ඔබත් IT events වලට යන කෙනෙක් එහෙමනම් හත්තිලව්වේ කියන නම අලුත් එකක් නෙමෙයි. National School of Business & Management උසස් අධ්‍යාපන ආයතනයෙන් බිහි වුනු තවත් එක අනර්ඝ නිර්මාණයක් කිවුවොත් අතිශෝක්තියක් වෙන එකක් නැහැ. හත්තිලව්වේ ආපු ගමන ගැන කියනවනම් සැහෙන අමාරු ගමනක්. මේකේ ඉන්න කොල්ලන්ගේ කෙල්ලන්ගේ දහදිය දුක් කදුළු මතින් ගොඩනැගුනු මේ හත්තිලව්වේ photography 2018-07-07 දින තවත් ඉදිරි පියවරක් තැබුවා. ඒ තමයි ඔවුන් තමන්ගේ නිල වෙබ් අඩවිය අද නිකුත් කළා තමන්ගේ ආදරණියයන්ට බලන්න පුළුවන් විදිහට.

හත්තිලව්වේ තමන්ගේ ගමන ආරම්භ කළා වගේ සදහනක් දකින්න ලැබෙන්නේ 2017 වසරේ මුල් කාලයේදී. ඒ වැඩසටහනේ ඉදන්ම අද වෙනකොට

  • Bronntanas 2k17 – NSBM
  • SportsMeet 2017 – NSBM
  • NSBM සියපත්සිය උදානය 2017
  • DECIPHER 2017 වගේ event වල ඉදන්ම
  • NSBM සියපත්සිය උදානය 2018
  • Google CrowdSource – NSBM

වගේ NSBM events වලින් පස්සේ ලංකාවේ වැදගත්කමක් උසුලන IT events ගණනාවක්ම හත්තිලව්වේ photography ඉතා සාර්ථකව අවසන් කරනවා.

  • DevOps Sri Lanka April Chapter
  • Dream Venture By IEEE Women in Engineering – UoP
  • SL Podcast Meetup V1.0
  • Stackoverflowers Meetup 2018

වගේ events තමයි ඒ. මේ වෙනකොට Mozilla Sri Lanka සංවිධානයේ නිල ඡායාරූප ශිල්පින් විදිහටත් කටයුතු කරන්නේ හත්තිලව්වේ photography කට්ටිය. එහිදී ඔවුන්

  • Software Freedom Day 2017
  • Mozilla 20th Anniversary
  • Codezilla (an inter university free and open source software hackathon) organized by Mozilla Campus Club – UWU
  • Know Your Privacy – GDPR

වගේ ප්‍රධාන වැදගත්කමක් උසුලන ලද සියලුම events මොවුන් අති සාර්ථකව නිම කලා කිවුවොත් නිවැරදියි.

හත්තිලව්වේ photography වල කොඳු නාරටිය තමයි අමිල ඉරේෂික කියන්නේ. අමිල තමන්ගේ උසස් අධ්‍යාපනය හදාරන්නේ කොළඹ නාලන්ද විද්‍යාලයෙන්. ඉන්පස්සේ NSBM ආයතනයට එකතු වෙනවා මොහු. 2014 සිට 2017 දක්වාම NSBM හි Firefox Club එකේ වැඩකරනවා අමිල. 2017 වසරේදී Trainee Software Engineer කෙනෙක් විදිහට 99X ආයතනයේ සේවය කරලා මේ වන විට NSBM ආයතනයේ Tutor කෙනෙක් විදිහට සේවය කරනවා. අමිල දැනට Sri Lanka Mozilla Representative for the community තනතුර හොබවන කිහිප දෙනාගෙන් එක් අයෙක්.

උදේ දවල් බලන්නේ නැතුව හත්තිලව්වේ photography සෙට් එක වෙන මහන්සිය එක්ක හැමදාමත් ජයම වෙන්න කියලා ලිපියක් ලියන්න හිතුනේ අද ඊයෙක නොවුනත්, මේ වගේ වෙලාවක නැති කඩුව කොස් කොටන්නද කියල හිතලා මේ ලිපිය ලියුවේ. අපි පටන් ගත්ත තැන වැඩක් නැහැ, අපි දැන් ඉන්න තැනයි වැදගත් වෙන්නේ.

හත්තිලව්වේ photography තමන්ගේ නිළ නාමය හත්තිලව්වේ media විදිහට වෙනස් කලා මෑතකදී. හත්තිලව්වේ ගැන තවත් විස්තර හා ඔවුන්ගේ සේවාවන් දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ ඔවුන්ගේ නිල වෙබ් අඩවිය භාවිතා කරන්න. මේ ලිපිය වෙළද දැන්වීමක් නෙමෙයි, මහන්සියෙන් ගොඩ යන්න හදන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකකට කරපු උපහාරයක්!

හත්තිලව්වට අපිත් ලව්! උබලට ජය!

නැවත හමුවෙමු!