JAM BOARD යනු GOOGLE සමාගම හිමිකාරීත්වයදරන,එකිනෙකට සම්බන්ද WHITEBOARD වර්ගයකි.මෙම නිශ්පාදනය 2016 ඔක්තෝබර් 25 දින නිලවශයෙන් ප්‍රසිද්දියට පත් කරන ලදී. මෙසේ කරළියට පැමිණි GOOGLE JAM BOARD ගැන තවදුරටත් අපි දැන ගනිමු.

G SUITE පවුලේ අංගයක් ලෙස ඇරඹුණු JAM BOARD මුල් වරට ප්‍රසිද්දියට පත්කරන විට එය සතුව අගල් 55 තිරයක් ,4K TOUCHSCREEN DISPLAY එකක් , අන්තර්ජාලය සමග ක්‍රියා කිරීම සහ CROSS-PLATFORM හැකියාව මෙම GOOGLE JAM BOARD සතුව පැවතුණි. මෙම GOOGLE JAM BOARD උපකරණය මුල්වරට හදුන්ව දුන්නේ බිත්තියක එල්ලිය හැකි රාමුවක් වශයෙනි.

මෙම GOOGLE JAMBOARD උපකරණයට ස්පර්ශක ස්ථාන 16 ක් එකවර හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. ඒ වගේම මෙහි WI-FI සම්බන්දතවයක්ද, HD FRONT-FACING CAMERA , MICROPHONE හා IN-BUILT SPEAKERS ද පවතී. මෙම තිරය පාලනය කිරීම හෝ එය මත ඇඳීම සිදු කිරීම එහිම අන්තර්ගත STYLUS  මගින් සිදු කරයි.

මෙම JAMBOARD හි පවතින මෙහෙයුම් පද්දතිය, G SUITE ECOSYSTEM හි පවතින මෙහෙයුම් පද්දතිය හා සමානවේ.  JAMBOARD හි ප්‍රධාන පාලකය “JAM” යන KEY එක දීමෙන් OPEN කරගත හැක.ඒ වගේම එහි USERS හට ඔවුන්ගේ USER SPACE භාවිතා කලා හැකිනම් එහි PROJECT වලට සම්බන්දවිය හැකිය. ප්‍රථම වරට 2017 මැයි මස මෙම GOOGLE JAM BOARD කරළියට එනවිට එහි වටිනාකම US $5000 කට අසන්න විය.