Google I/O’19 ඉතාමත් සාර්ථකව අති සාර්ථක Keynote එකක් සමඟ පැවැත්වුණා. Event එකට පැය කිහිපයකට කලින් අපි කරපු predictions set එකක් තිබ්බා, අපි ඒවත් කොතරම් දුරට සාර්ථක උනාද කියන දේ බලමු.

වෙනදා වගේම event එක ආරම්භදී Google LLC සමාගමේ CEO විදිහට කටයුතු කරන Sundar Pichai සුන්දර සිනහවකින් වේදිකාවට පැමිණෙනවා. Developer Community වෙනුවෙන් සාදරයෙන් සැමදෙනාම පිළිගන්න ඔහු පවසනවා අද දින ඉදිරිපත් කරන සියලුම products, User protection හා privacy මුලික කරගත්තා කියන කාරණාව. ඔහු විසින් පොඩි පැහැදිලිකිරීම් කිහිපයක් කරනවා Gmail Undo option එක සම්බන්ධව සහ Smart Reply option එක ගැන. මේ දෙකම අපි දැනට අත් විඳින දේවල්, තව Google Maps වල fastest route එක පෙන්වීම වගේම Google Photos වල automatic backups වගේ අපේ සමීපතමයන් අපිව ලඟින් තියාගන්න ඔවුන් එක්ක ගත කරන කාලය වැඩි කරන්න වගේ දේවල් ගණනාවක් සිදු කරන බව ඔහු මෙහිදී පැහැදිලි කළා. Sundar විසින් යම් පැහැදිලි කිරීම් කිහිපයක් සිද්ධ කරනවා Google Search සතුව පවතින සහ ඉදිරියේදී එන්න පුළුවන් අලුත් features ගණනාවක් ගැන සඳහන් වුණා.

මීළඟට පැමිණුනේ Google Vice President සහ Head of Product for Google’s Augmented Reality, Virtual Reality and Vision-based products (Lens) විදිහට කටයුතු කරන Aparna Chennapragada. ඔබ හිතුවා වගේම ඇය ඉන්දියන් කාන්තාවක්. ඇය Google සමාගමට එකතු වෙන්නේ 2008 වසරේදී Product Manager කෙනෙක් විදිහට. IO Keynote එකේදී ඇය මුලින්ම පැහැදිලි කරනවා Google Serach වලට අලුතෙන් ආපු 3D Search option එක ගැන. මෙහිදී ඇය උදාහරණයට ගන්නේ White Shark කෙනෙක්. මේ මොරාව ඇය ගෙන එනවා වේදිකාවට. මෙහි වැදගත්ම දෙය වෙන්නේ මේ 3D Dummy එක actual size එකෙන් බලාගන්න පුළුවන් විදිහට නිර්මාණය වෙලා තිබෙන එක.


Google is adding augmented reality to search

මේ option එකෙන් ඉඩ ලබා දෙනවා ඔබ search කරන යමක නිවැරදි තරම ඔබට බලාගන්න වගේම, ඔබේ result එක real world එකත් එක්ක සංසන්දනය කර බලන්නට පවා. ඒ වගේම ඇය මේ වෙද්දී Google Lens ලබා ඇති ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කරනවා. ඇය උදාහරණයක් දක්වනවා Google Lens ඔබට පාවිච්චි කරන්නට පුළුවන් අවස්ථා ගැන. Google Lens, Maps හා සම්බන්ධ වීම නිසා ඔබ Lens එකට ලබාදෙන තොරතුරු වල තිබෙන නිරවද්‍ය භාවය සහ ඔබේ බිල්පත පවා ඔබට calculate කරගන්නට Google lens භාවිත කරගන්නට පුළුවන්. Google Lens වලින් පස්සේ ඇය යොමු වෙනවා Google Go app එකට. මෙහිදී ඇය පැහැදිලි කරන්නේ ඔබට යම් භාෂාවක් තේරුම් ගන්නට ඒ භාෂාව ඉගෙනගන්නට අවශ්‍ය වන්නේ නැති බව. ඔබට පුළුවන් යම් සටහනක් පැහැදිලි නැත්නම් හෝ ඒ භාෂාව ඔබ දන්නේ නැතිනම් Lens app එක හරහා එයට සවන්දීමට වගේම එය translate කරගැනීමටත්.

