VR  නැත්නම් Virtual Reality කියන්නේ අපට නුපුරුදු  වචනයක්  නෙවෙයි. සරලව කිව්වොත් අතාත්වික  දේවල්  තාත්වික  විදිහට  පෙන්වන එක, නැත්නම් ශබ්දයක්  අපිට දැනෙන විදිහට ඉදිරිපත් කරන එක VR කියල කියන්න පුළුවන්. VR උපාංග ලෙස වෙළඳපොලේ Oculus Rift, HTC Vive, PlayStation VR වගේ headsets දැකගන්න පුළුවන් වුනාට Google Cardboard වල  තත්වයට එන්න තාමත් කිසිම උපාංගයකට හැකි වෙලා නෑ. වෙනත් විදිහකට කිව්වොත් Google Cardboard තමයි දැනට VR අත්විදින්න පුළුවන් සුපිරිම තාක්ෂණික උපාංගය.

Cardboard පරිහරණය කරන්නන් ඊට ගැලපෙන Apps මොනවද කියල මීට කලින් හිතල ඇති, නොයෙක් ඒවා පරිහරණය කරලත් ඇති. ඒත් දැන් අපි කියන්න යන්නේ දැනට Google Cardboard වලට ගැලපෙනම VR apps මොනවද කියලා.

01. Google Cardboard app

GOOGLE PLAY හරහා නොමිලේ download කර ගත හැකි අතර official Google Cardboard app ඔබගේ smartphone එකේ තිබිය යුතුම app එකක්. Cardboard මගින් ඔබගේ smartphone එකට virtual reality එක් කරන විට cardboard app ඔබ කැමතිම VR අත්දැකීම්, නව apps හා set up views ලබාදෙනවා. Google Earth මගින් නොයෙක් තැන් වල සංචාරය කරන්නට VR යොදා ගන්න පුළුවන්.තවද මෙමගින් තම උපාංගයේ store කර ඇති videos, photospheres සහ වෙනත් VR අන්තර්ගත දෑ නැරඹීමට අවස්ථාවක් ලැබෙනවා.
• Earth:  Google Earth සමග කැමති තැනකට සංචාරය කරන්න.
• Tour Guide: local guide සමග Versailles සංචාරයක්.
• My Videos: පුළුල් තිරයක ඔබගේ videos නරඹන්න.
• Exhibit: විවිධ කෝණ වලින් සංස්කෘතික කලා නිර්මාණ නිරීක්‍ෂණය කරන්න.
• Photo Sphere: ඔබ capture කල photo spheres බලන්න.
• Arctic Journey:  ආක්ටික් සංචාරයක් සමග northern lights නරඹන්න.

 

02. AAA VR Cinema

GOOGLE PLAY හරහා නොමිලේ download කර ගත හැකි අතර AAA VR Cinema මගින් ලෙහෙසියෙන් හා පහසුවෙන් ඔබගේ උපාංගයේ store කර ඇති VR අන්තර්ගත නැරඹිය හැක. අංශක 180 හා 360 video පහසුකම, head tracking, NAS පහසුකම හා දිගු වෙලාවක් video නැරඹීමේදී ඇතිවන ගැටළු මගහැරීමට මෙම app එකට හැකියාව තියනවා. Google Cardboard පැළඳගෙන, ඔබගේ උපාංගයේ ඇති video එකක් මෙම app එකේ play කර VR අත්දැකීම ලබා ගන්න පුළුවන්.

 

03. Apollo 15 Moon Landing VR

GOOGLE PLAY හරහා නොමිලේ download කර ගත හැකි අතර නමේ සඳහන් විදිහටම මෙහිදී සඳ මත පා තැබීම VR අත්දැකීමක් ලෙස වින්ද ගන්න පුළුවන්. සඳ මත දී චලනයන්, පා සටහන තැබීම,එහා මෙහා ඇවිදීම වගේ දේවල් අත්විදින්න මෙම app එක උපකාර වෙනවා. ඒ සඳහා නවීන smart phone එකක් අවශ්‍ය වන අතර app එක full resolution යටතේ ක්‍රියාත්මක කල යුතුයි. Google Cardboard සඳහා ගැලපෙන තවත් එක් app එකක් ලෙස මෙය හඳුනා ගන්න පුළුවන්.

 

04. Androids Dream

ඔබ දැනටමත් Google Cardboard Headset මගින් VR අත්විදින කෙනෙක් නම් මෙම නිල නොවන VR අත්දැකීම නොමිලේ ලබා ගන්න පුළුවන්. graphics සමන්විත,iconic movie එකක් බඳු ත්‍රාසයජනක,cyber නගරයක හිටගෙන, ඉඳගෙන හෝ spinner එකක් මත පා වෙමින් ඔබට VR අත්දැකීම සමීප කරන්න මෙම app එකට හැකියාව තියනවා. මෙය cardboard භාවිත කරන බහුතර mobile VR ලෝලීන්ගේ හදවත දිනාගත් app එකක්.

 

 

05. Cardboard Camera

Cardboard Camera යනු තවත් එක් විනෝදජනක VR app එකක්. මෙය ඉලක්ක කරන්නේ VR පින්තුර හා පසුව ඒවා VR මගින් නැරඹීම ගැනයි. එය වඩාත් පහසු වන්නේ ආරම්භයේදී account sign up වීමක් Google වෙත අවශ්‍ය නොවීමයි. picture එක download කර, එය open කර නැරඹීමට හැකි අතර මුලදී නුහුරු වුවත් පසුව මෙය වඩාත් විනෝදජනක වනු නොඅනුමානයි.

 

06. Titans of Space

Google Cardboard සඳහා ඇති VR apps අතරින් තවත් එක් ජනප්‍රිය app එකක් වන අතර සෞරග්‍රහ මණ්ඩලය (solar system)වටා ඔබට සංචාරය කරන අතරම එහි ක්‍රියාකාරීත්වය නරඹන්න වගේම ග්‍රහ වස්තු ගැන ඉගෙන ගන්නත් (voice narration මගින්) පුළුවන්. App එක සහ එහි අංග සම්පූර්ණයෙන්ම නොමිලේ download කර ගත හැකි අතර voice narration වැනි පහසුකම් මිලදී ගත හැකියි.

Source : https://www.androidauthority.com/best-google-cardboard-vr-apps-622766/