මේ වෙනකොට Pixel ජංගම දුරකථන ගැන හැමෝම ඇති කියල හිතනවා. අද කියන්න හදන්නේ ඊට සම්බන්ධ ඒත් වෙනස් දෙයක් ගැන. ගිය අවුරුද්දේ අවසන් වෙද්දි Google සමාගමේ පොඩි බලාපොරොත්තුවක් ගැන නිල නොලත් ආරංචි ලැබුණා. ඒ තමයි සමාගම විසින් අඩු මුදලට(mid-range phone) නිෂ්පාදනය කරන්න සූදානම් වෙන බව. මේ වෙද්දි Pixel 2 දුරකථනයත් නිකුත් වෙලා තිබුණත් ඒ කිසිම එකක් budget phone එකක් වුණේ නෑ. ඒත් මේ අපි කතා කරන දුරකථනය mid-range phone එකක්. කොහොම වුණත් මේක ඇමෙරිකාවේදී මිලට ගන්න බැරි වෙන බවත් කතාබහක් තිබුණා.

ඉතිං මේ අළුත් device එක මේ වසරේ ජූලි හෝ අගෝස්තු මාසයේදී ඉන්දියාවේදී නිකුත් කරන්නයි සමාගම දැනට plan කරල තියෙන්නේ. මේ නිෂ්පාදනයේ මූලික අරමුණ විදියට සලකන්නේ Pixel දුරකථන සඳහා වෙළඳපොළ පුළුක් කරගැනීමයි. මේ ව්‍යාපෘතියේ ආරම්භය වශයෙන් ඉන්දියාව තෝරගන්න ප්‍රධානම හේතුව සීඝ්‍රයෙන් වර්ධනය වෙන mid-rang market එක. ඊට ලඟා වෙන එක තරමක් පහසු බවයි පිලිගැනෙන්නේ. සාමාන්‍යයෙන් ඉන්දියාව අවට කලාපය තුළ Samsung හා Apple ජංගම දුරකථන සඳහා දැඩි ඉල්ලුමක් පවතිනවා. එනිසා මේ සමාගම් සමග තරඟ වැදීමත් මේ අළුතින් එන Pixel smartphone එකේ තවත් එක බලපොරොත්තුවක් විදියට සලකන්න පුළුවන්.

මොනවද මේ smartphone එකේ features?

Google Pixel දුරකථනයක features සාමාන්‍යයෙන් උසස් මට්ටමක තියෙන බව රහසක් නෙමෙයි. නමුත් මේ කතා කරන මොහොත වෙද්දිත් නිකුත් වෙන්න තියෙන මේ smartphone එකේ features නම් ප්‍රකාශයට පත් කරලා නෑ. ඒ කොහොම වුණත් ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වලින් කියවෙන්නේ මේ නිෂ්පාදනය සඳහා යොදාගන්නා තාක්ෂණය, කලින් වෙළඳපොලට ආපු Pixel 2 දුරකථනයේ වගේම, mid range එකට ගැලපෙන විදියට වෙනස් වෙයි කියලයි. බොහෝ දුරට 1920*1080 screen resolution එකක් එක්ක Qualcomm’s Snapdragon 400 or 600 series chipset එකක් අන්තර්ගත වෙයි කියලා Android Headlines වෙබ් අඩවිය විසින් පවසනවා. තරමක් අඩු budget එකකට ගන්න පුළුවන් වෙන මේ දුරකතනයේ OS එක Android 8.1 Oreo හෝ Android 9.0 P වෙන්න පුළුවන්. ඒක නම් තීරණය වෙන්නෙ Google සමාගම මෙය වෙළඳපොලට හඳුන්වා දෙන කාලය මතයි. ඒ වෙද්දී release වෙලා තියෙන අළුතම OS version එක සමගින් නිකුත් වේවි.

මේ ජංගම දුරකථනය ඇතතටම සහනදායී මිලකට හඳුන්වා දුන්නොත් ඉන්දියාව වගේ සීඝ්‍රයෙන් වර්ධනය වෙන දුරකථන වෙලඳපොලක පෙරළියක් ඇති කරයි අනිවාර්යෙන්ම. ඉන්දියාව අවට රට වලත්, ශ්‍රී ලංකාව ඇතුළුව මෙය ජනප්‍රිය වෙයි. ඉතිං ඔයාලා ඉදිරියේදී Pixel ජංගම දුරකථනයක් මිලට ගන්න බලපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේක හොඳ අවස්ථාවක් වෙයි.

මූලාශ්‍රය :

https://www.theverge.com/circuitbreaker/2018/4/2/17189402/google-pixel-mid-range-india-smartphone-this-year