අපි කවුරුත්  එදිනෙදා ජිවිතයේ headphone භාවිතා කරනවා.අද අපි ඔයාලට කියන්නේ යන්නේ  අලුත්ම හදුන්වාදීමක්.අපි කවුරුත් හොදින් දන්නා Google Assistant සේවාව Headphone සදහා Support කරනවා කියල ඔයාල දන්නවද?

පසුගිය සති කිහිපයේ Google ආයතනය අන්තර්ජාලයට මේ පිලිබදව තොරතුරු මුදාහැරලා තිබ්බා.නමුත් ආරම්භයක් විදිහට මේ පහසුකම ලබාගන්න පුළුවන්වෙන්නේ BOSE QC35|| කියන උපාංගයට පමණයි.ඉතින් ඔයාලට මේ සේවාව අත්විදින්න නම් ඔයාලට මේ Headphone එක මිලදී ගන්න වෙනවා.

Gogle Assistant සේවාව හින්ද අපිට මේ Headphone එක භාවිතා කරලා අපේ  ජංගම දුරකථන භාවිතය ඉතාම පහසු කරගන්න පුළුවන් වෙලා තියනවා.කොටින්ම කියනවනම් අපේ ඇගිල්ලට පුංචි නිවාඩුවක් දෙන්න පුළුවන්.එකට හේතුව තමයි අපිට පුළුවන් අපේ Voice එකේනේ හුගක් දේවල් කරන්න මේ උපකරණය හරහා

වැදගත්ම කරුණ තමයි අපේ Mobile Phone එකට එන ඕනෑම Notification එකක්අපිට ඉක්මනටම දැනගන්න පුලුවන්.Google assistant සේවාව ඔයාලට ඒ පිලිබදවඉක්මනින් දැනුවත් කිරීමක් කරනවා.උදාහරණයක් විදිහට Text msg එකක් අවේ කාගෙන්ද?එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ මොනාද?Reply කරනවද නැද්ද කියලත් ඔයාලගෙන්  විමසිමක් කරනවා.Reply කරනවා නම් කරන්න තියෙන්න්නේ Microphone එක හරහා කියන්න විතරයි.Assistant Msg  එක සෙන්ඩ් කරනවා.

ඉතින් මෙන්න මේ වගේ ගොඩක් Features තියනවා.Song එකක් Play කරගන්න.Call එකක් ගන්න…Event එකක් දැනගන්න වගේ ඕනෑම දෙයක් මේ Device එක හරහා කරදරයක් නැතුව කරගන්න පුළුවන්.ඔයාලට කරන්න තියෙන්නේ Voice Command කරන්න විතරයි.

ඉතින් මේ අත්දැකීම ඔයාලට අත්විදීමට ඔයාලට කරන්න තියෙන්නේ Headphone එක මිලදී ගන්න පමණයි.