ඔබ Startup accelerator වැඩසටහන් ගැන අහල තියෙනවද? Startup කරන අයට නම් මේ ගැන පොඩි අදහසක් ඇති. Startup accelerator එහෙම නැත්නම් Seed accelerator කියන්නේ මොකක්ද?

සාමාන්‍යයෙන් බැංකු සහ රජය අරමුදල් සපයන්නෙ උපකාර කරන්නේ සම්ප්‍රදායික ව්‍යාපාර වලට විතරයිනේ. එතකොට ඔබට මුල්‍ය තාක්ෂණය, වෛද්‍ය තාක්ෂණය වගේ වෙනස් ක්ෂෙත්‍රයකින් යමක් කරන්න උපකාරයක් වුවමනා කරොත්, Startup accelerator වැඩසටහන් වැදගත් වෙන්නේ මෙතනදීයි. මෙහිදි ඔබට අවශ්‍ය උපදෙස්, සහය ඒ වගේම ආරම්භයට අවශ්‍ය දෑ සැපයීම සිදුවෙනවා.

මේ වගේ වැඩසටහන් Google සමාගමත් සිදුකරනවා. Google Launchpad accelerator කියන්නෙ ඒ විදියේ වැඩසටහනක්.  ඔවුන්ගේ accelerator program වල විශේෂතා බොහොමයක් දකින්න පුළුවන්. අපි මේ විශේෂතා ගැන ඉදිරියේදී කතා කරමු.

මෙතෙක් කාලයක් මේ program වලින් ප්‍රයෝජනය ගන්න ලැබුනේ රටවල් කිහිපයකට පමණයි. ආර්ජන්ටිනාව, බ්‍රසීලය, චිලී, කොළොම්බියාව, චෙක් ජනරජය, හන්ගේරියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, කෙන්යාව, මලයාසියාව, මෙක්සිකෝව, නයිජීරියාව, පිලිපීනය, පෝලන්තය, දකුණු අප්‍රිකාව, තායිලන්තය සහ වියට්නාමය තමයි ඒ රටවල් වුනේ. වැදගත්ම ප්‍රවෘත්තිය තමයි දැන් මේ අතරට ශ්‍රී ලංකාවත් එක්වෙලා තියෙන එක. අළුතින්ම එක්වුනු රටවල් අතර මියන්මාරය, එස්තෝනියාව, රොමේනියාව, යුකිරේනය, බෙලරුසය, කොස්ටාරිකාව, පේරු, ඊජිප්තුව, මොරොක්කෝව වැනි රටවල් කිහිපයක්ම අඩංගුයි.

ඔබ Google Launchpad accelerator program එකකට තේරුනොත්?

ඔබ Google Launchpad accelerator program එකකට තේරුනොත් ඔබට Silicon valley වල හදවත වගේ කියන Google headquarters වල සති දෙකක පුහුණුවක් ද ඇතුලත් මාස 6ක පුහුණුවක් ලැබෙනවා. මෙහිදී ඔබට 20කට අධික Google teams සංඛ්‍යාවකින් දැනුම උකහාගැනීමට අවස්ථාව ලැබෙනවා. Google engineers ල mentors ල වගේම resources එක්ක ඉතා සමීපව වැඩ කරන්න ලැබෙනවා. Google පවසන පරිදි මෙය සැමට සමානව සළකන වැඩසටහනක්. මෙහිදී Google සමග මාස 6ක් ළගින් වැඩ කරන්න ඔබට අවස්තාව ලැබෙනවා. හරියටම කිව්වොත් ඔවුන් Startups වලට ඔවුන්ට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා කියලා කියන්න පුළුවනි.

මොනවද Startups සදහා ඕනේ කරන්නේ

මුලින්ම ඔබේ අදහස තාක්ෂණය පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ. එය අදහසක්ම විතරක් නොවන වෙළදපොලට සුදුසු ඒ සදහා සුදානම් දෙයක් වෙන්නත් ඕනේ. ඒ වගේම ඔබ දේශීය වෙළදපොද ඉලක්ක කරලා තියෙන්නත් ඕනේ. වැදගත්ම දේ ඔබ Google Launchpad accelerator program ක්‍රියාත්මක වන රටක වෙන්නත් ඕනේ.

ඔබ මොන අකාරයේ ප්‍රශ්නයක් ගැනද සකච්ඡා කරන්නේ කොහොමද ඒ ප්‍රශ්නයට විසදුම් සොයලා තියෙන්නේ වගේ කාරනා තමයි Google සමාගම තෝරාගැනීම් වලදී සලකා බලන්නේ. ඒ වගේම ඔබ ඔබේ දැනුම අනිත් අය සමග බෙදා හදා ගන්නවාද යන්නත් සලකා බලනවා.

ඔබ මේ සියලු සුදුසුකම් සපුරලා කියලා ඔබට හිතෙනවනම් පහත link එක හරහා අයදුම්පතක් යොමු කරන්න පුළුවන්. නමුත් ඔබට වලංගු Google account එකක් තිබීම අත්‍යවශ්‍යයි.

https://launchpad-forms.firebaseapp.com/login