Google + කියනකොටම ඔයාලා දන්නවා මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා.මොකද ඒ තරමටම Google + ජනප්‍රිය යි.

මොකක්ද මේ Google +  කියන්නේ ???

  • Google +  කියන්නේ සමාජ ජාල වෙබ් සේවාවක්(Facebook,Twitter වගේ).පොස්ට් දාන්න,ෆොටෝ දාන්න වගේම Message කරන්න,වීඩියෝ ඇමතුම් ලබාගන්න හැකියාව ද මෙහි තියනවා.
  • Google+ සමග සම්බන්ද වෙන්න අවශ්‍ය වෙන්නේ Gmail ගිණුමක් විතරයි.
  • Google + ආරම්භ කර සති දෙකක් ගත වන විට එහි පරිශීලකයන් ප්‍රමාණය මිලියන 10ක් පමණ වෙනවා.මාසයක් තුළ එය මිලියන 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
  • 2011 ඔක්තෝම්බර් මාසය වන විට එය මිලියන 40 දක්වා වර්ධනය වෙලා තියෙනවා.
  • නමුත් Google + හි පරිශීලකයෙකු ‍රැඳී සිටීමේ සාමාන්‍ය කාලය නම් විනාඩි 7 ක් විතර වෙන්නේ.Facebook එක්ක බැලුවොත් ඉතාමත් සුළු කාලයක්.

Circle

  • Google + හි තියෙන විශේෂත්වය තමයි,මෙහි පුද්ගලයින් Circle එකකට සම්බන්ධ කර ගැනීමට ඇති හැකියාව.මෙම Circle එක හරියට කණ්ඩායමක් වගේ.Circle එකට සම්බන්ධ වන පුද්ගලයන් අතරේ පමණක් තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාවද තියෙනවා.උදාහරණයක් විදියට ඔබේ පාසල් මිතුරන් පමණක් සිටින Circle එකක් නම් ඔවුන් අතරේ පමණයි අදහස් හා තොරතුරු හුවාමාරු වෙන්නේ.අවශ්‍ය නම් එම තොරතුරු හැමෝම එක්ක හුවමාරු කරගැනීමට ද පුලුවන්.

Google + Pages

  • Google + Pages එළි දක්වන්නේ 2011 නොවැම්බර් 7 වන දිනයේදී යි.Pages හරහා ව්‍යාපාර වලට තම රසිකයන් හා සම්බන්ධ වීමට , තනි පුද්ගල නොවන එනම් සංවිධාන,සමාගම් වලට Google + Profile  සහ  Pages තනා ගැනීමට ඉඩ අවකාශ ලබා දී තිබෙනවා.මෙය Facebook Pages වලට සමාන ලෙසයි නිමවා තියෙන්නේ.

Google + Views

  • Google + හඳුන්වා දෙන්නේ 2014 වසරේදීයි.මෙමගින් සෑම පරිශීලයෙකුගේම ගිණුම තුළ,එහි අන්තර්ගතයන් කෙතරම් පිරිසක් නරඹා ඇති දැයි පෙන්වා දෙනවා.

Google + (+1)

  • Facebook හි LIKE කරනවා වගේම Google + වල “+1” Click කිරීමෙන් ඔබේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා.

Google Photos

  • Google Photos පහසුකම හරහා Google+ තුළට පින්තූර ඇතුළත් කිරීමට හැකියාව තියෙනවා.

Google + Communities

  • මෙය හඳුන්වා දෙන්නේ 2012 වසරේ දෙසැම්බර් 6 වන දිනයි.මෙමගින් පරිශීලකයන්ට යම් මාතෘකවක් සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීමට ඉඩ පහසුකම් සලසා දී තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි ගූගල් සමාගම මගින් ලබාදෙන Youtube,Google Maps,Android,Google Music,Google Voice ,Google Wallet ,Google Local සහ තවත් සේවාවන් ගණනාවක් සම්බන්ධ වීමට අනන්‍යතාවයක්(ID) ලෙස මෙම Google+ ගිණුම භාවිතා කරන්නට ද හැකියාව තියෙනවා.