Watermark කියන්නේ අපි පිටස්තර කට්ටිය තමන්ගේ images use කරනවට කැමති නැති අය ඒ ඡායාරුප වල අයිතිය තියා ගන්න පාවිච්චි කරන ක්‍රමයක්. මේ ක්‍රමය නිසා අපේ ඡායාරුප කාගේවත් අතට යන්නේ නැති වෙන්න වගේම වෙන කෙනෙක් ගත්තත් අපේ අයිතිය සුරකින්න භාවිත කරන පුළුවන්. මේ ක්‍රමයේ අඩුපාඩු නැතුවම නෙමෙයි. අපි අපේ report එකක් හදන වෙලාවට අපිට watermark දාපු image එකක් ලැබුනොත් අපිට ඇත්තටම එක පාවිච්චි කරන එක අමාරුයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපිට ලැබෙන image එකේ watermark නොතිබෙවා කියලා. ඔන්න ඕක තමයි ඇත්ත කතාව.

ඉතින් අපේ මේ බරපතල ප්‍රශ්නෙට Google කට්ටිය විසදුමක් හොයාගෙන. ගූගල් පර්යේෂණ කණ්ඩායම තමයි මේ විදිහට මේ ප්‍රශ්නෙට විසදුමක් ලබාගෙන තියෙන්නේ. Google research team එක සොයාගෙන තිබෙන්නේ algorithm එකක්. මේ algorithm එක සැහෙන්න වැදගත් එකක්. එහෙම කියන්න හේතුව තමයි පරණ විදිහටනම් image එකකින් watermark එකක් අයින් කරන එක සැහෙන අමාරු වැඩක්. එත් මේ tool එකේ උදව්වෙන් ඉතාම පහසුවෙන් images ගොඩකට මේ වැඩ කරගන්න පුළුවන්.

අපි මේකෙදි මේ අය පාවිච්චි කරපු තාක්ෂනය ගැන කතා කරනවානම් ඒක බොහොම සරල තාක්ෂණයක්. මම කියුවනේ images ගොඩකට මේකෙන් එක පාර watermark remove කරන්න පුළුවන් කියල. මේ අල්ගොරිතම් එකෙන් මුලින්ම කරන්නේ images set එකේ හැම image එකකම තියෙන common object එක හොයාගන්නවා. ඊලගට මේ වැඩසටහන මගින් watermark එක, එකේ decomposition එක හා image එකේ alpha matte components සොයාගනු ලබනවා. මීලගට ඒක estimate කරනවා opacity එක. ඒ කරනවත් එක්කම original image එක reconstruct කරනවා, වෙනස තමයි මේකේ watermark ekak නැහැ.  මේ ඇල්ගොරිතමය සැහෙන්න සාර්ථකයි කියලා තමයි වාර්තා වල සදහන් වෙන්නේ.

අපේ stock- photo වෙළෙන්දන්ට කිසිසේත්ම වෙලදාම් කටයුතු වලට මේ කරපු අපුරු සොයාගැනීමෙන් අඩුපාඩුවක් විය යුතු නැහැ. මේ නිසා shutterstock කට්ටිය අද  අන්තර්ජාලය පුරාවටම ඔවුන්ගේ images වලට safeguard එකක් යෙදීමට කටයුතු කර තිබුනා. ඇත්තටම මේ අල්ගොරිතම් එකෙන් කෙරුනේ, copyright violator කට්ට්ය සල්ලි ගෙවන්නේ නැතුව ෆොටෝ  අරගන්න එක නවත්වන්න.

මොන විදිහේ අල්ගොරිතම් එකක් පාවිච්චි කලත් වැදගත් වෙන්නේ ඡායාරූපයට අදාල වන quality එක degrade වෙන්න දෙන්නේ නැතුව ඡායාරුපය ප්‍රවේශම් කරගන්න එකයි.

අපේ ඇත්තටම ගත්තොත් image protection කියන එක අද ලෝකයට අවශ්‍ය සංකල්පයක්! මේ අල්ගොරිත්ම් මගින් කෙරෙන වැඩ ප්‍රමාණ ඇහුවනම් අද වෙනකොට සමාජය මේකේ වටිනාකම ගැන අනිවාර්යෙන් කතා කරනවා .