Pixel සහ Pixel XL smart phone සමඟ ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කරන ලද, Google Assistant අතිශයින්ම තරඟකාරී ගමනක යෙදී සිටී. Amazon’s Alexa, Apple’s Siri හා Microsoft’s Cortana නිකුත් විමත් සහ ඒවායෙ සාපේක්ෂ ප්‍රමාදයත් සමඟ Google Assistant ඉක්මනින් මෙම අවකාශයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු බවට පත් විය.

ඇත්ත වශයෙන්ම Google ආයතනයට අවශ්‍ය වී තිබුනේ ජංගම දුරකථන වලට වඩා තව දුරටත් hardware තුළම Google Assistant දැකීමටයි. එබැවින් 2016 දී Google Home හඳුන්වාදෙන ලද්දේ Google Assistant විසින් සවිබල ගන්වන ලද speakers සම්බන්ධ කිරිමෙනි. 2017 දී Google Assistant තවත් ව්‍යාප්ත විය. දැන් එය Android Nougat and Marshmallow මත පදනම් වූ smartphone සඳහා සහාය දක්වයි.

IFA 2017 දී තෙවන පාර්ශ්වීය Assistant-powered smart speakers ගණනාවක් ප්‍රකාශයට පත් කරන ලදි. මෙම ආකෘතිය ඉතා හුරුබුහුටි වන අතර එය වෙළඳපොළ පවත්වා ගෙන යාම සඳහා අනිකුත් නිෂ්පාදන තරඟකාරීව කටයුතු කරයි.

මෙම විශේෂාංගය තුළ දැනටමත් ලබා ගත හැකි හා ප්‍රකාශයට පත් කර ඇති නමුත් තවම release නොකළ Google Assistant පාදක වූ smart speakers වෙත යන්නෙමු.

 

Google Home

 Google Home යනු smart speakers එක් වු Google පළමු ව්‍යාපෘතියයි.Google home හි සාමාන්‍යයෙන් ශබ්ද ප්‍රමාණය දර්ශනය කිරීම සඳහා සහ “OK ගූගල්” command සඳහා LED බල්බ ක්‍රියාත්මක වේ. button එකක් මගින් එහි microphone එක ක්‍රියාවිරහිත කල හැක.

User විසින් smart phone එකේ Google Home app එක access කල පසු එමඟින් ඔහු හෝ ඇය තම නිවසේ Wi-Fi ජාලයට සම්බන්ධ කළ හැකි වේ.එය Amazon Echo වලට වඩා පුළුල් විශිෂ්ඨ අත්දැකීමක් ලබා දීමට සමත් වේ. Google Home ආරම්භය සිටම, software updates මගින් hands-free voice calling ඇතුළු features ගණනාවක් හ හදුන්වා දෙනු ලැබුවා.

එක්සත් ජනපදයේ Google Home සාමාන්‍ය මිල ඩොලර් 129 ක් පමණ වන නමුත්  එම මිල ගණන් කලින් කලට වෙනස් විය හැක. විවිධ වර්ණ හා නිමාවකින් විකල්ප speaker  සහිත Google Home  මිලදී ගත හැකිය. Google Home එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්රේලියාව, ප්රංශය, ජර්මනිය සහ ජපානය යන රටවල පවතී.

Mobvoi TicHome Mini

මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කරන ලද මෙම කුඩා, බැටරි බලය සහිත තැටිය වැනි smart speaker එක IPX6  ජල ප්‍රතිරෝධක තාක්ෂනයෙන් යුක්තයි . Bluetooth speaker  එකක් ලෙසද භාවිතා කළ හැකිය.එය ඩොලර් 100 කටත් වඩා අඩු මිලක් යටතේ මෙම වසරේදී අලෙවි කිරීමට නියමිතය. Mobvoi යනු සැබවින්ම Google හි සුලු ආයෝජනයක් සහිත චීනයේ මූලික සමාගමකි.චීන ජනතාවට google සේවාවන්ට හඳුන්වා දීම සඳහා මෙය භාවිතා විය හැකිය. 

