ලග ලගම එන අලුත් අවුරුදු උණුසුමත් සමගින් Global Azure Bootcamp 2019 මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් හා පෙර නොවු විරූ අයුරින් තාක්ශණ ලෝකයේ වැඩ්ඩන්ට දායාද කිරීමට මේ වන විට ලහි ලහියේ වැඩ කටයුතු සිදු වේ.

මේ වන විට මෙම ඉසව්ව සදහා අයදුම් පත් කැදවීම සිදු කර ඇති අතර මෙහි තේරීම් කටයුතු නොදුරේම සිදු කිරීමට සංවිදායක කමිටුව සූදානමින් සිටී.

කව්රුත් මේ කතා වෙන Global Azure Bootcamp 2019 කියන්නේ ඇත්තටම මොකක්ද ?

ලෝකය පුරා විසිරී පවතින Azure හා Cloud Computing පිලිබද ඇල්මක් දක්වන විශාරදයන් හා මෙම තාක්ශනයන් වැඩි දුරටත් හැදැරීමට ඇල්මක් දක්වන පිරිසක් සමග කරන වාර්ශික තාක්ශණික සමුලුවකි.

Global Azure Bootcamp 2018 මතකයන්

ගිය වරත් 2018 April මාසේ උදේ 8.00 ඉඳන් සවස 5.00 වෙනකන් Movenpick Hotel එකේ පැවැත්වුණු Azure Bootcamp 2018 එකේ tracks දෙකක් යටතේ events පැවැත්විණි.

පසුගිය ඉසව්වේ පිරිස 150ක් එක්ක speakersල 14 දෙනෙක් සහභාගී වුණා. Keynote එක කරන්න සහභාගී වුනේ Champike Munasinghe (Founder/CEO Cryptofinity Ltd) මහත්මයා.මේ වගේම විශාරදයන් 13 දෙනෙක් තමන්ගේ sessions පැවැත්වුවා.

Jaliya UdagedaraSusantha SilvaFiqri IsmailMuditha Chathuranga   |   Hasitha MethmalChaminda ChandrasekaraManoj KarunarathneAsanka PadmakumaraHaritha ThilakarathneSajeetharan SinnathuraiHansamali GamageUditha BandaraJude Perera යන Azure විශාරදයන් හා MVP කට්ටිය මෙහිදී දේශන පැවැත්වූවා.

මෙවර පුරා දවක් පුරා Global Azure Bootcamp 2019 සමගින් අරමුසු තැන් ඔබට සමිප කිරීමට ඔවුන් මග බලා සිටිනවා

ඒ පිලිබද කෙටි සටහනක් තැබුවොත් කාණ්ඩ 3 ක් යටතේ මෙවර දේශන පැවැත්වෙන අතර 250 කට ආසන්න ප්‍රමාණයකට මෙම අවස්තාව ලබා දීමට ඔවුන් කටයුතු කරමින් සිටින්නේ. තාක්ශණික විශාරදයින් ඔවුනගේ හැකියාවන් ඒ පිලිබද ඇල්මක් දක්වන්නන් හට දායාද කිරීමට මග බල සිටි .

වැඩි විස්තර මේ හරහා බලගන්න ඔබට හැකියාව ඔවුන් ලබා දී ඇත.

https://gabccolombo.azurewebsites.net/


27th April, 2019 9.00 AM – 5.00 PM

Mövenpick Hotel Colombo

24 Srimath Anagarika Dharmapala Mawatha

Colombo 00300, Sri Lanka