මේ දවස් වල හැමෝම කතා වෙන 2019 google I /O එකේදී announce කරපු ගොඩක් දේවල් ගොඩක් තැන් වල ලොකු මාතෘකාවක් වෙලා තියෙනවා. එත් හරියටම පිළිවෙලට මේ announcements මොනවද කියලා දැනගත්තා නම් හැමෝටම ලේසි වෙයි කියලා හිතනවා. ඉතින් එක් එක් field එක ගැන වෙන වෙනම සම්පුර්ණ විස්තර දැනගන්න කැමැත්තෙන් ඉන්න ඔයාලට මේ ලිපියෙන් Google Assistant ගැන කෙරුණු අලුත් announcements සියල්ලම විස්තර ඇතුව කියන්නම්.

බොහෝ දෙනා දන්නවා Google assistant කියන්නේ මොකක්ද කියලා.Google සමාගම විසින් AI එහෙම නැත්තම් කෘතිම බුද්ධිය මත පදනම්ව develop කරපු virtual assistant කෙනෙක් තමයි මේ google assistant. අද වන විට භාෂා 26කින් පමණ මේ virtual assistant ඔබට සහය වෙනවා. මෙවර IO එකේදී පැවසු පරිදි දැන් භාෂා 30කින් රටවල් 80ක පමණ devices බිලියනක පමණ ප්‍රමාණයක් Google assistant හි සහය ලබාගන්නවා.
කලින්ට වඩා 10ගුණයක වේගයකින් දැන් ඔබට calendar invite එකක් create කරන්න , photo එකක් සොයන්න , එය මිතුරන් අතරේ share කරන්න email එකක් ලියන්න වගේ වැඩ කිහිපයක්ම එකවිට කරගන්න Google Assistantගේ සහය ලබාගන්න හැකියාව තිබෙනවා. real conversation එකක් විදියටම අපිට එක දිගට අපේ requests දෙන්න පුලුවන් , මොකද කලින් නම් වෙනස් requests වලට hey google do this for me , hey google do that for me වගේ “hey google” කියන්නම වුනා. නමුත් දැන් එය අවශ්‍ය නෑ .
new generation google assistant මේ වසරේ ඉදිරියේදී අලුත් Pixel phones වලට හඳුන්වාදෙන්න නියමිතයි . ඇත්තටම එය නම් අලුත්ම සහ නියම අත්දැකීමක් වේවි.


Next Generation Google Assistant: Demo 2 at Google I/O 2019

එපමණක්ම නෙමෙයි Google Duplex ,web සඳහාත් යොදාගත් බවට ඔවුන් සඳහන් කලා. restaurant reservation එකක් phone එකෙන් කරගන්න අවශ්‍ය වුනාම Google Duplex වල සහය ලබාගන්න හැකියාව තිබුනා. එහිදී සිදු වුනේ අපි වෙනුවට google assistant මගින් Google Duplex හරහා අපේ reservation එක සිදු කිරගනිමයි. නමුත් දැන් එම හැකියාව web සඳහාත් යොදාගත හැකි බවට මෙවර I/O එකේදී සඳහන් කලා. ඉතින් දැන් duplex restaurant reservation වලට පමණක් සීමා වෙන එකක් නැහැ.

We’re extending Duplex to the web to help you complete tasks faster.



ඔයාගේ alarm එක හෝ timer එක “Stop” කියලා නවත්වන්න හැකි වුනා නම් හොදයි නේද, Google Home speakers සහ Smart Displays වල දැන් ඒ හැකියාව තිබෙනවා.
තවත් විශේෂ දෙයක් තමයි ඔයා කැමති කෙනෙක්ගේ contact එක google assistant ට හඳුන්වා දීලා එයාගේ විස්තර දැනගන්න පුළුවන්. “Hey Google, what’s the weather like at my mom’s house this weekend?” ඔයාට පිළිතුරු ලබාගන්න පුළුවන්.
Personal References ලෙස තමයි මේ අලුත් feature එක නම් කර තිබෙන්නේ.
ඔයාගේ කැමැත්තට අනුව අලුත් recipe එකක් , event එකක් හෝ අහන්න music තෝරලා දෙන්නත් google assistant සුදානම්. ඔයාගේ search history එකට සහ අනික් personal දේවල් වලට අනුව තමයි මේවා ඉබේටම තොරගැනෙන්නේ.

Google assistant driving mode එකත් android phone එකට එන්න නියමිතයි, ඔයාගේ route එකේ navigation, favorite song එක play කරන්න , call එකක් pick කරන්න වගේ ගොඩක් දේවල් ඔයා driving කරන අතරතුර ඔයා වෙනුවට කරන්න මේ අලුත් feature එක සුදානම්. ඔයාගේ car එක remotely control කරන්නත් හැකියි, car එකේ temperature adjust කරන්න , fuel level එක check කරන්න හෝ doors lock කරලද check කරන්න දැන් නිවසේ සිටම පුළුවන්.

ඔවුන් සඳහන් කරපු තවත් දෙයක් තමයි Game makersලට Smart Displays’ interactive screens වලට develop කරන එක හුගක් වාසි වෙයි කියලා,මොකද voice, visuals and touch සමගින් games ගොඩක් ඉදිරියේදී develop කරන්න දැන් පහසුකම් තිබෙන නිසා .
ලිපිය ටිකක් දීර්ඝ වුනත් අලුත් දේවල් දැනගන්න අසාවෙන් ඉන්න කෙනෙක්ට තවත් විස්තර දැනගන්න ඕන නම් මෙතනින් බලන්න පුළුවන්.ඉතින් මේ වගේ announcements ගොඩක් Google assistant සම්බන්දව මෙවර IO එකේදී ඉදිරිපත් වුනා. අලුත් තාක්ෂණයත් එක්ක ජිවිතේ හුගක් පහසු කරන්න ඊලග IO එකෙනුත් අලුත් දේවල් ගෙන එන්න Google සුදානම්.