මුලින්ම කියන්න ඕන මේ තමයි Google I/O extended event එකට කලින් ඒ ගැන ඔයාලට විස්තර කියන අවසන් ලිපිය. මේ ලිපිය සැකසෙන්නේ 2018 මැයි 6 වැනිදා පළවුණු Sunday Leader පුවත්පතේ “Dialog Axiata and Ideamart to host SE Asia’s largest Google I/O 2018 Extended event” කියන ලිපිය ඇසුරින්. එහි link එක මේ ලිපියේ අන්තිමට ඔයාලට බලාගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අති උත්කර්ෂවත්ම tech event එක තමයි Google I/O Extended Sri Lanka කියලා කියන්නේ.

මේ උත්කර්ෂවත් event එක සඳහා සියලුම සංවිධාන කටයුතු සිදු කරන්නේ Dialog, Ideamart සහ Google Developer Group Sri Lanka (GDG) කියන ආයතන. මේ event එක හැම වසරකම මේ කාලයේදී පැවැත්වෙන්නේ තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයින් රැසකගේ දායකත්වයෙන්. ඉතින් මේ වසරේදීත් මේ event එක Google I/O Extended Sri Lanka 2018 යන නමින්, 2018 මැයි 8 වැනිදා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන්නේ හවස 5 සිට මැයි 9 වැනිදා අලුයම 5 දක්වා. මේ වසරේ මෙහි තේමාව ‘A Connected World through IoT’  ලෙස යොදා තිබෙනවා. මේ event එකේ සංවිධායකයන් කියන විදිහට මේ සඳහා 3500 කට වැඩි පිරිසක් සහභාගී වෙයි කියල ඔවුන් බලාපොරොත්තු වෙනවලු.

මීට අමතරව මෙදා සැරේ event එකේදී තාක්ෂණික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳව පිරිස දැනුවත් කරන්න සහභාගී වෙන ආරාධිත අමුත්තන් ගැනත් එහි සඳහන් වෙලා තිබුණා. Google Inc ආයතනය නියෝජනය කරමින් එහි Developer Relations අංශයේ ප්‍රධානි පෝල් රවින්ද්‍රනාත්,

Country Engineering Consultant – Sri Lanka ලෙස කටයුතු කරන කේෂාන් සෝදිමාන,

සිංගප්පුරුවේ Google Developer Expert කෙනෙක් විදිහට කටයුතු කරන ලිම් ශැන්ග් යි,

Google County Consultant, Sri Lanka ලෙස කටයුතු කරන ප්‍රශාන්තන් බාලක්‍රිෂ්නන් සහ

Google Crowdsource හි Architect කෙනෙක් ලෙස කටයුතු කරන රිචා සිංග් මෙනවිය හා මහත්වරුන් ඔවුන්ගේ දැනුම බෙදාහදා ගන්න එකතු වෙනවා කියලයි ආරංචි.

මීට අමතරව ඔයාල හැමෝටම කතා කරන්න එදාට අපි හැමෝම දන්න ප්‍රසිද්ධ පුද්ගලයන් දෙන්නෙකුත් මේ event එකට සහභාගී වෙනවා.

ඒ, N-Able සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරි පීටර් දි අල්මේදා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා. ඔවුන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරික ලෝකය තුල තමන්ට අනන්‍ය වූ තැනක් හදාගන්නත් ඒ සඳහා වන නායකත්ව ලක්ෂණ ගැනත් කියල තමයි සංවිධායක මණ්ඩලය කියන්නේ.

 

මේ වසරේ මේ event එක හරහා ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රය තවතවත් IOT තාක්ෂණය සහ එහි යෙදවුම් භාවිතය වෙත යොමු කරවීම තමයි Dialog ආයතනයේ අරමුණ වෙලා තියෙන්නේ. මෙහී අවසන් අරමුණ Kiosks සහ IOT එකතුවෙන් smart නගර හරහා එකිනෙක සමග සම්බන්ධ වූ වටපිටාවක් ශ්‍රී ලංකාව තුල  ගොඩනැගීමලු.

මේ විශේෂාංග වලින් පස්සේ කාලය වෙන් කරලා තියෙන්නේ සම්මාන ප්‍රදානයක් සඳහා. දැනට ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස ඇගයීමට ලක් කිරීම තමයි මෙහි අරමුණ. එහිදී වසරේ Youtuber, වසරේ android app එක, වසරේ tech startup එක, වසරේ tech blogger, වසරේ හොඳම google technology එක සහිත Ideamart app එක සහ වසරේ කාන්තා ව්‍යවසායිකාව කියන අංශ වලට මේ සම්මාන ලබා දීම සිදුකෙරෙනවා.

මෙහිදී වසරේ tech blogger කාණ්ඩය යටතේ GGSLK අපේ නමත් නිර්දේශ වෙලයි තියෙන්නේ.

මෙම සම්මාන සඳහා සුදුස්සන් තෝරාගනු ලබන්නේ online votes ඇසුරින්. වැඩිම votes ප්‍රමාණයක් ලබාගෙන ඇති පුද්ගලයන් සම්මානය සඳහා සුදුසුකම් ලබනවා. ඒ සඳහා මනාපය පළකිරීම google form එකක් හරහා පසුගිය දිනවලදී සිදුකෙරුණා. Dialog සමාගම ඇතුළු සංවිධායක මණ්ඩලය හිතන විදිහට මේ මගින් ලංකාවේ පාසල් ශිෂ්‍යයන් හා තරුණ පිරිස තව තවත් තාක්ෂණ ලෝකය වෙත නැඹුරු වීම සිදුවෙනවා කියලයි ඔවුන් කියල තිබුනේ.

මේ රාත්‍රියේ ප්‍රධානම අංගය තමයි කැලිෆෝර්නියාවේ පැවැත්වෙන google සමාගමේ වාර්ෂික conference එකට සමගාමීව ශ්‍රී ලංකාවේදී ගෙන එන එහි සජීවී විකාශය. මෙහිදී ඔයාලට google CEO Mr Sundar Pichai ගේ කතාවටත් සවන්දෙන්න පුළුවන්. ඒ වගේම මෙහිදී එලි දක්වන්නට නියමිත නවතම technologies වන Android P, Android Wear 3.0 සහ  Google’s Virtual Reality (VR) push ගැනත් තොරතුරු ඒවායේ developers ලගෙන්ම ඔයාලට අහල දැනගන්න පුළුවන්.

මේ event එකේ සංවිධායකයන් තවදුරටත් කියන විදිහට ඔවුන් අපිට පොරොන්දු වෙනවා මේ රාත්‍රිය නව දැනුම, විනෝදය සහ කුතුහලය පිරුන ලස්සනම රාත්‍රියක් වෙන බවට.

තවත් විශේෂ දෙයක් තියෙනවා. ඔයත් මේ event එකට සජීවීව සම්බන්ධ වෙන්න බැරි වෙන කෙනෙක් නම් Dialog Tv Channel 1 – Dialog Now ඔස්සේ හෝ FB live පහසුකම ඔස්සේ මෙහි සජීවී විකාශය නරඹන්න ඔයාලට අවස්ථාව තියෙනවා.

එහෙනම් අපේ යාලුවෝ හැමෝම මේ event එක එක්ක එකතු වෙලා බලන්නකෝ. මැයි 8 වෙනිදා රාත්‍රිය ඔයාලා හැමෝටම  වටිනා එකක් වෙන බව අපිට විශ්වාසයි.

Reference:

http://www.thesundayleader.lk/2018/05/06/dialog-axiata-and-ideamart-to-host-se-asias-largest-google-io-2018-extended-event/