Google කියන්නේ අප කව්රුත් දන්නා පරිදි ඇමරිකානු බහුජාතික තාක්ෂණික සමාගමක්. මේ සමාගම සුවිශේෂී වෙලා තින්නේ අන්තර්ජාල සම්බන්ද සේවා හා නිෂ්පාදන වලටයි.තවද Online වෙළද ප්‍රචාරක,නව තාක්ෂනයන් සෙවුම් (Search Engine ) ,Cloud Computing හා මෘදුකාංග හා දෘඩාංග සදහා Google ආයතනය මුලික වෙලා කටයුතු කරනවා.සමාගම වැඩි ලාභ ප්‍රමාණයක් උපයන්නේ ඇඩ්වර්ඩ්ස් මගිනි.

 

මේ වනවිට Google සමාගම තම ආධිපත්‍ය පතුරවා නම් අවසානයි. මහජයාගේ අවශ්‍යතාවන් නිවැරදි ආකාරයෙන් තේරුම් ගනිමින් නිවැරදි ක්‍රමයන් හරහා එම අවශ්‍යතාවන් පරිපුර්ණ කිරීමට මහත් වෙහෙසක් ගන්නා මෙම ආයතනය ප්‍රවර්ධකයන් සදහා නිවැරදි අවශ්‍ය දේ ලබාදීමට ඇපකැප වී සිටිනා විශිෂ්ට ආයතනයකි.

ගූගල් සමාගම ආරම්භ කරනු ලැබුවේ සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් විසිනි.එවකට ඔවුන් ස්ටැංෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ අචාර්ය උපාධ්ය හදාරමින් සිටියේය.

 

ගූගල් ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් විසින් පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස 1996 ජනවාරි මාසයේදී ආරම්භ විය. ඔවුන් කැලිෆෝනියාවේ “ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ” ආචාර්ය උපාධිය සහිත ශිෂ්‍යන් ය.

 

Google සමාගමේ මව් සමාගම Alphabet වේ. Google නම යෙදුනේ ”Googol” යන ගණිත යෙදුම (1ට පසු බින්දු සියයක් ඇති සංඛ්‍යාව) ඇසුරිනි.

ගූගල් ඉතිහාසයේ විශේෂ අවස්ථා.

2000
Google AdWords හඳුන්වා දීම.
Google Toolbar හඳුන්වා දීම.

2001
ප්‍රථම මිලදී ගැනීම ලෙස “Deja.com” ගෙන වැඩි දියුනු කර Google Groups එලිදක්වයි.
Google Images හඳුන්වා දීම.
ප්‍රථම අන්තර්ජාතික කාර්යාලය ජපානයේ ටොකියෝ නුවර ඇරඹීම.

2002
Google News හඳුන්වා දීම.
Froogle හඳුන්වා දීම. (2012 සිට මෙය Google Shooping ලෙස වෙනස් විය)

2003
Blogger නිර්මාණය කල  Pyra Labs සමාගම මිලදී ගනී.
Google Print (වර්තමාන Google Books) හඳුන්වා දීම.

2004
“Orkut” අන්තර්ජාල  මිතුරු හවුල අරඹයි.
Googleplex ප්‍රධාන කාර්යාලය අරඹයි.
Gmail හඳුන්වා දීම.
Picasa ආයතනය මිලදී ගනී.
Google Earth ලෙස පසුව වෙනස් කල Keyhole සමාගම මිලට ගනී.
Google Scholar-beta හඳුන්වා දීම.
Google SMS  සේවාව  හඳුන්වා දීම.

2005
Google Maps, Google Talks ,Google Earth, Google Analytics එලිදක්වයි.

2006
Google Finance ,  Google Calendar , Google Translate,  Google Trends, Google Docs එලිදක්වයි.
Oxford ඉන්ග්‍රීසි ශබ්දකෝශය “Google” ක්‍රියා පදයක් ලෙස ඇතුලත් කරයි.
Youtube මිලදී ගනී.

2007
Android  මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීම.

2008
Android  මෙහෙයුම් පද්ධතිය සහිත ප්‍රථම දුරකථනය T-Mobile සමාගම එලිදක්වයි.
” DoubleClick” ආයතනය මිලදී ගනී.
Google Chrome එලිදක්වයි.

2009
Google Voice  හඳුන්වා දෙයි.

2010
පලමු Google Nexus දුරකතනය හඳුන්වා දෙයි.

2011
පලමු Google Chromebook එලිදක්වයි.
Google+ අන්තර්ජාල මිතුරු හවුල එලිදක්වයි.

2012
Android වෙලඳපොල Google Play අරඹයි.
Google Drive එලිදක්වයි.
Motorola  දුරකතන සමාගම මිලට ගනී.

පහත සාරාංශ ගත විස්තරයක් දැක්වෙනවා.

 

වර්ගය
මෙහෙයුම්
  • Internet
  • Computer software
  • Computer hardware
ආරම්භ කරන ලද්දේSeptember 4, 1998; 18 years ago
Menlo Park, California
නිර්මාතෘ
  • Larry Page
  • Sergey Brin
මුලස්ථානයGoogleplex, Mountain View, CaliforniaU.S.
ආවර්නිත ප්‍රදේශWorldwide
මුලසුනSundar Pichai (CEO)
Larry Page (CEO – Alphabet Inc.)
Sergey Brin (President – Alphabet Inc.)
සේවකයන් සංඛ්‍යාව57,100 (Q2 2015)
මව් ආයතනයAlphabet Inc.
(2015–present)

 

තව විස්තර සමග ඉදිරි ලිපියකින් හමු වෙමු.