security patch එකක් කියන්නේ ඇත්තටම update එකක්.Google විසින් android සදහා අගෝස්තු security patch එක release කරලා තියෙන්නේ. දැන් ඒක pixel සහ nexus devices වලට install කරගන්න පුළුවන්. ඒක update හෝ manually side-load කරගන්න පුළුවන්.

අගෝස්තු update එක මගින් android media framework, kernel සහ තවත් ප්‍රදේශ කිහිපයක දුර්වලතා ඇති කරන දේවල් වලින් system එක ආරක්ෂා කරනවා.පහත link එකෙන් මේ security update කිරීම පිළිබද සවිස්තරාත්මක තොරතුරු ලබාගන්න පුළුවන්.

https://source.android.com/security/bulletin/2017-08-01

මේ security patch update එක support කරන devices විදියට Pixel XL , Pixel, Pixel C, Nexus 6P, Nexus 5X, Nexus Player, Nexus 6, and Nexus 9 හදුන්වන්න පුළුවන්.

 

මේ update එක මගින් full system images වගේම OTA files download කරගන්න පුළුවන්.System images වලට unlocked device එකක් අවශ්‍ය වුණත් සම්පුර්ණයෙන්ම modify කළ phones හෝ tablets වලට install කරන්න පුළුවන්. විවිධ OTA updates වලට අදාළ build numbers පහතින් බලාගන්න පුළුවන්.

  • Pixel XL – NJH47F (NKG47S for T-Mobile, Fi carriers, and Rogers; NZH54D for Deutsche Telekom)
  • Pixel – NJH47F (NHG47Q for Verizon; NKG47S for T-Mobile, Fi carriers, and Rogers; NZH54D for Deutsche Telekom)
  • Pixel C – N2G48C
  • Nexus 6P – N2G48C
  • Nexus 5X – N2G48C
  • Nexus 6 – N6F27I, N8I11B
  • Nexus 9 LTE – N4F27K
  • Nexus 9 Wi-Fi – N9F27H
  • Nexus Player – N2G48C

කලින් Google විසින් security update එක 2017/8/01 සහ 2017/8/05 දිනවලදී නිකුත් කළත් අළුත්ම අළුත් update එක නිකුත් කරලා තියෙන්නේ  කලින් තිබුණ ගැටළු නිරාකරණය කරලා.මේ update එක ප්‍රධාන වශයෙන්ම focus කරන්නේ malware සහ *vulnerabilities (*vulnerability කියන්නේ system එකට පිටතින් ඇතුළුවන කෙනෙක්ට system එකේ තොරතුරු වල ආරකෂාව අඩු කරන්න පුළුවන් දුර්වලතාවයක්) වලින් system එකේ ආරක්ෂාව වැඩි කරන එක.

 

පහළ page එකේ තියෙනවා OTA binary image files. එමගින් ඔබගේ nexus හෝ pixel device එක manually update කරන්න ඉඩ ලබා දෙනවා.

https://developers.google.com/android/ota

පහළ page එකේ තියෙන්නේ ඔබේ nexus හෝ pixel device එකේ original factory firmware එක restore කරන්න අවශ්‍ය කරන binary image files.

https://developers.google.com/android/images

සෑමවිටම විවිධ අනාරක්ෂිත දේවල් වලින් ඔබේ දුරකථනය ආරක්ෂා කරගන්න නම් ඒ සදහා වන නවතම security update එක භාවිතා කරන්න.