කාලයේ වෙනසත් එක්ක ඉස්සර අපි පාවිච්චි කරපු mobile phones  තවමත් අපි පාවිච්චි කරනවාද? පාවිච්චි කරත් ගොඩක් දෙනෙක් ලග  smartphone එකක් නම් අනිවාර්යෙන්ම වගේ තියනවා. ඉතින් හැමදේම වගේ නිතරම අපට පහසුවෙන් කර ගන්න උදව් වෙන මේ smartphone එක ඔබේ ලග තියනකොට තවමත් ඔබේ මුදල් පසුම්බිය ඔබ ලග තියනවාද?එය ආරක්ෂිතද? මේ මම කියන්න යන්නෙ ඔයාගේ මුදල් පසුම්බියේ තියෙන වටිනා දේවල් ආරක්ෂා කර ගන්න ඔයාගෙ smartphone එක මුදල් පසුම්බියක් කරගන්නෙ කොහොමද කියල.

අතීතයේ සිට මුදලේ විකාශනය අදියර කීපයකින් සිදුවුණා. විවිධ ද්‍රව්‍ය,කාසි, මුදල් නෝට්ටු, ප්ලාස්ටික් කාඩ්පත් මේ ආදී විදිහට ඇවිත් ඔන්න මුදලේ නවතම විකාශනයක් විදිහට Google සමාගම වෙතින් හදුන්වාදී තියෙන peer to peer ගෙවීම් සේවාවක් වන Google Wallet හදුන්වන්න පුළුවන්.

Google wallet කියන්නෙ ඩිජිටල් මුදල් පසුම්බියක්. එනම් ඔබේ දුරකථනයේ හෝ වෙනත් ජංගම උපාංගයක යොදාගනු ලබන application එකක්.සාමාන්‍යයෙන් මුදල් පසුම්බියක බැoකු කාඩ්, ගිණුම් තොරතුරු, කූපන් පත්, customer loyalty cards වගේ විවිධාකාර දේ අපි දාගෙන තියාගන්නවා. ඉතින් ඒ වගේම මේ google wallet එක තුලත් මෙම ද්‍රව්‍ය වල virtual version එකක් විදියට store කරල තියාගන්න පුළුවන්. ඒ වගේම කිසිදු ගාස්තුවකින් තොරව ඉතාමත් ආරක්ෂිතව Google wallet හරහා මුදල් යවන්න හා ලබාගන්න හැකියාව තියනවා.

ඒ වගේම තමයි මුදල් ලැබීමට නම් අනිවාර්යෙන්ම මුදල ලබන කෙනා ලග Google wallet application එක තියෙන්න අත්‍යවශ්‍යම නෑ. Wallet application එක නැති කෙනෙක්ට මුදල් යවනකොට ඔවුන්ට wallet වෙබ් අඩවියට පහසුවෙන් පිවිසෙන්න පුළුවන් link එකකුත් මුදල් එක්ක යවනවා.අවශ්‍ය වෙන්නෙ google ගිණුමක් හා  බැංකු ගිණුමක් එහෙමත් නැත්නම් Debit card එකක් විතරයි.

ඇත්තටම Google wallet ආරක්‍ෂිතයිද?

Google wallet online සහ personal payments යන දෙආකාරය සදහාම ප්‍රතිසංස්කරණය කරල තියන නිසා ආරක්ෂාව ගැන උසස් ප්‍රමිතියක් තියනවා.සෑම විටම Debit කාඩ් අoකය සගවා ඇති අතර server එක තුල encrypt කරල තියෙන්නෙ.

තොරතුරු යවන විට කිසියම් ආකාරයකින් දුරකථනය නැති වුනොතින් දුරස්ථව google wallet ගිණුම අක්‍රිය කිරීමට හැකියාව තියනවා.කිසිම විටක සම්පුර්ණ debit කාඩ් තොරතුරු application එක තුල කිසිදු ආකාරයක ප්‍රදර්ශනය කිරිමක් නොකරන නිසාත් wallet එක තුලට log වීම pin එකක් මාර්ගයෙන් ආරක්ෂා කල හැකි නිසාත්  මෙය ආරක්‍ෂිත බවට පිළිගත හැකියි.

Google wallet තුලට debit card එකක් එකතු කිරීම

  1. Wallet application එක හෝ https://wallet.google.com/ වෙත පිවිසෙන්න (wallet application එක app store හෝ play store වෙතින් download කර ගත හැකියි.)
  2. Payment Methods යන menu එක මත click කරන්න.

3.ඉන් පසු පහලින් ඇති add payment method යන කොටස click කරන්න.

  1. Debit card එක Add කිරිමට තෝරන්න.
  2. Card එකෙහි විස්තර ඇතුලත් කරන්න (ජංගම දුරකථනයෙහි නම් card එකෙහි විස්තර සටහන් කර ගැනිමට take a picture යන කොටසට පිවිසෙන්න.)
  3. Save කරන්න.

Google wallet මගින් ගෙවීම් කිරීම

මෙම ආකාරයේ ගෙවීම් ක්‍රමයක් අනුමත කරන online වෙළඳුන් හට ගෙවීම් කිරීමට Google Wallet භාවිතා කළ හැකිය. ගෙවිම සාර්ථකව කරගෙන යාම සදහා අවශ්‍ය වන්නේ ඔබගේ google wallet ගිණුමට සම්බන්ධ වී ඇති credit හෝ debit වැනි මුදල් මෙන් වලංගු මූලාශ්‍රයක් තිබිම පමණයි.මෙය  නිසි පරිදි සකසා ඇත්නම්, Google Wallet සමඟ online payments ඉතා ඉක්මනින් හා පහසුවෙන් කරගෙන යාමට හැකි වෙනවා.

ඔබේ මුදල් පසුම්බිය රැගෙන සාප්පු සවාරියක නිරත වනවාට වඩා smart දුරකථනයෙන්ම එම ගෙවීම සිදු කරන්නත් google wallet මගින් අවස්ථාව ලබා දී තිබෙනවා.Google Wallet application එක unlock කර payment terminal එක වෙත tap කිරීම පමණයි මෙහිදී ඔබට සිදු කිරීමට ඇත්තේ.

ඉතින් මෙම වඩාත් ආරක්‍ෂාකාරී සහ පහසු ක්‍රමය මුදලේ මීලග විකාශනය ලෙස මිනිසුන් අතර ජනප්‍රිය වීම තවත්  නොබෝ දිනකදීම සිදුවනු  ඇත.

වෙබ් අඩවියට පිවිසීමට: https://www.google.com/wallet/

Application එක download කිරීමට: https://play.google.com/store/apps/details?id=com.google.android.apps.gmoney