Huawei සමාගමට Google සමග තිබු සම්බනධතාවය බිඳවැටීමෙන් සිදු වූ හානිය පිලිබඳ කතාබහේ උණුසුම ලොවපුරා ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වුණා. ඉතින් ඒ උණුසුම පහව යන්නටත් කලින් තවත් අසුභ පුවතක් නිවේදනය වුණා . Intel, Qualcomm, සහ Broadcom companies කීපයත් Huawei සමග ගණුදෙනු කිරීම නවත්වා දැමුවා. Huawei සමාගමට මෙය දරුණු පහරක් වෙන්නේ ඔවුන්ගේ smartphones සහ අනිකුත් devices වලට අවශ්‍ය chips අලෙවි කෙරෙනු ලැබුවේ ඉහත සමාගම් වන නිසා.


මෙම දැවැන්ත අර්බුදය ඇති වීමට හේතුව වී තිබෙන්නේ Huawei විසින් ඇමරිකානු තාක්ෂණික රහස් තොරතුරු සොරාගත් බවට ඇමරිකාව විසින් Huawei වෙත දෝෂාරෝපණය කිරීමයි . මෙහි ප්‍රතිපලයක් ලෙස ඇමරිකාව විසින් Huawei සමාගම Trade blacklist එකට ඇතුලත් කර තිබෙනවා. මෙවිට ඇමරිකානු සමාගම් වලට Huawei සමග ව්‍යාපාරිකව සම්බන්ද වීමේ අවස්ථාව සිමා වෙනවා.

ඇමරිකානු සමාගම් වන Intel, Qualcomm, සහ Broadcom ගනු ලැබූ මෙම තීරණය නිසා Huawei devices වලට අවශ්‍ය modems සහ processors වැනි වැදගත් hardware parts නොලැබී යනවා. Huawei සතුව දැනටමත් ඔවුන්ගේ processors  (Kirin series) තිබෙන නිසා අනිකුත් components ලබාගන්න ඇමරිකානු නොවන සමාගම් වෙත යන්න දැන් ඔවුන්ට සිදුවේවී. තත්ත්වය මෙසේ වුවත්  ඇමරිකානු සමාගම් ඔවුන්ට අවශ්‍ය chips supply නොකිරීම ගැටළුවක් නොමැති බව පසුගිය සතියේ company’s CFO Ren Zhengfei ජපාන මාධ්‍යට අදහස් දක්වා තිබෙනවා.

Huawei   විසින් පසුගිය වසරේ Apple company එක පසු කරමින් ලෝකයේ smartphone අලෙවියේ  දෙවන ස්ථානය හිමිකරගනු ලැබුවා.

Google හි android OS මෘදුකාංගයත්  ,  Intel, Qualcomm, සහ Broadcom companies වල දෘඩුකාංගත් අහිමි වීමෙන් අනාගත Huawei devices වලට විශාල බලපෑමක් ඇති විය හැකි වුවත් දැනට භාවිතයේ පවතින Huawei නිෂ්පාදන සඳහා මෙය ගැටළුවක් වෙන්නේ නැහැ . නමුත් Google services සඳහා updates ලැබීම තරමක් ප්‍රමාද විය හැකියි . මෙම තහනම කෙතරම් කාලයක් සඳහාද යන්න පිලිබඳ තවමත් නිල වශයෙන් දැනුම් දීමක් සිදු කරලා නැහැ.