Huawei එහෙමත් නැත්නම් Huawei Technologies කියන්නේ චීන telecommunications-equipment හා consumer-electronics company එකක්. දැනට රටවල් 170කටත් වැඩි ප්‍රමාණයක් පුරාවට ලෝකය පුරාවටම huawei විහිදෙනවා. 2012 වසරේදී ericson සමාගම පසු කරමින් ඉදිරියට ඇදුන huawei, 2018 වසරේදී Apple සමාගම පසු කරනු ලැබුවා. ඒ ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකථන බෙදාහරින්නා විදිහට. අද වෙනකොට ඔවුන්ට ඉදිරියෙන් Samsung Electronics සමාගම සිටිනවා. 1987 වසරේදී ආරම්භ කෙරුණු Huawei සමාගමට 2017 අවසන් වෙනකොට එක් ලක්ෂ දහහත් දහසකට වැඩි සේවක ගණනක් සිටියා. මේ සියල්ලන්ම අලෙවිකරුවන් නෙමෙයි. මෙතනින් හැත්තෑ දහසකට අධික ප්‍රමාණයක් පර්යේෂණ මට්ටමේ නැත්නම් R & D රැකියාවේ නියුතුවන්නන්.

මොකක්ද මේ බය වුනු කතාව? ඇත්තටම ඇමරිකාව විසින් ජර්මනිය, ජපානය හා ඉතාලිය වගේ තාක්ෂනය අතින් පෙරමුණේ ඉන්න රටවල් ගණනාවක් සමග එකතු වෙලා සාකච්ඡා කරලා තිබෙනවා, චීනයෙන් ලැබෙන huawei වගේ නිෂ්පාදන භාවිතයෙන් වැලකි සිටින ලෙස.ඔබට යම් මතකයක් තිබෙනවානම් 2018 වසරේ අගෝස්තු මාසයේදී Donold Trumph මහතා විසින් ඇමරිකානු රජයට සම්බන්ධ සියලුම කොන්ත්‍රාත්තු හා වගකීම් ඉවත් කරලා Huawei රාජ්‍ය භාවිතයෙන් ඉවත් කිරීමට, මෙය ඒ හා සම්බන්ධයි.

US Congressional report එක 2012 වසරේදී නිකුත් කරනු ලැබුවා. මෙය Huawei හා ZTE තාක්ෂණික සමාගම් දෙකටම එතරම් හොඳ වුනේනම් නැහැ. මෙයින් කියවුනේ ඔවුන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව. මේ කරුණ ඇත්තක් හෝ බොරුවක් වෙන්නට මේ report එක සම්පුර්ණයෙන්ම huawei නිෂ්පාදන මෙතෙක් කල් පවත්වාගෙන ආ කිර්ති නාමය විනාශ කරන්නට සමත් වුණා. නමුත් මෙහිදී ZTE ප්‍රකාශයක් කළා ඔවුන්ගේ ඇමරිකානු අලෙවිය ඩොලර් මිලියන 30ක් තරම් සුළු ප්‍රමාණයක් බව. මේ නිසා ඔවුන්ට දත්ත පිටවීමක් හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටළුවක් පැන නැගිය නොහැකි බවත්. මේ සිද්ධියට අදාල ලිපිය මෙතනින් කියවන්න.

Huawei වලට කොතරම් ලොකු බලපෑමක් මේ මගින් එල්ල වුනත් ඔවුන් email statement එකක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙය ඇමරිකන් රජය තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එකතු කරගත් අමතර බිලක් පමණක් බව. ඒ වගේම ඔවුන් තම ලිපියේ මේ නව පනත හැදින්වීමට ineffective, misguided, and unconstitutional ඒ කියන්නේ අකාර්යක්ෂම, වැරදි මත ගොඩ නැගිය හැකි අන්දමේ හා නීතියට පටහැනි වගේ වචන භාවිත කර තිබුණා. මේ සඳහා අදාල ලිපිය මෙතනින් කියවන්න.

රටක පවතින privacy එකට යම් තාක්ෂණයක් නිසා හානි පැමිණෙනවා නම් එය තමන්ගේ භාවිතයෙන් ඉවත් කිරීම සාමාන්‍යයි. නමුත් ඇමෙරිකාවට එක වරම huawei නිෂ්පාදන වලින් ඉවත් විය නොහැකි නිසා දැනට ඇමරිකන් දත්ත හා සම්බන්ධ වන ස්ථාන වල පමණක් ඒවා ඉවත් කර තිබෙනවා.

නැවත හමුවෙමු…

Source: https://www.theverge.com/2018/11/23/18108649/us-government-huawei-ban-allies-use-subsidies