1. Calculator එක

ගොඩක් අය මේක දන්නවා. ඔයාට මොනාහරි ගණනක් සුළු කරගන්න හරි නැත්තන් මොනාහරි අගයක් දැනගන්න හරි ඕනෙනං Calculator ගොයන්න ඕනේ නෑ. යන්න google search එකට ඕනේ දේ mathematical ස්වරූපයෙන් දෙන්න.

උදා :

sin 45 හොයන්න – “sin 45 degrees” දෙන්න
(12^2)+5 උත්තරය ගන්න – “(12^2)+5” දෙන්න

2. Graphs ඇඳීම

ඔයාට මොකක්හරි සමීකරණයක හැඩය ඒ කියන්නේ ප්‍රස්තාරය බලන්න ඕනෙනං එකත් ගූගල් එකෙන්ම කරන්න පුළුවන්.

කරන්න තියෙන්නේ plot කියල දීල ඊට පස්සේ සමීකරණය දෙන එක

උදා : plot x^2 + 2

3. Unit Conversion

මේකත් ගොඩක් වටිනා දෙයක් හිතන්න ඔයාට අඩි 10ක් මීටර් වලින් ගන්න ඕනේ කියල කෙලින්ම google search එකේ ගහන්න. උත්තරේ එයි.

උදා : 10 feets to meters

4. Geometry Formulas

දැන් ඉතින් පොඩි එකෙක් ඇවිත් මේ සිලින්ඩරේ වර්ගඵලය කීයද කියල ඇහුවොත් Calculator වලින් පයි අගය දාල වැඩි කර කර ඉන්න ඕනේ නෑ.

ගහන්න google search එකේ

උදා – area of cylinder r=7 and h=10

5. HEX Color Codes

මේක ඉතින් වෙබ් developer ලට වැදගත් දෙයක් හරිය. ඔයාට #5643BB පාට මොන වගේද කියල බලන්න ආසයි නං ගහන්න google search එකේ.

ඔය white circle එකයි පහල තියෙන slider එකයි ඇදල ලස්සන පාට හදන්න පුළුවන්.

6. Countdown Timer එක

සමහර වෙලාවට ඔයාලට Countdown timer එකක් ඕනේ උනාම වෙනම පොඩි software tool එකක් නැත්නං online site එකක් use කරනවා ඇති. Google ලත් නියම countdown timer එකක් search එකේම දෙනවා.

වැඩි වැඩක් කරන්න ඕනේ නෑ “Timer <අදාළ වෙලාව>” දෙන්න. Full screen දාන්නත් පුළුවන් නිසා නියමයි

උදා : “timer 5 min”

7. Translator ගැජට් එක

මොනාහරි දෙයක් වෙන language එකකින් බලන්න ඕනෙනං අපේ පුරුද්ද තමා translate.google.com යන එක ඒත් ඒ වැඩේ Google search එකෙන්ම පුළුවන් කියල දන්නවද.

“<වචනය හෝ වාක්‍යය > in < ඕනේ language එක>” Google search එකේ type කරන්න.

උදා : “how are you in spanish”

ආයේ වෙනත් ලිපියකින් හම්බෙමු. අනිත් අයටත් දැනගන්න share කරන්න.