Google Pixel 3 ගැන අළුත්ම ඉඟියක් මෙන්න.Google Pixel Phones කියන්නේ පසුගිය කාලයේ අපි හැමෝම අතර බොහෝ කතාබහට ලක්වුණු මාතෘකාවක්.මොකද Google Pixel 2 සහ Pixel 2 XL phones 2017 වර්ෂයේ ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබුනු දුරකථන 2ක් නිසා.Google products ගැන interest එකක් තියන අපේ පරණ articles බලපු හැමෝම මේ phone දෙක ගැන නම් හොඳින් දැනුවත් ඇති.

අද මේ කියන්න හදන්නේ Google Pixel 3 ගැන.පසුගිය සතියේ පැවැත්වුණු AOSP(Android Open Source Project)එකේදි Google Pixel 3 phone එක සහ ඒ සදහා භාවිතා කරන තාක්ෂණය ගැන කතාබහට ලක්වෙලා තියෙනවා.XDA-Developers කණ්ඩායම විසින් තමයි ප්‍රථම වතාවට Pixel 3 ගැන ඉගියක් ලබා දීලා තිබෙන්නේ.

ඔවුන් සදහන් කරන විදියට Pixel 3 phone එකෙහි mobile network settings එක්ක connection එකක් තිබෙනවා.ඒ තුලින් ගැලපෙන network UI එක ස්වයංක්‍රීයව තෝරා ගන්නට Pixel 3 phone එකෙන් අවස්තාව ලබා දෙනවා.

නමුත් Pixel 3 ගැන හරියටම අදහසක් ලබා ගන්න තරම් මේ තොරතුරු ටික ප්‍රමාණවත් මදියි.කෙසේවෙතත් ඔවුන් සදහන් කරන්නේ ඉදිරියට ඔවුන් නිකුත් කරන smartphones,AOSP සමගම එකතු වී නිකුත් කරන බවයි.මේ අනූව අපට හැගෙන්නේ අනිවාර්යයෙන්ම Pixel 3 හී android P අවසන් version එක install කර තිබිය හැකි බවයි.

Pixel 3 ගැන මේ වගේ ආරංචි පවතිද්දී smartphone users ලා විදියට පාරිභෝගිකයන් බලාපොරොත්තු වෙන features කිහිපයකුත් මේ විදියට පෙළ ගස්වන්න පුලුවන්.
  • ඉතා කුඩා bezels.

  • Customize කල හැකි active edges.
  • වැඩි දියුණු කල camera app එකක්.

  • වයර් රහිත charging ක්‍රමයක්.
  • ඉතා හොඳ ජල ප්‍රතිරෝධී phone එකක්.

Pixel 3 phone එකේ මිල ගැන නම් තවම කිසි ආරංචියක් නැහැ.නමුත් pixel 2,pixel 2 XL වලට ආසන්න මිලක් pixel 3 වලටත් තියෙන්න පුලුවන් කියලා අපිට අනුමාන කරන්න නම් පුලුවන්.

කොහොම නමුත් තවත් නොබෝ දිනකින් Pixel 3 අප අතරට එයි කියන එක බොහෝ දෙනාගේම විශ්වාසයක්.