Github ගැන අද වෙනකොට නොදන්නා IT කාරයෙක් නැති තරම්. 2008 පෙබරවාරි මාසේ පටන් ගත්තු github, අද වෙනකොට ලෝකය පුරාම පාවිච්චි කරනවා. මේකේ ආරම්භකයන් වෙන්නේ Tom Preston-Werner,  Chris Wanstrath හා PJ Hyett කියන තුන්දෙනා. මුලින්ම මේකේ CEO වුනේ Tom Preston-Werner. පසුව ඔහු පාරිභෝගිකයෙක් අපජෝයනයට පත් කිරීම කියන බරපතල චෝදනාව මත තමන්ගේ තනතුරින් ඉවත් වුණා. එදා ඉදන්ම අද වෙනකන්ම මේ තනතුරේ කටයුතු කළේ Chris Wanstrath. මේ එක්ක ඔහු කොච්චර දියුණු වුනාද කිව්වොත් Forbes සගරාව “America’s richest entrepreneurs under 40” අතරට ඔහුව එකතු කරනවා.

නමුත් දැන් මේ කතාව ටිකක් වෙනස් පැත්තකට හැරිලා තියෙන්නේ. පසුගිය වසරේදී Chris Wanstrath තමන්ගේ ඉල්ලා අස්වීම ගැන තමන්ගේ ආයතනයට දැනුම් දෙනවා. මේ දැනුම් දීමත් එක්ක Github ආයතනය තමන්ට සුදුසු විදිහේ CEO කෙනෙක් ලබාගන්න සැහෙන උත්සහ කළා. 2015 වසරේදී ආසන්න වශයෙන් ඩොලර් බිලියන දෙකක valuation එකක් Github සතු වුණා. මේ valuation එක ලැබෙන සමය Github වල හොදම කාලය කියලා වුනත් කියන්න පුළුවන්. දැනට මේ තනතුරට ලෝකයේ ප්‍රභලම IT company දෙකක ප්‍රබල චරිත දෙකක් සටන් කරනවා කිවුවොත් වැරදි නැහැ. මේ Company දෙක වෙන්නේ Micorosft සහ Google. චරිත දෙක තමයි, “Google VP of Ads and Commerce Sridhar Ramaswamy” සහ “Microsoft’s Nat Freidman”.

Google VP of Ads and Commerce Sridhar Ramaswamy
Microsoft’s Nat Freidman

ඔබ මොහොතක් සිතන්න Microsoft එක විසින් Github මිලට ගත්තා කියල. Microsoft වගේ ලාබ වෙනුවෙන් මහන්සි වෙන ආයතනයක් කවදාවත් Github වල තිබෙන ලක්ෂ ගණනක codes නිකන්ම download කරගන්න දෙන එකක් නැහැ. github කියන්නේ ලෝකයේ developersල ලක්ෂ ගණනකගේ codes දැනුම තැන්පත් කරලා තියෙන තැනක්. Microsoft අය තමන්ගේ නිෂ්පාදන market කරන්න මේක පාවිච්චි කරන්න වෙනවා. මේකෙන් පාරිභෝගිකයාට ලැබෙන ලොකු වාසියක් නැතත් ඔවුන්ට සිද්ද වෙනවා Microsoft ආයතන වලට සල්ලි යන විදිහට  වැඩ කරන්න.

නැවත හමුවෙමු …

SHARE
Previous articleREVOLUTION OF MYSQL. FUTURE OF SQL.
Next article2018: The year of Chatbots
mm
Chief Technology Officer of GGSLK | Organizer of Google Crowsource | Technical Writer of WindowsGeek | Former President of Association of Rajarata Information and Communication Technology | PHP Developer of Prudential Shipping Lines (PVT) LTD.