Google Chrome 2008 වසරේදී තමයි නිකුත් වුනේ Microsoft Windows වලට. පසු කාලීනව Linux, Mac OS, iOS වගේම Android වලටත් නිකුත් වුණා!

Google “Chromium Open Source Project ” එක නිර්මාණය වුනේ Chrome app එකේ Source code එක release කිරීම නිසා. ඔබට පිළිගන්න සිදුවෙනවා ලෝකයේ පවතින web browsers වලින් 66%ක්ම ජනතාව Google Chrome තමන්ගේ Desktop Browser එක විදිහට භාවිතා කරනවා කියන කරුණ. අද වෙනකොට browsers හරහා සංවේදී දත්ත සොරකම් කිරීම් තවත් විදිහකට කියනවනම් stealing sensitive data සැහෙන ලොකු ජාවාරමක් වෙලා තියෙනවා! chrome browser එක පාවිච්චි කරලා multiple processes කරන්න පුළුවන් කම තිබෙනවා ඔබට මුල ඉදන්ම, නමුත් මේ දත්ත වල ප්‍රවේසම ගැන ඔබට මොකක්ද තිබෙන සහතිකය?

ඒ වගේම ජනවාරි මාසයේදී හදුනාගත්තා තවත් vulnerabilities දෙකක් තමයි මේ විදිහේ කරුණක් කරා Chrome යොමු වෙන්න හේතුව වුනේ… මේ vulnerabilities දෙක තමයි spectre හා meltdown කියන්නේ. ඔබ දන්නවා ඇති extremely sensitive data පාලනය කරන්න පාවිච්චි වෙන්නේ Processors වල silicon chips. මේ sensitive data වලට අයිති වෙන්නේ passwords and encryption keys, ඒ වගේම ඔබේ පරිගණකය secure කරගන්න පාවිච්චි කරන fundamental tools. මේවට තමයි මේවගේදී attack එක තුලදී ඔබට අහිමි වෙන දේවල්.  මේවා හදුනාගත්තේ ජනවාරි 3 වෙනිදා. මේවට කෙනෙක් attack කලාට පස්සේ මේ keys, passowords තවදුරටත් ඔබේ වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් පරිගණකයක් තමන්ගේ processing speed එක වැඩි කරන්න next instruction එක ගැන information ගන්නවා. ඔබ ඒක ඉගෙනගෙන ඇති. මේකට අපි කියනවා speculative execution කියලා. මේ Spectre attack එක වෙන්නේ processor එකට. Meltdown attack එක වෙන්නේ Operating System එක හරහා, Windows හෝ Apple’s High Sierra වගේ. මේ ගැටලුව දැනගත්ත ගමන් Apple කට්ටිය, Windows වගේම Intel අයත් patches ඉදිරිපත් කළා මේකට. Intel, Arm හා AMD වගේ බොහෝ manufacturersලගේ ගොඩක් chips මේ නිසා අනතුරට ලක් වුණා. මේ වගේ තත්වයක් ඇති වෙන එක browser එකකින් සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒකයි chrome ආරක්ෂක පියවර වැඩි කරන්න හිතලා තියෙන්නේ.

Chrome මේකට කියන්නේ site isolation කියලා. මේකෙදි බලපෑමක් වෙන්නේ browser එකේ core එකට. මේ කොටසේදී තමයි browser එකේ programming කොටස pixel වලට හැරෙන්නේ. නමුත් site isolation කලහම මේ කොටස් වලට වෙන වෙනම බෙදෙනවා මේ core එක. මේ විදිහට කොටස් වලට බෙදිලා execute වීම නිසා chrome වලට විශාල ram ඉඩක් යනවා. සාමාන්‍ය ram ප්‍රමාණයේ ඉහල යාම, 10% 13% දක්වා ප්‍රමාණයකින් ඉහල යනවා ඔබ tabs විශාල ප්‍රමාණයක් open කරන් සිටියොත්.

මේක ඇත්තටම අන්තර්ජාලයේ ලබපු ජයග්‍රහණයක් විදිහට Edge Browser එකේ developer කෙනෙක් වෙන “Eric Lawrence” පවසනවා. මොහු කලින් Chrome Security Team එකේ කලින් හිටපු කෙනෙක්. මේ ගැන වසර ගණනාවක් පරීක්ෂණ පවත්වන කෙනෙක් තමයි මේ සොයාගැනීමේ වටිනාකම දන්නේ…

නැවත හමුවෙමු…