තාක්ෂණය අපි ඇස්පිල්ලන් ගහන පමාවට වෙනස් වෙනවා.ඔයාලත් අත් විදලා ඇති මේ දැන් තියන දේ නෙමේ හෙට තියෙන්නේ අළුත්  තාක්ෂණික උපාංග අපි අතරට සීග්‍රයෙන් එනවා.GPS tracker කියන්නෙත් අන්න ඒ වගේ එක්තරා උපාංගයක්. අපේ වාහන track කරන්න පුළුවන් ලේසිම උපාංගය මෙය කිවොත් නිවැරැදී.

GPS tracker පාවිච්ච් කරන්නේ GPS තාක්ෂණය. අපි හැමෝම GPS පාවිචිචි කරනවා අර්ථයක් දැන හෝ නොදැන. මොකද අපි නොදන්නා පාරක් හොයාගන්න උනත් පාවිච්චි කරන්නේ GPS.

ඇත්තටම මොකද්ද මේ GPS කියන්නේ?

GPS කියන්නේ පෘථිවිය වටා කක්ෂගත කරපු සුපිරි චලිත චන්ද්‍රිකා 24 කට. චන්ද්‍රිකා වලින් අපිට අපේ  භූගෝලීය ප්‍රදේශය හඳුනා ගන්න පුළුවන්. අපිට පුළුවන් ඕනෑම දුරස්ථ ස්ථානයක පිහිටි වස්තුවක පිහිටීම දැනගන්න. මේ තාක්‍ෂණය තමා අපේ වාහන වගේම මිනිස්සුන්වත් track කරන්න යොදාගන්නේ. GPS tracker චන්ද්‍රිකා වලින් තොරතුරු අරන් හරියටම් වස්තුවේ ස්ථානය අපිට smart phone එකක් මාර්ගයෙන් හෝ computer එකකින් බලාගන්න සලස්වනවා.

හිතන්න ඔයා වාහන ගොඩක අයිතිකරුවෙක් කියලා. ඔයාට ඒ හැම වාහනයක්ම මොන route  එකේද දුවන්නේ ,කොහෙද තියෙන්නේ කියල එකපාර දැනගන්න පුලුවන්ද? අමාරුයි නේද? ඒකට හොදම විසදුම තමා tracker උපාංගයක් සවිකරන එක. ඔයාට පුළුවන් GPS tracker එක පාවිච්චි කරලා හැම වාහනයක්ම කොහෙද තියෙන්න කියලා computer screen එකෙන්ම බලාගන්න. Real time බලාගන්නවා කියන්නේ එකට. real time විතරක් නෙමේ ඔයාට පුළුවන් මාසතුනක් පිටිපස්සට ගිහින් වාහනේ තිබ්බේ මොන මොන තැන්වලද  , කොච්චර වේගෙකින් ගිහින් තියනවද කියල බලාගන්න. මේ ඔක්කොම ඒවා දත්ත. ඔයාට පුළුවන් මේ දත්ත හැම එකක්ම පාවිච්චි කරලා තෙල් පිච්චුන ගාන එහෙම බලලා ඔයාගේ ලාභේ වැඩි කරගන්න  අදහසක් එහෙම ගන්න.

bike, car, van, bus මේ හැම වාහනේකටම කාටවත් නොපෙනෙන විදිහකට tracker එකක් සවිකරන්න පුළුවන්. මේ tracker එකේ විශේෂිතම ලක්ෂණේ තමා සිම් එකක් පාවිච්ච් කරන්න පුලුවන් වෙන එක.හිතන්න ඔයාගේ වාහනේ කවුරුහරි අරන් ගියා කියලා.ඔයාට පුළුවන් sms එකකින් වාහනේ engine එක නවත්තන්න. ආය ඔයා sms එකක් යවල ස්ටාර්ට් කරනකන් කාටවත්ම බෑ ඒක ස්ටාර්ට් කරන්න. ඒවගේම tracker එක හරහා ඔයාගේ වාහනේ වේගය සීමා කරන්නත් , over ගියොත් sms එකක් ඒවාගන්නත් පුළුවන්. ඔයාගේ අයියා, මල්ලි bike එකක් අරන් ගිහින් නියමිත ගානට වඩා වැඩි වේගෙන් යනවනම් ඔන්න ඔයාට ඉක්මනටම දැනගන්න පුළුවන් මේ sms එක හින්දා.  ඒවගේම කවුරුහරි tracker  එක දැකල විසන්දි කරෝතින් ඒ වෙලේම ඔයාට එකත් දැනගන්න පුළුවන්. අනිත් විශේෂ කාරණේ තමා විසන්දි කරා කියලා tracker එක නවතින්නෙ නෑ එකේ බැටරි එකෙන් පැය තුන හතරක් වැඩ කරන්න පුළුවන්.

ඉතින් මං හිතනවා ඔයාලා යම් තාක් දුරට දැනුමක් එකතු කරගත්තා කියලා මේ tracker එක ගැන.මේ tracker එක  සවි කරන්නේ  කොහොමද කියලා  ඔයාලට දැනගන්න උවමනානම්, යන්න tracker එකේ site එකට , එකේ documentatation එකේ සවි කරන්න දැනගත යුතු  සියලුම තොරතුරු අන්තර්ගත වෙලා  තියනවා.