Whatsapp! 2009 දී ලොවට මුලින්ම හඳුන්වලා දුන්න මේ app එක අද වෙන කොට ලොව පුරා ජීවත් වෙන බිලියන 1 කටත් වඩා වැඩි පිරිසකගේ  නැතුවම බැරි සමීපතයෙක් වෙලා අවසන්. Whatsapp හරහා තොරතුරු හුවමාරු කරගන්න අපිට, Whatsapp chats  වගේම ඒ හරහා හුවමාරු කරගන්න images, videos, documents  ආදී සියලු දේ ගොඩාක් වැදගත් වගේම වටින දේවල් වෙන්න පුලුවන්. ඒ නිසාමයි අපේ Whatsapp account එක හා සම්බන්ධ සියලු තොරතුරු අපේ phone memory එකට auto back up වෙන විදියට සේවාව හඳුන්වලා දීලා තිබුණේ.

ඒත් අපේ  phone එක හදිස්සියේම අපිට මාරු කරන්න වුනොත්? අපේ phone එක  හදිස්සියේම repair කරන්න වෙලා phone එක තිබුණ backups ඔක්කොම අපිට  අහිමි වුනොත්? මේ කාරණාවටත් විකල්පයක් Whatsapp සමාගම සතු වුණා. Whatsapp  හා සම්බන්ධ සියලු තොරතුරු අපේ google drive එකට back up කර ගැනීමේ අවකාශය ඔවුන් අපිට සලස්වලා දීලා තිබුණා. නමුත් අපේ google account එකකට සමගාමීව අපිට ලැබෙන්නේ 15 GB තරම් වූ සිමිත cloud storage  අවකාශයක්. එයිනුත් සැළකිය අවකාශයක් Whatsapp backup සඳහා වෙන් කිරීමට සිදු වීම බොහෝ දෙනෙකුට මතු වෙලා තිබුණ ගැටලුවක්.

ඒ සියලු දෙනාටම සතුටුදායක අරන්චියක් තමා මේ. මෙය සිද්ද වෙන්නේ Facebook හිමිකාරිත්වය යටතේ පවතින Whatsapp සමාගම, Google සමාගමත් එක්ක ඇතිකරගන්න ගිවිසුමකට අනුවයි.  2018 නොවැම්බර් මාසේ 12 වෙනිදා ඉඳන් Whatsapp backup සඳහා  google drive storage අවකාශයේ අසීමිත ඉඩක් ලබා දෙන්න තීරණය කරලා.

මොකද්ද මේ කතාවේ තෙරුම? මෙහෙමයි! 2018 නොවැම්බර් මාසේ ඉඳන්, අපේ whatsapp backup සඳහා වැය වෙන google drive storage අවකාශය, අපිට ලැබිල තියන 15 GB storage අවකාශයෙන් වැය වෙන කොටසක් විදියට සළකන්නේ නැහැ. තවමත් වෙනදා වගේම අපේ Whatsapp backup එක store වෙන්නේ අපේ  google account එකට සමගාමීවම අපේ google drive එකේම තමයි. නමුත් අපේ google drive එකේ අපි පරහරණය කරලා තියන storage capacity එක සම්බන්ධව ගණනය කිරීම් සිදු කරද්දී අපේ whatsapp backup එක යොදා ගෙන තියන storage capacity එක සළකන්නේ නැහැ. ඉතින් තවදුරටත් අපිට අපේ  whatsapp backup එකේ විශාලත්වය ගැන වද වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔවුන් අපිට google drive තුල අසීමිත storage අවකාශයක් ලබා දි අවසන්!

මේ අවුරුද්ද අගදි, ඒ කියන්නේ නොවැම්බර් මාසයේදි Whatsapp සමාගමේ update එකත් එක්ක සිදු වෙන්න නියමිත තවත් වැදගත් දෙයක් තියනවා. ඒ තමයි, පහු ගිය අවුරුද්දක කාලයක් තුළ කිසිදු update එකක් සිදු නොවුණ සියලු whatsapp backups ඔවුන් විසින් google drive storage  අවකාශයෙන් ඉවත් කරන්නට තීරණය කරලා තියනවා. ඉතින් මේ ලිපිය කියවන ඔබත් සැළකිය යුතු කාලයකින් whatsapp backup එක update නොකරපු කෙනෙක් නම්  ඔබ තවමත් පරක්කු නැහැ. නමුත් නොවැම්බර් වලදි එන්න තියන Whatsapp update එකට කලින් whatsapp backup එක update කරන්න නම් අමතක කරන්න එපා.

තමන්ගේ Whatsapp acoount එක google drive එකට backup කරන්නෙ කොහොමද කියල හරි අවබෝධයක් නැති අයට ඒ ගැනත් කෙටියෙන් කියන්නම්. මුලින්ම ඔයාගෙ smart phone එකේ Whatsapp app එක open කරන්න. ඊළඟට මේ දීලා තියන steps ටික follow කරන්න.

Settings   —–>   Chats  —–>   Chat backup —–> Back up to Google Drive

Backup to Google Drive option එක select  කරාට පස්සේ backup කරන්න frequency  එකක් select කරන්න පුලුවන්. ඊළඟට ඔයාට තියෙන්නේ Whatsapp backup එක store කරන  google account එක enter කරල Back up over යටතේ  Wi-Fi  නැත්නම් Wi-Fi/Cellular data කියන options දෙකෙන් එකක් select කරන එක. Wi-fi network එකකට සම්බන්ධ වෙලා back up කරන්න පුලුවන් නම් ඒක ගොඩාක් වැදගත් වේවි.  එහෙම කියන්න හේතුව තමයි whatsapp backup එකේ විශාලත්වය මත mobile data හරහා සැළකිය යුතු වියදමක් ඔබට දරන්නට සිදු වෙන්න පුලුවන්.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…