ලංකාවේ IT industry එක කියන්නෙ අද වෙනකොට ඉතාම සීඝ්‍රයෙන් දියුනු වෙන industry එකක්.අද වෙනකොට උසස් පෙල අවසන් වුනු ගමන් බොහෝ දෙනෙක් IT related course එකක් කරන්න පෙලඹේනවා.ඒ වගේම රජයේ විශ්ව විද්‍යාල ඇරුනාම පිලිගත් ආයතන මගින් බොහොමයක් IT related degrees offer කරනවා.ඉතින් රට ඇතුලේ මේ වගේ IT Trend එකක් තියෙද්දී අපිට දකින්න ලැබෙන තව පොඩි අඩුපාඩුවක් තමයි බොහොමයක් girls ලා මේ වෙනුවෙන් යොමු වෙන්නේ ඉතා සුලු වශයෙන්.පිරිමි ලමයි තමයි වැඩි පිරිසක් දක්නට ලැබෙන්නේ.තත්වය මේ වගේ තියෙද්දී අපි හැමෝ අතරම ප්‍රසිද්ධ WTM විසින් organize කරන monthly meetup එකේ September meetup එක අද දවසේදී ICBT හී පැවැත්වුනා.මේ පාර meetup එකේ විශේෂත්වය තමයි මෙවර කතා බහට ලක්වුනු මාතෘකාව. IT field එකේ ඉන්න බොහො දෙනෙක් ට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ career එක කොහොමද select කරගන්නේ කියන එක.Degree එක Software engineering හෝ information technology හා සම්බන්ද නම් මේ තොරතුරු ඔබටත් බොහෝ ප්‍රයෝජනවත් වේවී.

Girls Talk ආරම්භ වුනේ උදේ 9.30ට පමණ.meetup එකට 30කට ආසන්න පිරිසක් සම්බන්ද වෙලා හිටියා.පැමිනි සිටිය අයගෙන් බොහොමයක් රජරට විශ්වවිද්‍යාලයෙන් තමයි ඇවිත් හිටියේ.

Uthpala Weerakoon පැමිනි සිටි හැමෝවම පිලිගැනීමෙන් අනතුරුව meetup එක ආරම්භ වුනා.

ඔයා කැමති Software Engineer කෙනෙක් වෙන්නද?

මේ පිලිබද කතාබහ කලේ Krishnakripa Jayakumar(Associate Technical Lead of 99x Technology).ඇය සදහන් කරපු විදියට Software Engineer කෙනෙක් විදියට ඉදිරියට යන්න නම් ඔබට programming knowledge එක විතරක්ම තිබිලා මදියි.problem solving skill එකත් ඉහල මට්ටමක තිබිය යුතුයි.Software Engineer කෙනෙක් වීමට අවශ්‍ය technology part එක පිලිබදව අපිට අපි හදාරන degree එක තුලින් ලැබෙනවා.මේ පහතින් දැක්වෙන්නේ ඒ හා සම්බන්ද ඔබ අධයනය කල යුතු දේවල් අතුරින් කිහිපයක්.

Source Control tools

  • Github
  • Bitbucket

Editors

  • Sublime
  • Atom
  • Visual studio code

Continues Integration

  • Jenkins

UI frameworks

  • Angular
  • React JS

Developer Support

  • Chrome developer tools
  • Firefox developer tools

නමුත් මීට අමතරව අපි ලග තිබිය යුතු soft skills ගැනත් ඇය සදහන් කලා.

  • Communication
  • Interpersonal skills
  • Curiosity
  • Business mindedness
  • Adaptability
  • System thinking
  • Team player

ඉතින් මේක නම් ඔයාගේ career choice එක මේ තියෙන්නේ ඔයාට යන්න තියෙන journey එක.

Associate SE -> SE -> Senior SE -> Associate Tech lead -> Tech lead -> Senior Technical lead -> Associate Architect -> Architect -> Senior Architect -> VP software development -> Corporate management

Networking and Security පැත්තට ඔයා interest ද?

දවසේ second speaker!ඇය නමින් Suhanshini Somasundaram(Senior Security Analyst of SecurMatic Private Limited).Networking and computer security පැත්ත ගත්තම girls ලා බොහොම අඩු දෙනෙක් තමයි මේ පැත්ත තෝරගන්නේ.නමුත් ඇය සදහන් කරපු විදියට මේක හරිම interest ඒ වගේම බොහොම වගකීම් සහිත job ‍role එකක්.තවත් විදියකින් කියනවනම් 9 to 5 job category එකට include කරන්න නම් බෑ.

QA Side එකට හැඩගැහෙන්නේ කොහොමද?

QA side එක ගැන කතා කරන්නට යෙදුනේ දවසේ 3rd speaker Sajani Senavirathne(Senior Quality Assurance Engineer of Cambio Software Engineering).ඇය තම ජීවිතයේ IT field එකට අනුගත වුනු ආකරය අපි එක්ක බෙදාහදා ගන්නා ගමන්ම QA කියන job role එක ගැන කතා කරන්නට යෙදුනා.

ඇත්තටම මෙතන ඔබට choice දෙකක් තියෙනවා.

  • Manual tester
  • Automation tester

මේ අතුරින් ඔබ කැමති එක select කරගන්න ගමන්ම ඔබට හැකියාව තියෙනවා පහත courses follow කරලා ඔයට QA field එකට තියෙන qualifications sharp කරගන්න.

ISTQB

  • Foundation certification
  • Foundation Extension Certification
  • Advance Certification

මීට අමතරව ඇය සදහන් කරපු විදියට QA side එකෙ භාවිතා වන Technologies and tools තමයි මේ.