Anker Zolo Mojo

මෙම Anker Zolo Mojo නිපදවන්නේ බාහිර බැටරි සඳහා වඩාත්ම ප්‍රසිද්ධ  Anker සමගම විසිනි. Zolo Mojo speaker එක සතුව සිලින්ඩරාකාර පෙනුම Amazon Echo හි වැඩිදියුණු වුවක් ලෙස පෙනේ. එහි  Bluetooth wireless තාක්‍ෂණය ද ඇත. Anker ඉඟි කරන්නේ මෙය Google Assistant බලැති smart speakers පේළියක පලමු පියවර විය හැකි බවයි. Zolo Mojo සඳහා මිල ගණන් තවමත් අනාවරණය කර නොමැති නමුත් එය මේ වසර අවසාන වීමට පෙර වෙළදපොලට පැමිණෙනු ඇත.

Panasonic GA10

හොඳින් හඳුනන ඉලෙක්ට්රොනික් සහ උපකරණ සමාගමක් වන Panasonic මෙම speaker එක  නිපදවා ඇත.මෙය  TV හෝ stereo එකකට සමාන පෙනුමක් ඇත.GA10 හි ඇතුළත 20 mm වූ dome tweeters දෙකක් ඇති අතර එය කළු හෝ සුදු වර්ණයෙන් යුක්ත වේ.     මිල ගණන් සහ නිකුත් කරන දිනය තවමත් අනාවරණය කර නොමැත.

JBL Link 10, Link 20, and Link 300

Harman හි අනුබද්ධ සමාගමක් වන JBL මෑතකදී Link වෙළඳනාමය යටතේ Google Assistant පදනම් වූ smart speakers පේලියක් දියත් කිරීමට සැලසුම් කර ඇත. Link 10 සහ Link 20 speakers ,Echo මෙන් බැටරි හා AC power දිය හැකි ලෙස සකසා ඇත. Link 10 සඳහා පැය පහක් බැටරි ආයු කාලයක් තිබෙන අතර Link 20 පැය 10 දක්වා කාලයක් ඇත. IPX7  තාක්‍ෂණය යටතේ waterproof  කර ඇත.LINK 300 වඩාත් ප්‍රබල ශබ්දයක් සහිතයි.නමුත් බැටරි වලින් ක්‍රියාත්මක කල නොහැක. මෙම සියලු  smart speakers, multi-room sound සඳහා එකට සම්බන්ධ කළ හැකිය.

Link 10 මිල $149 කටත්, Link 20 $ 199 කටත් සහ Link 300 මිල $ 249 කටත් තක්සේරැ කර ඇත.

Sony LF-S50G

Sony සමගම විසින් Xperia speaker පෙල සමග ආරම්භ කල Android පාදක කරගත් smartphones මේ වසරේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. LF-S50G විසින් Google Assistant භාවිතා කර, පාරිභෝගිකයාට එදිනෙදා කටයුතුවලදී උපකාරයක් ලබා දෙයි. Apple සමාගමේ HomePod එකට සමානය. මෙය අංශක 360 ක් විහිදෙන ලෙසට ශබ්දය ලබා දෙයි. එසේම Bluetooth ආධාරකයක් සහ LED ඔරලෝසුවක් ද ඇත.

Sony සමාගම $200 ක් පමණ මුදලකට LF-S50G එක්සත් ජනපදයේ විකිණීමට සැලසුම් කර ඇත. එය කළු හෝ අළු වර්ණයන්ගෙන් තෝරාගත හැකිය. ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය වැනි රටවල නොවැම්බර් මාසයේදී විකිනීමට සැලසුම් කර ඇත.

Onkyo Smart Speaker G3 

මෙම කුඩා උපාංගය එහි design එක අනුව එතරම් සංකීර්ණ නොවුනත්  Onkyo ඇතුලාන්තයෙන්  සංකීර්ණ උපාංගයකි. Google Assistant  මෙන්ම Chromecast මත පදනම් වූ රැහැන් රහිත ශබ්දකෝෂ සහිත වේ.එමෙන්ම ගුණාත්මක DSP  තාක්ෂණය සහිත උසස් ප්‍රමිතියේ ශබ්ද ලබා දේ. Onkyo Smart Speaker G3 කළු හෝ සුදු වර්ණවලින් යුක්ත වන අතර ඔක්තෝබර් මාසයේ දී $250 කට ආසන්න මුදලක් අලෙවි වනු ඇත.