මෑතක් වන තුරුම Google වෙතින් ගෙන එන්නට සූදානමක් පවතින Fuchsia OS ගැන නොයෙකුත් ආරංචි දැනගන්නට ලැබුණා. නමුත් ඇත්තටම මේ Fuchsia OS එක මොකද්ද කියන කාරණය පිළිබඳව නියමාකාර අදහසක් පැහැදිලිව කිසිම තැනක සඳහන් වෙලා තියෙනවා අපිට දකින්න ලැබුණේ නැහැ. නමුත් මීට දින කීපයකට පෙර මේ OS ගැන වැඩිපුර කතාබහට ලක්වුණා. ඒ Google වෙතින් Fuchsia OS එක සඳහා website එකක් හඳුනවා දීමත් සමගයි. ඉතින් මේ ගැන තොරතුරු හොයද්දී දැනගන්න ලැබුණු කරණු කීපයක් ඔබ සියලු දෙනා සමග බෙදා හදා ගන්න තමයි මේ සුදානම…

Fuchsia OS එකේ මූලාරම්භය ගැන හොයලා බලද්දී දැනගන්න ලැබෙන්නේ මෙන්නේ මෙහෙම දෙයක්! 2016 අවුරුද්දේ Github වලින් තමයි මෙහෙම OS එකක් ගැන තාක්ෂණික ලෝකයට මුලින්ම හෝඩුවාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී බොහෝ දෙනෙක් මෙය ගැන විවිධාකාර අදහස් දක්වලා තිබුණා. සමහර දෙනා මේ OS එක Android සඳහා ආදේශකයක් විය හැකි බවට මත පළ කරලා තිබුණා. ඒ අතරම තවත් සමහර දෙනා මේ ගැන අදහස් දක්වමින් පවසලා තිබුණේ මෙය Chrome OS එක සඳහා ආදේශකයක් විය හැකි බවටයි. කෙසේවෙතත් මේ ගැන වැඩිදුර කතාබහට ලක් වෙන්න හේතුවක් වුණේ Google I/O 2019 දී Google සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙසට කටයුතු කරන Hiroshi Lockheimer මහතා මේ ගැන අදහස් දැක්වීමෙන් අනතුරුවයි.

Fuchsia OS එක ගැන Google සමාගම මගින් සිදු කළ පළමු නිල අදහස් දැක්වීම ලෙස එය හැඳින්විය හැකි වුණත්, එහිදීත් මේ OS ගැන වැඩි විස්තරයක් ලෝකයා හමුවේ තැබීමෙන් වැළකීමට ඔවුන් වග බලා ගෙන තිබුණා. කෙසේවෙතත් ඔවුන් පවසා තිබුණේ දැනට පවතින Operating Systems කලාව, නවමු වූ පර්යේෂණාත්මක අවධියක් කරා ගෙන යන්නට Fuchsia OS එක හරහා අවස්ථාව ලැබෙනු ඇතැ’යි ඔවුන් විශ්වාස කරන බවයි.

Google Fuchsia OS ගැන දැනට නිකුත් වී ඇති තොරතුරු අනුව MicroKernels මත පදනම්ව develope වන මේ Operating System එක, MeMFS, MinFS, BlobFS, සහ ThinFS කියන file systems වලට support කරන බව තමයි වාර්තා වෙන්නේ. Fuchsia සඳහා යොදා ගෙන ඇත්තේ Flutter මත පදනම් වූ User Interface toolkit එකක්. ඒවගේම C++, Python ආදී වූ programming languages කිපයක්මත් මේ සඳහා support කරන බව සඳහන් වෙලා තිබුණා.

දින කිපයකට පෙර Google සමාගම විසින් Fuchsia OS වෙනුවෙන්ම ලෝකයට හඳුන්වලා දුන්
website එකට ඔබටත් මේ link එක හරහා පිවිසෙන්න පුලුවන්. කොහොමවුණත් මේ Google Fuchsia OS එක මොන වගේ විදියට අපි අතට පත් වෙයිද කියන කාරණය පිළිබඳව තොරතුරු බොහෝමයක් අපිට මේ හරහා දැනගන්නට ලැබෙයි කියලා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ.

නැවතත් හමුවෙමු…