ඉතින් යාලුවනේ අද අපි ඔයාලට අරන් ආව අලුත් දෙයක් ඒ තමයි Google ආයතන ඔයාල වෙනුවෙන් නිෂ්පාදනය කරලා තියෙන අලුත්ම device එක, ඒ තමයි Google Clip කියන කැමරාව .මෙන්න මේ කැමරාවෙ තියෙන විශේෂත්වය තමයි කෘතීම බුද්ධිය ඒ කියන්නේ AI භාවිත කරල තමයි තියෙන්නේ.

Google ආයතන මේ Device එකෙන් ඉලක්ක කරලා තියෙන්නේ  විශේෂයෙන් දෙමව්පියන්ව සහ සුරතල් සතුන් ඉන්න පුද්ගලයන්ව.මේ device එක ප්‍රමාණයෙන් ඉතා කුඩා හින්ද අපිට පුළුවන් කරදරයක් නැතුව රැගෙන යන්න ඒවගේම ඕනෑම තැනක රදවන්නත් ඉතාමත් ඉහල ගුණාත්මක බවකින් යුක්ත  තත්පර 7 ක video clip එකක් රදවා ගන්නත් අපිට පුළුවන් ..

මේ device එක සදහා භාවිත කරල තියෙන්නේ  12 Mega Pixel  කැමරාවක් ඒ වගේම  අංශක 130 ක පරාසයකට මේ  කැමරාව භාවිත කරන්න පුළුවන්.Google clip එක සදහා භාවිත කරලා තියෙන්නේ MYRIAD2 කියන Visual Processing unit එක.මේ device  එක  WIFI භාවිතා කරලා ඔබේ ස්මාර්ට් phone එකට සම්බන්ද කරන්න පුළුවන්.හැබැයි GOOGLE CLIP APP එක support කරන්න Google Pixel, Samsung Galaxy s7/s8,Apple IPhone 6 සහ ඊට පසුව වෙළදපොලට ආව device වලට පමණයි.

මේ කැමරාවට පුළුවන් ඔයාලගේ ගෙදර අයව ඒ වගේම සුරතල් සතුන්ව කෘතීම බුද්ධිය භාවිත කරලා අදුන ගන්න. ඒ වගේම  මේ device එක මැනුවලි භාවිත කරන්නත් ඔයාලට පුළුවන් ඒ සදහා Shutter Button එකකුත් මේ device එකේ තියනවා.භාවිත කරන පුද්ගලයාගේ පහසුව වගේම ආරක්ෂාව ගැන හිතල AUDIO පාටිගත වීමේ හැකියාව මේ උපකරණයෙන් ඉවත් කරලා තියනවා.

මේ device එකට තියෙන්නේ 16GB  මතක ධාරිතාවක් .Google ආයතන මේ Device  එක නිර්මාණය කරනකොට අපේ ආරක්ෂාව ගැන හුගක් හිතල තියනවා . Device එකේනේ  පින්තුර හෝ  Video clip එකක් ලබාගන්න විට සුදු වර්ණයෙන් බල්බයක්ය දැල්වෙනවා. ඒවගේම  දත්ත ගබඩා කිරීමට Cloud සේවාවාක් භාවිත කරලා තියනවා.

ගිය අවුරුද්දේ  OCTOBER මාසේ ඉදිරපත් කරපු මේ DEVICE එක මේ වෙනකොට  $249 මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්..