Google maps, ඔව් මම දන්නවා මෙය කියවන ඔබ බොහෝදෙ‍නෙක් Google maps භාවිත කරනවා. ඉතින් එයින් ලැබෙන පහසුව ගැන ඔබට හොද අත්දැකීමක් ඇති. යම් කිසි ස්ථානයක කොපමණ මිනිසුන් මේ මොහොතේ රැදී සිටිනවද ඔවුන් කොපමණ වේලාවක් රැදීඉදීවිද කියල බලාගන්න පුළුවන් feature එකක් Google maps මෑත කාලයේ හදුන්වා දුන්නා.

Google maps හදුන්වා දීපු අළුත්ම feature එකෙන් කෙරෙන්නෙ මාර්ග තදබය ගැන ඔබට විස්තර සපයන එක. ඔබ app එක භාවිත කරල යම්කිසි ගමනාන්තයක් තෝරගත්තා කියල අපි හිතමු. වෙනදට ඔබට ලැබෙන සුපුරුදු තොරතුරු ඒ කියන්නෙ කොපමණ වේලාවක් ගමනට ගත වේවිද ප්‍රමාදයන් වෙන්න පුළුවන්ද වගේ තොරතුරු වලට අමතරව ගමන් ගන්නා මාර්ගයේ මාර්ග තදබදය ගැන විස්තරයකුත් ඔබට ලැබේවි.

මේ අළුත්ම graph එක මුලින්ම සදහන් කරලා තියෙන යම්කිසි ස්ථානයක කාර්යබහුලකම පෙන්වන graph එකට බොහෝදුරට සමානයි. මේ මගින් සිදුවෙන්නෙ ඔබ destination එක තෝරපු මොහොතේ සිට පැයකුත් මිනිත්තු 30 කට පෙර හා ඊට පැය කිහිපයකට පසු මාර්ග තදබදය මොනවගේ වේවිද කියන එක ගැන සාපේක්ෂ අදහසක් ඔබට දෙන එක. මාර්ග තදබදය නිසා අපහසුතාවයට පත්වන ඔබට මෙය හොද විසදුමක් වේවි.

 

මේ අළුත් feature එක සියළුම Google maps භාවිත කරන්නන් සදහා දැන් විවෘතයි. විශේෂයෙන්ම Google maps හි Android version එක භාවිත කරන්නන් සදහා. ඔබට මේ සදහා Play store හරහා Google maps හි අළුත්ම version එක update කරගන්න සිදුවෙනවා.

 

මේ සේවාව අඛණ්ඩව ලබාදීම නම් ප්‍රදේශය අනුව තමා තීරණය වෙන්නෙ. ඇමරිකා එක්සත් ජනපදය තුලදී වගේම එක්සත් රාජධානිය තුලදී නම් මේ සේවාව අඛණ්ඩව ලබාගන්න පුළුවන්.