Github කියන්නේ IT ක්ෂේත්‍රයේ ඉන්න ඔබට අලුත් දෙයක් නෙමෙයි. අද මේ කියන්න හදන්නේ ඊයේ, ඒ කියන්නේ 2019 වසරේ ජනවාරි 7 වෙනිදා Github blog එක වෙත ලිපියක් යොමු කරන Nat Friedman කියා සිටියා නව වසරේ සිට Github වෙතින් ලැබෙන අලුත්ම වාසිය පිළිබඳව. ඔබ දන්නවා Github ආයතනය මිලට ගත්තා Microsoft විසින් පසුගිය වසරේදී.

මේ මිලට ගැනීමත් එක්ක ලෝකයේ සමහරක් developersල හිතුවා දැන් Microsoft අනික් නිෂ්පාදන වගේම Github Public repo එකත් සල්ලි වලට ගන්න ලෑස්ති වෙන්න පුළුවන් කියල. හුඟ දෙනෙක් Gitlab, Bitbucket වගේ විසඳුම් වලට ගියා. මේ ගැන Github වලින් ගොඩක් අය විමසුවත් Github හරි පිළිතුරක් ලබා දීලා තිබුනෙත් නැහැ. කෙසේ වෙතත් ඊයේ වෙද්දී මේකට අවශ්‍ය කරන පිළිතුර developersලට ලැබිලා ඉවරයි. ඒ තමයි Github විසින් මෙතෙක් කල් මුදල් මත තිබුණු Github Private Repo අද ඉදන් නොමිලේ ලබාදෙන්න Github තීරණය කරලා තිබෙනවා.

මේ තිරනය ගන්න මුලික හේතුව විදිහට මුකුත් විශේෂ කරුණක් දැනගන්න නැති වුනත්, විශ්ලේෂකයන්ට අනුව තමන්ගේ නැති වුන අභිමානය නැවත වරක් ලබාගැනීම වගේම නැති වුන customer base එක කලින්ට වැඩිය පුළුල්ව හා ශක්තිමත්ව තබා ගැනීම තමයි මේකට හේතුව. අලුත් වසර Github එක මත ජිවත් වෙන ඔබටනම් හොඳ වසරක් වේවි මේ Github private repo unlimited free ලබාදීමත් එක්ක. මේකෙන් developersලට තියෙන ප්‍රබලම වාසියක් තමයි Github තමන්ගේ private projects වලට භාවිත කිරීමේ හැකියාව. ඒ වගේම හැම private repo එකකම collaboratorsල තුන් දෙනෙක් යනකන්ම free තියාගන්න මෙමගින් ඔබට අවස්ථාව හිමි වෙනවා. අපි සාමාන්යෙන් Private repo පාවිච්චි කරන්නේ public දෙන්න බැරි source code තියාගන්න. නැතිනම් Job application එකකට තමන්ගේ project එකක URL එක දාලා තියාගන්න. නැත්නම් side project එකක details තියාගන්න එහෙමත් නැත්නම් public දාන්න තියෙන project එකක වැඩ ඉවර වෙනකන් store කරගන්න වගේ දේවල් වලට. Public repo ඉස්සර වගේම ඕනේ තරම් collaboratorsලා ගණනක් යටතේ free වෙනවා වගේම දැන් ඉදන් private repo collaboratorsල තුන් දෙනෙක් යටතේ free වෙනවා.

ඒ වගේම තවත් අලුත් වැඩක් ගැන මේ බ්ලොග් ලිපියේ අන්තර්ගත වුණා. ඒ තමයි Github Enterprise නිකුත් වීම. හුඟක් ආයතන කැමතියි Github පාවිච්චි කරන්න cloud සේවාවක් විදිහට හෝ self hosted configuration එකක් යටතේ.

මේ ගැන තවත් ලිපියකින් හමුවෙමු…

Source: https://blog.github.com/2019-01-07-new-year-new-github/