අද වෙනකොට game developers ලට තියන ලොකුම challenge එකත් තමයි තමන් හදන ගේම් එකට players ලව attract කරගන්න එක. ඔව් එක ඒතරම් පහසු කාර්යයක් නම් නොවෙයි.Game එක ඇතුළත කොයිතරම් interesting උනත් එකේ background mapping එක ගොඩක් වැදගත්.මොකද ඇසට පෙනෙන දේ මතයි ඕනෑම දෙයකට attraction එකක් අත්වෙන්නේ.

බොහෝ විද්වතුන්ගේ මතයට අනුව players ල බොහෝ දුරට කැමැත්තක් දක්වන්නේ realistic look එකක් තියන game එකකට.ඒ අය කැමතියි තමන් සැබෑ ජීවිතය තුළ අත්දකින දේවලුත් game එකක් තුළින් දකින්න.
Players ලගේ කැමැත්ත මේ වගේ තියෙද්දී platform එකට අවශ්‍ය පසුබලය Google Infrastructure එකෙන් ලබා ගෙන Google Maps APIs වෙතින් Gaming Offer එක අප අතරට ඇවිත් තිබෙනවා.මෙය developers ලට පුදුමාකාර පහසුවක්.මොකද google map API use කරන්න ඔයා Map Specialist කෙනෙක් විය යුතු නැහැ.

අපි දැන් බලමු මොනාද මේ හරහා developers ලට ලැබෙන වාසි කියලා.

  • බොහෝ දෙනෙක් ආස කරන global scale එකක dynamic experience එකක් ලබා දෙන්න පුළුවන්.

මොකද Google maps API එක භාවිතා කලොත් දහස් ගණනක් roads,landmarks,cafes සහ parks ඔයාගේ game world එකට support කරනවා.

  • SDK එක තුළින් ඔබට අවශ්‍ය භූගෝලීය දත්ත අවශ්‍ය ලෙසට පරිවර්තනය කරගැනීමේ හැකියාව ලබා දෙනවා.

උදා /- ගොඩනැගිලි වල වර්ණය වෙනස් කිරීම,නාම පුවරු ඇතුලත් කිරීම

  • Rich look එකක් වගේම ආකර්ෂණිය පෙනුමක් දෙන real world game එකක් වැඩි මහන්සියක් නැතුව develop කල හැකි වීම

වාසි ඒ විදිහට පෙළගැහැද්දි දැන් අපි බලමු මෙහි ප්‍රධාන සංරචක 3 මොනවාද කියලා

  • Google maps data මගින් ප්‍රවේශය ලබා ගැනීම
Google map කියන්නේ අද වෙනකොට නැතුවම බැරි දෙයක්.
ලොව පුරා බිලියන 2කට වඩා වැඩි සංඛ්‍යාවක් Google map use කරනවා.
අන්න ඒ නිසා මෙය නිරන්තරයෙන් update වෙනවා. ඒ නිසා මෙහි නිරවදනතාව ඉතාම ඉහලයි.
  • SDK for unity සදහා support කිරීම.
  • ක්‍රීඩා කිරීමට ගැළපෙන ස්ථාන එකතුවක API එකක් පැවතීම.

Google Map APIs Gaming offer ගැන වැදගත් ම තොරතුරු තමයි මේ.ඔයාට මේ ගැන තවත් දැනගන්න කැමති නම් පහත link සහ video භාවිත කළ හැකියි.