නේ චානක පෙරේරා. 3D කලාවේ පරතෙරටම ගිය කෙනෙක් විදියට හදුන්වන්න පුළුවන් කිසි වැරද්දක් නැහැ. Motion Capturing කියන තාක්ෂනය ලංකාවට අරන් ආපු Studio 101 මේ කරන වැඩේට මේ වන විට සැහෙන ප්‍රතිචාර තියෙනවා.

මේ තමයි ගජමෑන්. මෙයා වැඩකරන්නේ මගොඩිස් තුමා ලග. ගජමන්ගේ හොදම යාළුවා ඇම්ඩා. මගෝඩිස්ගේ දුව දැක්කොත් පද්මාවතී නොහොත් පද්මි. මේ චරිතවල නම් කීවා ඇති. මේ ගජමැන් චරිතයට හඩකවන්නේ අපේ ආදරණිය චුටි මල්ලි. ඇම්ඩාට හඩකවන්නේ පොඩි මල්ලි. දැක්කොත් පද්මාවතී චරිතය කරන්නේ යුරේනි නොෂිකා විසින්. මගොඩිස් තුමාගේ චරිතය කරන්නේ අපේ ප්‍රවීන ගායක සුනිල් පෙරේරා මහතා විසින්.

කැමිලස් මහත්තයාගේ ගජමැන් වගේම ඔහුගේම තවත් චරිත ගණනාවකටම පන දෙන්න අපේ කොල්ලෝ සෙට් එකට පුළුවන් වුණා. මේ ඉන්නේ දැක්කොත් පද්මාවතී. කතාව පටන්ගන්නේ මෙයා පිටරට ඉදන් ලංකාවට ගොඩ බහින මොහොතේ ඉදන්. ගජමැන්, දැක්කොත් පද්මාවතී, අපේ මගෝඩිස්තුමා, මේ පහල රුපයේ ඉන්න සෙල්ලන් සේන, ඒ වගේම කැමිලස්ගේ චූටි, ටික්කා සහ පැටෝ දැනටමත් කතාවේ ඉන්නවා කියල trailer එක බැලුවම දකින්න පුළුවන්. සෙල්ලම් සේන දැක්ක ගමන් වගේම කතා කරද්දී මටනම් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල චරිතයක් මතකයට ආවා. මේ වගේ අපිට දැනෙන්න කරපු සුපිරිම ගණයේ movie එකක් විදිහට මේ ගජමෑන් දක්වන්න පුළුවන්.

මෙන්න තියෙනවා trailer එක. කට්ටියගේ මේ අලුත් movie එක ගැන අදහසත් පහලින් දාගෙනම යන්න.

නැවත හමුවෙමු…