ඔන්න අපි පොඩි ඕපාදුපයක් පල කළා මිට දවස් දෙක තුනකට කලින්, Microsoft කට්ටියගේ හිතේ තිබ්බ අදහසක් ගැන. ඔන්න අද වෙනකොට මේක සැබෑවක් වෙලා ඉහත රුපයේ ඉන්න විදිහටම මේ අය එකතු වෙලයි ඉන්නේ. ඔබ අපේ කලින් ලිපිය කියෙව්වනම් ඔබට මේ මුහුණු තුන මතක ඇති. වම් පැත්ත කෙලවරේ Chris Wanstrath, Github CEO and co-founder ඉන්නේ, මැද ඉන්න කෙනවානම් අදුන්වලා දෙන්න දෙයක් නැහැනේ? මෙහා පැත්තේ කොනේ ඉන්නේ Nat Friedman, Microsoft corporate vice president, Developer Services. ඔබට මතකනම් අපේ ලිපියේ Nat ගැනත් වෙනම විස්තරයක් පළවුණා.

නිල නිවේදනය

සදුදා තමයි මේ නිල වශයෙන් Micorosft ආයතනය මේ නිවේදනය නිකුත් කලේ. ඩොලර් බිලියන 7.5ක් වගේ මුදලකට තමයි මේ ලෝකයේ ප්‍රධානම මෘදුකාංග ගබඩාව Microsoft නතු කරගන්නේ. Github කිවුවම ඊළගට මතක් වුනේ Open Source. Microsoft කියන්නේ Open Source ආයතනයක් නෙමෙයි. මේ වෙද්දී අපේ හුගක් අය ලෑස්ති වෙනවා Github Projects සල්ලි වලට දෙන්නේ කියන එක අහන්න. ඔබට මතකනම් Sathya Nadella ඩොලර් බිලියන 26කටත් වැඩි මුදලක් වියදම් කරලා මිලට ගත්තු ආයතනය? ඒ LinkedIn. මේ වන විට දෙවෙනියට විශාලතම මුදල වියදම් කලේ මේ වෙනුවෙන්. ඔබ හිතන්නේ Github සතුව repository කියක් ඇති කියලද? මිලියන 85ක් තිබෙනවා. ඔබ මම වගේ තවත් මිලියන 28ක් මේවට contribute කරනවා.

Microsoft එකෙන් ගත්තනම් පරිපාලනේ එහෙමත් මාරු වෙන්න ඕනිනේ. ඔව් GGSLK කියපු විදිහටම දැන් අලුත් CEO වෙන්නේ Nat Friedman. එතකොට පරණ එක්කෙනා? Chris Wanstrath, Microsoft’s Cloud and AI chief Scott Guthrie යටතේ Microsoft ආයතනයේ සේවය ඇරඹුවා. “Microsoft is a developer-first company, and by joining forces with GitHub we strengthen our commitment to developer freedom, openness and innovation,” මෙහෙම කියන්නේ CEO Sathya Nadella.

මේ පණිවිඩය ලැබුණු ලෝකය පුරාම ඉන්න Github Contributorsල වගේම අපිත් බලාගෙන ඉමු මොකද Microsoft අය ඉස්සරහට කරන්නේ කියලා…

නැවත හමුවෙමු…