Google Allo කියන්නෙ Viber, Whatsapp, Messenger වගේ Google සමාගම නිර්මාණය කරපු smart messaging app එකක් කියලා ඔයාලා දන්නවානේ…. ඔයාලගේ අදහස් stickers, doodles, emojis සහ text මගින් ඉතා පහසුවෙන් share කරන්න වගේම Google Assistant එක්ක ඔයාලගෙ එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගන්නත් Google Allo ඉඩ හසර ලබා දීලා තියෙනවා.
ඉතින් Google Allo ගැන ඔයා මේ වෙනකොටත් මුකුත් දන්නෙ නැත්නම් මුලින්ම මේ Article එක කියවලා ඉන්නකෝ…..

Google Allo හැන්ඩියා

මම අද ඔයාලට කියන්න යන්නෙ Google Allo, web ආගමනය ගැන. මුලින් Google Allo එක්ක chat කරන්න පුළුවන් වුනේ mobile devices වලින් විතරනේ. ඒත් දැන් desktop usersලටත් web එක හරහා Google Allo අත්දැකීම ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්.

ඉතින් මේකට ඔයාලට මුලින්ම Google Chrome browser එක ඕන වෙනවා. කරන්න තියෙන්නෙ, ඔයාගෙ Android phone එකෙන් Allo app එක open කරලා menu එකේ තියෙන “Allo for web” එකට පිවිසෙන එක. ඊට පස්සෙ “Scan QR code” select කර ගන්න ඕන.
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ, Allo website එකේ display වෙලා තියෙන QR code එක ඔයාගෙ phone එකෙන් scan කරලා app එක desktop computer එකත් එක්ක pair කර ගන්න එක.
මේ තියෙන්නෙ Google Allo website එකේ link එක.

www.allo.google.com/web

ඉතින් ඊට පස්සෙ Google Allo mobile app එක වගේම ඔයාගෙ conversations desktop computer එක හරහා පවත්වාගෙන යන්න පුළුවන්. මේකෙදි ඔයාගෙ computer එක Allo mobile app එකේ කැඩපතක් වගේ තමයි ක්‍රියා කරන්නෙ. ඒ නිසා ඔයාගෙ phone එකේ battery බැහැලා off වුනොත් තවදුරටත් Google Allo web app එකෙන් වැඩ කරගෙන යන්න බැරි වෙනවා.

මේ තියෙන්නෙ Allo web app එකේ user interface එක.

Google Allo web app එකේ experience ඔයාලත් අත්විඳලා බලන්නකෝ….