මේ ලිපිය කියවන ඔබට Google Assistant, Google Express ඒ වගේම Walmart ගැන අදහසක් නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඒ ගැන අදහසක් ලබා ගනිමු.

Google Assistant කියන්නේ Google සමාගම විසින් 2016 දී හදුන්වාදුන් Virtual personal assistant කෙනෙක්. කලින් හදුන්වාදුන් Virtual personal assistantලට වඩා Google assistant ගේ තියෙන විශේෂත්වය තමා මෙය භාවිත කරන පුද්ගලයා සමග එයට සන්වාදයේ යෙදෙන්නට හැකිවීම. මුලින්ම මෙය හදුන්වා දුන්නෙ Googleලගේ Allo කියන messaging app එකේ කොටසක් විදියට. මුලින්ම Pixel සදහාත් පසුව Android සහ iOS කියන mobile operating systems සදහාත් මෙය හදුන්වා දෙනවා.  පහත තියෙන link එක භාවිත කරලා Google Assistant ගැන තවත් තොරතුරු දැනගන්න ඔබට පුළුවන්.

https://assistant.google.com/

දැන් අපි බලමු Google Express කියන්නෙ මොකක්ද කියලා. Google Express කියන්නෙ Google සමාගම මගින් ලබාදෙන සාප්පු සේවාවක්. මෙය දැනට නම් ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයක පමණයි.  අපි හිතමු ඔබට යම් දෙයක් මිළදී ගන්න වුවමනා වුනා කියලා ඔබට පුළුවන් එය app එක හෝ  web site එක හෝ Google Home උපකරණයට ඒ බව පැවසීමෙන් Google Express හරහා ඔබ ළගටම ගෙන්වා ගන්න. Google Express ගැන තවදුරටත් විස්තර දැනගන්න අවශ්‍ය නම් පහත තියෙන link එක භාවිත කරන්න පුළුවන්.

https://express.google.com/

මම Google Home ගැනත් සදහන් කළ නිසා ඒ ගැන නොදන්නා අයට වැඩිදුර විස්තර සදහා මේ link එක භාවිත කරන්න පුළුවන්.

https://en.wikipedia.org/wiki/Google_Home

Walmart කියන්නේ අධිවේගී වෙළෙදසැල් සහ සිල්ලර වෙළෙදසැල් ජාලයක් ලෙස ක්‍රියාත්මක ඇමරිකානු බහුජාතික සිල්ලර වෙළෙද සංස්ථාවකට.

Alphabet සමාගම ඒ කියන්නේ මේ වන විට Google හි අයිතිය පවතින සමාගම පවසන විදියට Google Assistant සහ Google Express දැන් Walmart සමග ගණුදෙනු කරන්න ඉඩ ලබා දෙනවා. මේ නිසා විශාලතම සිල්ලර වෙළෙදසැල් ජාලයෙන් භාණ්ඩ ඉතා පහසුවෙන් ඇණවුම් කරන්න දැන් පාරිභෝගිකයන්ට පුළුවන්. Mountain View සමාගම නම් පවසන්නේ මේ නව සම්බන්ධතාවය නිසා පාරිභෝගිකයන්ට නිෂ්පාදන වර්ග දහස් ගණනකින් සිය ගණන් ඉතා පහසුවෙන් ඇණවුම් කරන්න පුළුවන් බවයි. ඔවුන්ට මෙය Google assistant ට පැවසීම මගින් හෝ Google express app එක භාවිත කිරීම මගින් ඉතා පහසුවෙන් සිදු කරන්න පුළුවන්.

Google සමාගම මේ ගැන නිකුත් කළ නිවේදනයේ සදහන් වන විදියට නම් Google Home සමග ක්‍රියාත්මක වන Google Assistant සදහා පමණයි දැනට මේ පහසුකම ලැබෙන්නේ. Smart phone හි භාවිත වන Google Assistant සදහා මේ අවස්තාව ලබා දෙන්නේ කවදාදැයි ඔවුන් පැහැදිලිව සදහන් කර නැහැ.

Walmart පාරිභෝගිකයන්ට ඔවුන්ගේ Walmart ගිණුම Google Profile එක සමග සම්බන්ධ කිරීමෙන් Walmart සමග ඉතා පහසු සාප්පු සවාරියක අත්දැකීම ලබා ගත හැකියි.

Google Assistant ඔබගේ පෙර මිළදී ගැනීම් මතකයේ තබා ගන්නා අතරම ඔබ නැවත් ඒවා මිළදී ගන්නා විට ඒවායේ ප්‍රමාණයන් සහ නිෂ්පාදන වර්ගයන් පිළිබදව ඔබට මතක් කර දෙනවා.

Google සමාගම Walmart සමග ඇති කරගත් මේ සම්බන්ධය දැනට තියෙන විශාලතම online සිල්ලර වෙළෙද ජාලය වන Amazon සමග තරග කිරීමට Google හි අළුත්ම උත්සාහය විදියට හදුන්වන්නත් පුළුවන්.

චමෝදි විදානාච්චි

Reference: – https://www.androidheadlines.com/2017/08/google-assistant-express-now-support-shopping-from-walmart.html