Google for Indonesia event එක දෙවන වරටත් පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දුනීසියාවේදී පැවැත්වුණා. එහිදී විශේෂ අවස්ථා කීපයක් ඉන්දුනීසියානු ජනයාට හිමිවුණා. ඒ අතරින් වැදගත්ම විශේෂාංග වුණේ Google Assistant හා YouTube Go යෙදවුම් දෙකයි.

Google Assistant localization

මේ නිෂ්පාදනය ඉන්දුනීසියානු ප්‍රධාන භාෂාව විදියට සැලකෙන Bahasa language එකෙන්
භාවිතා කිරීමේ අවස්ථාව ලබා දීම ඉතා වැදගත් අංගයක් වුණා. Google Assistant භාවිතා කරන එරටේ ජනයාට දැන් ඔවුන්ගේම භාෂාවෙන් ප්‍රශ්න ඇසීමට හැකි වන අතර පිළිතුරු ද ලබාගන්න පුළුවන්. මෙමගින් Google සමාගමට දේශීය කථිකයින් මිලියන 40 කට වැඩි සංඛ්‍යාවකට සහ මිලියන 150 කට අධික Bahasa දෙවෙනි භාෂාව කතා කරන කථිකයින්ට ලඟාවෙන්න අවස්ථාව උදාවුණා. කෙසේ වෙතත්, මෙම භාෂා සහාය දැනට Allo app එක සඳහා හඳුන්වා දීලා නෑ.

YouTube Go ඇප් එක

YouTube Go ඇප් එකත් මේ event එක හරහා ඉන්දුනීසියාවට හඳුන්වා දුන්නා. YouTube Go විශේෂයෙන්ම නිර්මාණය කරල තියෙන්නේ අන්තර්ජාල පහසුකම් ඉතා අඩුවෙන් සහ දුර්වල අන්තර්ජාල සම්බන්ධතාවන් ඇති ප්‍රදේශ වල ජීවත්වෙන පිරිස් වෙනුවෙනුයි. මෙමගින් YouTube videos පසුව බැලීම සඳහා save කරගන්න පුළුවන්. Video resolution එක දැනට 480p තත්වයෙන් පමණයි ලබාගන්න පුළුවන්. මීට අමතරව, download කරන්න කලින් video එකේ අන්තර්ගතය හා ප්‍රමාණය ද බලන්න හැකියාව තියෙනවා. Data භාවිතයත් අවම වෙන විදියට තමයි මේ application එක නිර්මාණය වෙලා තියෙන්නේ.

මෙම නිෂ්පාදන වලට අමතරව, Google සමාගම ඉන්දුනීසියාවට සහය දක්වන වැඩසටහන් ගැනත් කතා කරා. Google සමාගම මෑතකදී ඉන්දුනීසියානු ප්‍රධාන නගර හයක් තුළ සංවිධානය කරන ලද online පාඨමාලා සහ වැඩමුළු මගින් developersලා 25,000 ක් පමණ පුහුණු කරන්නත් පියවර ගත්තා. ඊළඟ වසර කිහිපය ඇතුළත Google සමාගම තුළ Android developersලා 100,000 කට වඩා පුහුණු කිරීමට අදහස් කර ඇති බවත් අනාවරණය වුණා. ඉන්දුනීසියාවේ දියත් කළ තවත් වැඩසටහනක් වන්නේ බොහෝ කුඩා ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ වැඩිදියුණු කිරීම අරමුණු කරගත් Gapura Digital ආයතනයයි. පළමු මාස ​​තුන ඇතුළත ව්‍යාපාර අයිතිකරුවෝ Google විසින් සංවිධානය කරන ලද පන්ති වලට සහභාගි වෙලා තියෙනවා. කාන්තාව්‍යවසායකයින් සඳහා කැපවූ කාන්තා ව්‍යාපෘතියකුත් ඉන්දුනීසියාවේ බිහි වුණා.

Google Station වඩාත් වේගවත් හා විශ්වාසනීය මුහුණුවරකින් ඉන්දුනීසියාවේ දියත් කරන්නත් Google සමාගම පියවර ගත්තා.  මේ ලින්ක් එකට ගියොත් ඔයාලට Google Station ගැන තවදුවරටත් විස්තර දැනගන්න පුළුවන්.

Link : http://fortune.com/2017/08/24/google-station-public-wi-fi/

ඉතිං මේ විදියට තමයි ඉන්දුනීසියාවට Google for Indonesia වැදගත් වුණේ. මේ පැමිණීම නිසා ඉන්දුනීසියාවට ගොඩක් වටිනා අවස්ථා හිමි වුණ නිසා මේ අවුරුද්දේ Google සමාගම දියත් කරපු ඉතා හොඳ ව්‍යාපෘතියක් විදියට මේ event එක සැලකෙනවා.