මේ වසර මුලදී නිවේදනය කරන ලද විශේෂාංගයක් වන මෙය, මේ වන විට එලිදක්වා තියෙනවා. බර්ලිනයේ පැවති IFA  2018 tech show හිදී, Google විසින් Google Assistant දැන් bilingual(ද්වි භාෂා) බව දැනුම් දුන්නා. දැන් ඔබට ඉංග්‍රීසි, ජර්මානු, ප්‍රංශ,ස්පාඤ්ඤ,ඉතාලි සහ ජපන් යන භාෂා වලින් ඕනෑම භාෂා දෙකක් තෝරා ගත හැකියි. Apple හි Siri, Samsung හි Bixby, Amazon හි Alexa සහ Microsoft හි Cortana වැනි තරගකරුවන් අතරින් ප්‍රථම වරට භාෂා දෙකක් කතා කිරීමට හැකියාව ලබා ගැනීමට Google virtual assistant සමත් වෙලා තියෙන්නේ. මෙම සේවාව ලබා දෙන්නන් අතර Android smartphones, Google Home speakers සහ Android tablets ඇතුළත් වෙනවා.

මෙම bilingual(ද්වි භාෂා) ක්‍රියාවලිය speech recognition තාක්ෂණයේ ඉතා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි. Google සමාගම පවසන පරිදි ඔවුන් පලමු පියවර ලෙස සිදු කර ඇත්තේ යමෙකු කතා කරන භාෂාව හඳුනාගැනීමයි. LangID යනු Google විසින් 2013 දී ආරම්භ කල language identification tool එකක්. එමගින් භාෂා යුගල 2000කට ආසන්න ප්‍රමාණයක් අතර වෙනස හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා.

Google assistant මඟින් භාෂා දෙකක සහාය ලබා ගැනීම සදහා, පහත පියවර අනුගමනය කර යුතු වෙනවා.

  1. Google account settings open කරන්න.

ඔබගේ ජංගම දුරකථනයේ නම් Google assistant වල Explore icon එකට ගොස්, three-dot menu icon එකේ settings වලට යන්න. Google Home භාවිතයෙන් නම්, menu icon එකට ගොස් More settings වලට යන්න.

  1. Preferences වෙත යන්න.
  2. Assistant Languages වෙත යන්න.
  3. Primary language වලට යටින් තියෙන “Add a language” වෙත යන්න.
  4. ඔබ කැමති secondary language එකක් තෝරන්න.

මෙහිදී Assistant සදහා user තෝරාගත්  language දෙකට සමාන්තරව LangID run වෙනවා. LangID එකෙන් userගේ language එක හදුනා ගැනීම සිදුවෙනවා. ඉන්පසු Assistant විසින් වැරදි පරිවර්තන අවලංගු කර නිවැරදි කිරීම් සිදු කිරීම සිද්ද වෙනවා. මේ process එක speed කරන්න LangID මගින් vocabulary විතරක් නෙවෙයි, එක් එක් භාෂාව භාවිතා කරන වාර ගණන සහ එය භාවිතා කරන උපාංගයේ වර්ගයත් සලකා බැලීම සිදු වෙනවා. එය සංකීර්ණ ක්‍රියාවලියක් වුනත් වඩාත් ඵලදායී bilingual((ද්වි භාෂා) සේවාවක් ලබා දීම සදහා එසේ සිදු වෙන බව ඔවුන් පවසා සිටිනවා.කෙසේ වෙතත්,භාෂා දෙකක් එකතු කරලා  ලබා දෙන single command වලට ප්‍රතිචාර දැක්වීමට  තවමත් Google Assistant හට  හැකියාව ලැබී නැත. එක් එක් ඉල්ලීම සම්පූර්ණයෙන්ම එක භාෂාවක් සිදු කර යුතුය.

මෙහි සදහන් වෙලා නැති භාෂා භාවිතා කිරීමට ඔබට අවශ්‍යද? මේ වන විට ඒ අවස්ථාව නැති නමුත් ඉදිරි මාසවල තවත් භාෂාවන් එකතු කිරීමට අදහස් කරන බව Google තව දුරටත් ප්‍රකාශ කරලා තියෙනවා. මේ අවුරුද්ද අවසන්වන විට languages 30ක පමණ සහාය ලබා දීමට ඔවුන් බලපොරොත්තු වෙන බව සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි multiple languages සදහා ඉතා ඉහල ඉල්ලුමක් තියෙන නිසා languages දෙකකට පමණක් සීමා නොවී language තුනක් හෝ ඊට වැඩි ගණනක් සැපයීම වෙනුවෙන් ඔවුන් වැඩ කරමින් සිටින බවත් ප්‍රකාශ කරලා තියෙනවා.