අද කියන්න හදන්නේ Google News App එක පාවිච්චි කරන අයට වගේම තමන්ගේ data package එක බලන් ඉද්දි ඉවර වෙන අයටත් වැදගත් වෙන ප්‍රවෘත්තියක්.

Google News කියන්නේ කාලින සිදුවීම් වාර්තා කරන application එකක්. 2015 සැප්තැම්බර් වෙනකොට භාෂා 35ක් ඔස්සේ News app එක ගමන් කළා. මිට අවුරුදු 16කට කලින් 2002 වසරේදී තමයි News app එක launch කළේ.  ArabicBengaliBulgarianCantoneseChineseCzechDutchEnglish,   FrenchGermanGreekHebrewHindiHungarianItalianIndonesianJapaneseKoreanLatvianLithuanianMalayalamNorwegianPolishPortugueseRomanianRussianSerbianSpanishSwedishTamilTeluguThaiTurkishUkrainian හා Vietnamese  කියන භාෂා මෙහි සියලු භාෂා අතරින් ප්‍රධාන වෙනවා. ඉංග්‍රීසි භාෂාව සදහා ඔවුන් වෙබ් අඩවි 4500කට අධික ප්‍රමාණයකින් විස්තර ලබාගන්න බව ඔබ දන්නවද?

දැන් මේ කරන්න හදන්නේ තවදුරටත් Google News App එක Promote කරන්න නෙමෙයි. තවත් ඉදිරියට කියවන්න කලින් මේ ලින්කුවට මොහොතක් ගොඩවෙන්න. ඔබ මේ ලින්කුවට ගියානම් ඔබ දකින්න ඇති, මෙහි පළමු පණිවිඩය ලැබෙන්නේ සැප්තැම්බර් පළමු වෙනිදා. නමුත් අද (ඔක්තෝම්බර් 23) වෙනකන්ම මේ පණිවිඩය යාවත්කාලින වෙනවා අසාධාරණයට පත් වුනු පාරිභෝගිකයන්ගෙන්. මොකක්ද මේ අය කියන්නේ?

දත්ත නාස්ති වීමක්?

මේ අය කියන්නේ තමන්ගේ දත්ත නාස්ති වීමක් ගැන. මේ ගැටලුව අද ඊයෙක නෙමෙයි ආරම්භ වුනේ. මේ ගැන Google News කණ්ඩායමට පණිවිඩ ලැබෙන්න පටන් ගත්තේ ජුනි මාසයේ ඉදන්. Google News community manager මේ ගැන සඳහනක් තබනවා forum එකේ.ඒ ඔවුන් මෙය ඉක්මනින්ම විසදන බවට. නමුත් ගැටලුව විසදුනු බවක් පෙනෙන්නට නැහැ. 

ඉහත රුපය බැලුවොත් ඔබට වටහාගන්න පුළුවන් කොතරම් ලොකු data usage එකක් මාසයකට මොවුන් ලබගන්නවද කියන කාරණාව.

දත්ත off කරලා තබන වෙලාවක 12GB වලට ආසන්න ප්‍රමාණයක් මේ application එක විසින් පාවිච්චි කරලා තිබෙනවා. සිතන්න කොතරම් මුදල් නාස්තියක් සිද්ද වෙන්න ඇතිද කියන දේ? මේ වෙනකන්ම හරියටම විසදුමක් ලැබිල නැති මේ ගැටලුවට තියෙන එකම විසදුම විදිහට පාරිභෝගිකයන් දකින්නේ එකම දෙයයි. background data off කරලා Google News application එක තමන්ගේ දුරකතනයෙන් ඉවත් කරන එක. මේක Google News කණ්ඩායමට එකතු වුන කළු පැල්ලමක් වෙන්න බොහොම ආසන්නයි. මේ නිසා ඔවුන් මේ සඳහා ඉක්මන් පිළිතුරක් සොයගනිවී කියලා බලාපොරොත්තු වෙනවා.

නැවත හමුවෙමු…