මේ ඔයාලට කියන්න යන news එක නම් එතරම් හොඳ එකක් නෙමෙයි විශේෂයෙන්ම Huawei phones use කරන අයට. Google සමාගම විසින් තීරණය කර තිබෙනවා Huawei සමග තිබු සබඳතාවය නවතා දමන්න. Huawei usersලට දරුණු බලපෑමක්. කෙටියෙන්ම කියනවා නම් තවදුරටත් Huawei සඳහා full android version ක්‍රියාත්මක කරන්න නොහැකි වන අතරම Google services වලට access කරන්න හැකියාව ලැබෙන්නේ නෑ. Google services කියන්නේ Google Play Store , Gmail, YouTube වගේ ප්‍රධානතම services වලට පවා access නැතිවෙනවා. අනාගතයේ නිෂ්පාදනය වෙන devices වලට මෙය ලොකු බලපෑමක්. දැනට භාවිතා වන Huawei devices වලට මෙයින් සිදුවෙන බලපෑම ගැන තවමත් නිශ්චිත විස්තරයක් ඉදිරිපත් කරලා නෑ.

මෙම තීරණයට හේතු වෙලා තිබෙන්නේ Huawei , චීනයේ  රහස් තොරතුරු අංශ සමග සම්බන්දතාවයක් ඇති බවට ඇමරිකාවේ ඇති වූ අවිශ්වාසය වගේම  ඇමරිකාව  විසින් Huawei සමාගමට දෝෂාරෝපණය කොට තිබෙනවා ඔවුන් සතු T-Mobile robot arm හි රහස් තොරතුරු සොරාගැනීම සහ ඔවුන්ගේ තාක්ෂණය ඉරානයට විකිණීම යන කරුණු වලට. ඉතින් මේ සියල්ලගේම අවසන් ප්‍රතිපලයක් විදියට Huawei  company එක Trump administrative විසින් Trade blacklist එකට ඇතුලත් කර  තිබෙනවා. මින් සිදුවන්නේ ඇමෙරිකානු සමාගම් සමග Huawei සමාගමට සම්බන්ද විය නොහැකි වීමයි. Qualcomm, Intel සහ   Broadcom සමාගම් මගින් තමයි   Huawei microchips සහ අනෙකුත් විශේෂිත කොටස් අලෙවිය සිදු කරන්නේ . මේ microchips, Huawei smartphones සහ අනෙකුත් සන්නිවේදන උපකරණ සඳහා යොදාගත්තා. ඉතින් තවදුරටත් මේ microchips Huawei නිෂ්පාදන සඳහා ලබාගැනීමට නොහැකි වෙනවා. Google මගින් තමයි Huawei smartphones සඳහා Android OS තාක්ෂනය ලබාදුන්නේ. ඉතින් මේ සියලුම ඇමරිකානු සමාගම් Huawei සමග සම්බන්දතාවය නැවතුවොත් Huawei company එක සම්පුර්ණයෙන්ම ඇනහිටීමට ඉඩකඩ තිබෙනවා.

Former People’s Liberation Army officer කෙනෙක් වන   Ren Zhengfei තමයි Huawei හි founder වෙන්නේ. 1987 සැප්තැම්බර්  15 දී ආරම්භ කෙරුණු Huawei company එක telecommunications equipment නිෂ්පාදනය සහ consumer electronics manufacturer වශයෙන්  ලොවපුරා ජනප්‍රියත්වයට පත් වුනා. මෙය චීන බහුජාතික සමාගමක් වන අතර දැනට ලොව දෙවන විශාලතම smartphone නිෂ්පාදිතයා වේ.

ඇමරිකානු සමාගම් සඳහා පැනවූ මෙම තහනම නිසා Huawei සඳහා hardware, software සහ  technical services directly ලබාදීමට නොහැකියි. දැනට භාවිතා වන Huawei devices සඳහා මින් බලපෑමක් නැතත් අනාගතයේ devices වලට Google OS හි public version එක , ඒ කියන්නේ open source version එක තමයි භාවිතා කරන්න  වෙන්නේ. මේ version එකට Google apps සහ  services වලට access කරන්න හැකියාවක් නැහැ.

පසුගිය වසරේ මේ හා සමාන හේතු කීපයකට ඇමරිකාව විසින් චීන බහුජාතික සමාගමක් වන ZTE සමගම තහනම් කලා, එයත්  telecommunications equipment සහ  systems company එකක් . එහි තහනම අප්‍රේල් සිට ජුළි මස දක්වා පැවතුනා. ඉතින් Huawei සඳහා පැනවූ තහනම කොයිතරම් කාලයකටද යන්න තවමත් නොදන්නා කරුණක්.