  • MarathonITE
  • selenium
  • TestingWhiz
  • TestComplete
  • Ranorex

ඉතින් මේ තියෙන්නේ ඔයාගෙ career choice එක QA නම් ඔයාට යන්න තියෙන journey එක.

Trainee QA ->AQA -> QAE -> AQAE -> AQAL -> QAL -> AQAL -> Architect -> Senior architect ->Principal QA

QA කෙනෙක් කියන්නේ product එකක last filter එක.ඉතින් එහෙම කෙනෙක් interview කරද්දී නිරන්තරයෙන් අහන්නට යෙදෙන ප්‍රශ්නයක් තමයි basic QA tests.මීට අමතරව ඉතා සරල ප්‍රශ්න ඔවුන් ඔබෙන් අහන්නට පෙලබෙනවා.ඉතින් මෙහිදී ඉතාමත් නිර්මානාත්මක පිලිතුරු ලබා දුන්නොත් ඒකෙන් ඔයාට පුලුවන් ලොකු වාසියක් ලබාගන්න.

BA ගේ role එක සරලව…

මේ ගැන කතා කලේ Lakshika Gurusinghe (Associate Business Analyst of Auxenta ).ඇයට අනූව Management side එකත් එක්ක relation එකක් තියෙන role එකක්.අපි product එකක් implement කරද්දී client සහ project team කියන දෙකොට්ඨාසයත් එක්කම ගනුදෙනු කරන්නේ මේ business analyst කියන කෙනා.ඉතින් අද දවසේ කතා බහ කෙරුනු ආකාරයට මෙයට ඔබට අමතර සුදුසුකම් විදියට මෙන්න මේ දේවල් තියෙනවනම් ඒක ඉතාම වටිනවා.මේ පහතින් දක්වලා තියෙන්නේ එහෙම qualifications කිහිපයක්

  • ECBA
  • CCBA
  • CBAP
  • CFLBA

ඉතින් ඔයා select කරගන්න job role එක මේක නම් මේ තියෙන්නේ ඔයාගේ journey එක.

Intern BA ->Associate BA -> BA -> Senior BA -> Associate business -> Consultant ->Business Consultant

UI /UX පැත්තටද interest?

Michela Thalagala (User Experience Designer at Dialog)විසින් තමයි මේ ගැන කතා කලේ.University එකේදී අපි හදාරන HCI module එක තමයි මේ හා වැඩියෙන්ම සමීප වෙන්නේ.ඉතින් ඔයාගේ බලාපොරොත්තුව UI/UX පැත්තෙන් ඉස්සරහට යන්න නම් මෙන්න මේ දේවල් තමයි සරලව UI/UX side එක තුල සිද්ද වෙන්නේ

  • Understand about business goals and user behavior
  • Create user journey
  • Create information architecture
  • Deign the overall functionality of the product
  • Solve problems
  • Do user research
  • Do user testing
  • Analysis
  • Communicate with different stakeholders
  • Practice agile
  • Do heuristic evaluation

ඉතින් මේ සදහා ඔයාට තියෙන්න ඕන Knowledge එක skills මොනවද කියලත් ඇය කතා කරන්නට යෙදුනා

Technical skills

  • Research
  • Analytical skills
  • Visual designing
  • Wire framing and prototyping
  • Testing

Soft skills

  • Good attitude
  • Passion
  • Curiosity
  • Communication
  • Empathy
  • Collaboration
  • Self learn
  • Ability to make quick decisions
  • Ability to criticize and be criticized

මේ දේවල් වලට අමතරව කතා බහට ලක්වුනු වැදගත්ම දේ තමයි interview එකට face කරන හැටි.Interview එක ගැන කියද්දිම අපි හැමෝගෙම මතකයට එන දේ තමයි CV එක.CV එක කියන්නේ ඔයා ගැන interview board එකට ලැබෙන first impression එක.meetup එකේදී කතාබහට ලක්වුනු විදියට CV එක පුලුවන් තරම් short and sweet වෙන්න ඔනේ.අපි පුලුවන් තරම් essential details විතරක් සටහන් කරලා මේක පිටුවකට පමන සීමා කරන්න දක්ශ විය යුතුයි.එහෙම නොවුනොත් ඒක ඔයාගෙ CV එකේ week point එකක්.ඔයා CV එක නිර්මානය කරද්දී refer කරන්න හොදම example එකක් තමයි මේ පහතින් දක්වලා තියෙන්නේ.

CV of Yahoo CEO

මීට අමතරව ඕනෑම interview එකකදී අහන පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා.ඉතින් ඔයාට පුලුවන්නම් ඒ වගේ ප්‍රශ්න වලට සූදානම් වෙන්න ඔයාට interview face කරන එක අමාරු වෙන එකක් නෑ.ඉතින් ඒ පොදු ප්‍රශ්න අතුරින් කිහිපයක් තමයි මේ පහතින් දක්වලා තියෙන්නේ.

  • Tell me about yourself?
  • What are your strengths and weaknesses?
  • Why should i hire you?
  • Where do you see your self in 5 years?
  • What do you know about the company?

මීට අමතරව techie questions ඔබෙන් අනිවාර්යයෙන්ම ඔවුන් අහනවා.

මේ වගේ බොහෝ වැදගත් දේවල් කතා බහට ලක්වුනු meetup එක 12.30 පමන වෙනකොට අවසන් වෙන්නේ බොහො දෙනෙකුට තමන් යන්න ඕන තැන ගැන හිතන්න මගපෙන්වීම් රැසක් ලබා දීලා.ඉතින් GGSLK අපි මේ වෙනුවෙන් මේක organize කරපු WTM හට ස්තූතිය පුද කරන ගමන්ම ඉදිරියටත් මේ දේවල් කරන්නට හැකි වේවා යැයි ප්‍රර්තනා කරනවා