Huawei තහනම කියන්නේ පහුගිය සති කිහිපයේ තාක්ෂණික ලෝකයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණු සහ බොහෝ තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරන පුද්ගලයන් අතර පවා බොහෝසෙයින් කතාබහට ලක්වුණු මාතෘකාවක්.ඉතින් මේ තහනමත් සමග Huawei සමාගම සමග තිබු සියලුම ව්‍යාපාරික සම්බන්ධතා නවතා දමන්න ඇමෙරිකානු සමාගම් තීරණය කරලා. ඒ අතරින් ප්‍රධාන වශයෙන් Google සමාගම ඔවුන්ගේ Android OS එක සඳහා Huawei සතුව තිබු බලපත්‍රය අහෝසි කිරීම හා Google Search, Gmail, Google Play, Google PlayStore, YouTube, Google Maps ඇතුළු තවත් බොහෝ Google සේවාවන් ප්‍රමාණයක් Huawei වෙත ලබාදීම අත්හිටුවීමට ගත් තීරණය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. මීට අමතරව Microsoft, Intel, Qualcomm, Broadcom, Xilinx හා ARM වැනි ප්‍රමුඛ පෙලේ සමාගම් ඔවුන්ගේ සේවාවන් Huawei වෙත ලබාදීම අත්හිටවනු ලැබුවා.

නමුත් Huawei සමාගම පවසන ආකාරයට ඔවුන් මේ වගේ තත්ත්වයක් ZTE සමාගම තහනම් කිරීමත් සමග නුදුරු අනාගතයේ Huawei වෙතද ඇතිවෙන්න පුළුවන් බව ඔවුන් බලපොරෝත්තු වෙලා තියෙනවලු. ඉතින් මේ වගේ තත්ත්වයකට සාර්ථකව මුහුණදෙන්න අවශ්‍ය Backup OS හා වෙනත් සේවාවන් Huawei සමාගම සතුව දැනටමත් පවතින බවයි Huawei සමාගමේ නිල ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඉතින් මේ හැමෝම කතාකරන හැමෝම කුතුහලයෙන් ඉන්න Huawei smartphones වලට Backup OS එකක් විදියට Huawei සමාගම සතුව තියෙන Android replacement OS එක ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නේ.

මේ OS එක Huawei සමාගම විසින් හදුන්වා දී තිබෙන්නේ ARK OS කියන නමින්. පසුගිය දිනවල කතාබහට ලක්වුණු Hongmeng OS කියන්නේ ARK OS හි code name එක. Commercial name එක තමයි ARK OS. ඉතින් මේ OS එක ගැන පැහැදිලි විස්තරයක් Huawei සමාගම විසින් මේ වෙනතුරු එළිදක්වා නොමැති නමුත් සැලකිය හැකි විස්තර ප්‍රමාණයක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

දැන් කියන්න යන කරුණු නම් Huawei පාරිබෝගිකයන්ට සුභ ආරංචියක් වෙයි. මේ වන විට ලැබිලා තියෙන ආරංචි වලට අනුව ARK OS එක Android OS එකට බොහෝ සෙයින් සමාන කමක් තියෙනවා. ඒත් Android වල දකින්න නැති ARK වලට විතරක් unique වෙන features බොහොමයක් මේ ARK OS එකේ දකින්න පුළුවන්. ARK OS වල දැනට භාවිතයේ තියෙන සියලුම Android apps run කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව Android OS එක වගේ 60% ගුණයක processing speed එකකුත් මේ ARK OS එකට තියෙනවා. මේ සියලුම කරුණු වලට වඩා වැදගත් වෙන්නේ ARK OS එක multi platform support කරන එක. ඒ කියන්නේ mobile, PC, embedded devices, cars වගේ ඕනෑම platform එකක run කරන්න පුළුවන්.

ඉතින් මේ වගේ ගොඩක් අලුත් features තියෙන ARK OS එක මේ අවුරුද්දේ අගදී චීනයට පමණක් chinese version එකක් launch කරන්න Huawei සමාගම බලාපොරොත්තු වෙනවලු. 2020 මුල් කාර්තුවේදී මුළු ලෝකෙටම මේ අලුත් OS එකේ global version එක launch කරන්නලු Huawei සමාගම බලාපොරොත්තු වෙන්නේ. දැනට පවතින තත්ත්වය කෙසේවෙතත් Samsung සමාගමට පමණක් දෙවෙනි වෙන ලොව දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදන හා අලෙවි සමාගම වන Huawei සමාගම මෙවන් තත්ත්වයක් හමුවේ තමුන්ගේ ව්‍යාපාරවත්, ලොව පුරා සිටින පාරිබෝගිකයන්වත් අහිමි කරගනීවි කියලා හිතන්න නම් අමාරුයි. ඒ නිසා මේ තත්ත්වයට Huawei සමාගම සාර්ථකව මුහුණ දෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

තවත් ලිපියකින් හමුවෙමු.