Google photos කියන්නේ අපි හැමෝටම හුරුපුරුදු දෙයක්. විශේෂෙයෙන්ම තමන්ගේ device එකේ සීමිත storage capacity එකක් තියෙන අයට තමන්ගේ ඡායාරුප නිසිලෙස කලමනාකරණය කර ගන්න සැබවින්ම මෙය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වුණා කියන්න පුලුවන්. ඒවගේම Google photos වෙතින් අපූරු features කියපයකුත් usersලාට ලබා දී තිබුණා.

කෙසේවෙතත් Google photos වලින් නියමාකාරයෙන් ප්‍රයෝජනය ලබා ගැනීමට නම් අන්තර්ජාල සැපයුමක් අවශ්‍යයි. ඒ වගේම Google Photos කියන්නේ තරමක් විශාල memory capacity එකක් අවශ්‍ය කරන service එකක්. ඉතින් මෙන්න මේ කරුණු සළකලා බලලා තමන්ගේ පාරිභෝගිකයින් වෙත තවත් photo gallery එකක් ලබා දෙන්න Google සමාගම තීරණය කරලා තියෙනවා. ඒ Gallery Go කියන නමින්. මෙහි තියෙන විශේෂත්වය තමයි මෙය භාවිතා කිරීමට අන්තර්ජාල පහසුකමක් අවශ්‍ය නොවීම සහ එය අඩු memory capacity එකක් යොදා ගන්නා සේවාවක් එකක් වීම!

Gallery Go සතුව තවත් අපූරු features කීපයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි machine learning භාවිතයෙන් userගේ photo gallery එක auto organize කිරීමේ හැකියාව. මේ පහසුකම නිසා user තමන්ගේ ඡායාරුප, albums වල‍ට වෙන්කිරීමට කාලය ගත කළ යුතු වෙන්නේ නැහැ. එය Gallery Go මගින්ම සිදු කර දෙනු ලබනවා. ඒවගේම එය සතුව අපූරු filters පෙළක් තියෙන බවත් දැනගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, Gallery Go සඳහා වැඩි දියුණු කළ editing options කීපයකුත් එකතු කරලා තියෙන බවත් ආරංචියි.

ඔබේ device එකත් android 8.0 හෝ ඊට ඉහළ operating platform එකක් භාවිතා කරන device එකක් නම් ඔබටත් Gallery Go භාවිතා කරලා බලන්න හැකියාව තියෙනවා. එළඹෙන මාසයේ පටන් Itel S15 සහ A55 devices වල gallery app එකක් විදියට Galley Go ලබා දෙන බවත් වාර්තා වල සඳහන් වෙනවා. කොහොම වුණත් එය බොහෝ දෙනෙක්ගේ සිත් ඇදගැනීමට සමත් වන සේවාවක් වන බවට කිසිදු සැකයක් නැහැ.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…