GDG එහෙමත් නැත්නම් Google Developer Group of Sri Lanka පසුගිය ජුනි 26 වැනිදා තමන්ගේ 9 වැනි උපන්දිනය සපුරා ගත්තා. GTUG Sri Lanka ලංකාවේ ආරම්භ කරන්න ප්‍රධාන චරිත දෙකක් පැමිණෙනවා. ඒ කෙෂාන් සංජය සෝදිමාන හා චරිත් මධුසංක. මේ දෙදෙනා මේ අවධිය වෙනකොට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේ. මේ GTUG කියන්නේ මොකක්ද? Google Technology User Groups තමයි මේ අකුරු හතරෙන් කියවෙන්නේ. Google වල Developer Technologies ගැන interest එකක් තියෙන අය වෙනුවෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ, මේක පසුකාලීනව වෙනස් වෙනවා GDG බවට. මෙහෙම වෙනස් වෙනකොට GTUG සතුව Chapters 348ක් තිබුණා, රටවල් 95ක් පුරාවට ඒ වගේම මාස 6ක් වගේ කුඩා කාලයක් ඇතුලත events 200+ කරන්නත් මොවුන්ට හැකි වුණා. ඇත්තටම කියන්න සතුටුයි මේ රටවල් 95 ඇතුලේ Sri Lanka Chapter එකක් අන්තර්ගත වුණා. වැඩි විස්තර සදහා ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්.
දැන් අපි කතා කරමු අපි දන්න GDG ගැන. Google Developer Group Sri Lanka සතුව ප්‍රධාන organizersලා කිහිප දෙනෙක් ඉන්නවා. මේ අයව නමින් දක්වනවනම් මිලින්ද සනෝජ් කුමාරගේ, ප්‍රමුදිත ඉමල්ක, උදය ගුණතිලක, තරිඳු රණතුංග, අශාන් මධුරංග, තාරක දේවින්ද, දිලිනි මධුභාෂිනී කියන ප්‍රධාන බල ඇණිය තමයි ඒ. තමන්ගේ ජිවිතේ සෑහෙන කාලයක් කැප කරලා රට පුරාම events කරලා මේ වසර නවය ඇතුලේ වසර විස්සකට වැඩි මහන්සියක් තුලින් තමයි ඔවුන් මේ ගමන පැමිණියේ. මේ අය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ප්‍රධාන events කිහිපයක් ගැන විස්තර ඉදිරිපත් කරන්නම්.
- Google I/O Sri Lanka
අපි කව්රුත් දන්න GDG අයගේ ලොකුම event එක තමයි මේක. Google I/O Sri Lanka 2014 event එකෙන් ආරම්භ වුනු මේ කතාව, අද වෙනකොට Google I/O Extended 2018 දක්වාම දුර ගමනක් ඇවිත් තිබෙනවා. හැම වසරකම Google I/O ප්‍රධාන event එකට සමගාමිව ශ්‍රී ලංකාවේ පවත්වන මේ event එකට ශ්‍රී ලංකාවේ සියලුම developing කරන පිරිස එකතු වෙනවා.
- Google Dev Fest
Developer Festival එක කියන්න පුළුවන් මේකට. 2017 Google Dev Fest event එක පැවැත්වුනේ Sri Lanka Institute of Information Technology ආයතනයේදී.
- Android Study Jam
Android හා Mobile development වලට කැමැත්තක් දක්වන අය වෙනුවෙන් පැවැත්වෙන event එකක් කියන්න පුළුවන් මේක.
- GDG University Outreach Programme
Google Developer Group එක හැමදාමත් ලංකාව වටේම ඇවිදලා outreach කරන set එකක්. SLITT, UCSC වගේම Rajarata, Jaffna වගේ විශ්ව විද්‍යාල වලට පවා ඔවුන්ගේ outreach සිද්ද වෙනවා.
තවත් events ගණනාවක්ම මොවුන් විසින් සිදු කළා.
- CodeLanka
- Janashakthi Appathon 2016
- GCP Next Extended Sri Lanka
- GCDC Hackethon Sri Lanka
- Coding in Google Go Lang
GGSLK අපි කෙනෙක්ව අගයන්න කැමැති ඔහු හෝ ඇයගේ ජිවිත කාලය තුලදී, නැතුව ඔවුන් ඒවගෙන් සමුගත්ත කාලයක් උදා වෙන්න කලින්. ඒත් එක්කම GDG සේනාවට තවත් වසර ගණනාවකටම වැඩ කරන්න සුභාශිෂණ එකතු කරන්න කැමතියි.
නැවත හමුවෙමු…