දැනට මේ භාෂා translate කිරීමේ හැකියාව භාෂා 14කට ලැබිලා තිබෙනවා වගේම ඉදිරියට සිංහල භාෂාවටත් ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Google කට්ටියගේ කාලය ඉතිරිකිරීමේ ක්‍රම ගැන කතා කලොත් Google Duplex අමතක කරන්න බැහැ. Google Smart Assistant මේ වැඩේදී එකතු වෙන්නේ Google Maps, Gmail, Google Calendar සහ Google Account එකත් එක්ක. මෙතෙක් කල් next next click කරමින් විස්තර පුරවන්නට මහන්සි වෙන්නට අවශ්‍ය නැහැ Google Assistant ඉතාම පහසුවෙන් මේ සියල්ල සිදු කරනවා. මෙය ඔවුන් නම් කරන්නේ Duplex on the web නමින්.

මීළඟට වේදිකාවට පැමිණෙන්නේ Scott Huffman, ඔහු Google හි VP Engineering විදිහට කටයුතු කරනු ලබනවා. ඔහු පැහැදිලි කරනවා Google Assistant තමන්ගේ ප්‍රතිචාර ලබා දීමේ වේගය වෙනදට වැඩිය දස ගුණයකින් වැඩි කර ඇති බව. ඔහු Maggi සමඟ demonstration එකක් කර පෙන්වනවා මෙහි වේගය ඔබට පෙන්වීමට.

මෙහිදී ඇය demonstration එක සඳහා Google Maps, Google Photos, Google Calender, Google Search වගේ multiple apps ගණනාවක් එක දිගට භාවිත කරනවා ඇයගේ මිතුරාට තොරතුරු යැවීමට. මෙතන වෙනස වෙන්නේ මේවට ගත වෙන්නේ බොහොම සුළු වෙලාවක්. මේ තාක්ෂනය මේ වසරේ පැමිණෙන Pixel Phones සමඟ ලබාගන්න පුළුවන් බවත් ඔහු පවසනවා. ඒ වගේම Picks for you, ඔබ කැමතිම දේවල් ඔබට suggest කරන්න වගේම, Personal Preferences ඔබේ ලබඳියන් ඔබේ Contacts වලට එකතු කරන්නත් ඒ මගින් ඔවුන්ගේ විස්තර access කරන්නත් පුළුවන් වීම. ඔබ Google Assistant ට කිවොත් Mother, Father හරි Brother වගේ option එකක්, මේකෙන් ඔබට commercial brands display වෙන්න පුළුවන්. නමුත් ඔබට ඒ ගැටලුව මගහරවා ගන්න Assistant පහසුකම් සලසා තිබෙනවා. ඔබට තිබෙන්නේ Google Account එකේ Family and Top Contacts වලට එකතු කරන්න විතරයි.

ඒ වගේම Driving Mode එක හඳුන්වා දෙනවා Google Assitant නොබෝ දිනකින්. අපි හිතමු ඔබ navigation on කරගෙන drive කරනවා කියල. නමුත් මේ වෙලාවේදී එන දුරකථන ඇමතුමක් හෝ එන notification එකක් හෝ ඔබට එන requirement එකක් ඉෂ්ට කරගන්න යාමෙන් මේ navigation screen එක minimize වෙන්න පුළුවන්. මෙය නැති කරන්නයි මේ driving mode එක ඇවිත් තිබෙන්නේ.

Driving mode in Google Assistant

නැවතත් වේදිකාවට පැමිණුනු Sundar Pichai පැහැදිලි කරනවා ඔවුන්ගේ අලුත්ම AI වලට සම්බන්ධ model එකක් වුනු TCAV නැත්නම් Testing with Concept Activation Vectors. මෙහිදී ඔවුන් පැහැදිලි කරන්න ගන්නේ Zebra කෙනෙක් detect කරගන්න හදපු AI model එකක්. මෙහිදී TCAV මගින් ඔබට models හා predictions භාවිත කරන්න පුළුවන් ඔබට ලැබෙන රූපයක Zebra ඉන්නවද නැද්ද කියන දේ හරියටම තේරුම් ගන්න.

TCAV Using in prediction

Data privacy හා protection ගැන කතා කරද්දී දක්වන්න පුළුවන් ඔබේ Google data auto delete function එක. මේක මගින් ඔබට දිනයක් ලබාදෙන්න පුළුවන් data delete වෙන්නේ කවදද කියන කරුණ ලබා දෙන්න.

ඒ වගේම Differently abled people වෙනුවෙන් නිර්මාණය වුනු options කිහිපයක් එලි දැක්වුණා. මේකේ නම වෙන්නේ Live Caption. ඕනෑම වීඩියෝ එකක live caption on කිරීමෙන් ඔබට හඬ ඇසිමකින් තොරව ඔවුන් තේරුම් ගන්න පුළුවන්.

ඒ වගේම live relay option එක ඔබට කතා කිරීමේ අපහසුත තිබෙන කෙනෙක්ට දුරකථන ඇමතුමක් ලබාගැනීමේදී භාවිත කරන්න පුළුවන් පහසුවෙන්ම. ඒ වගේම ඔහු සඳහන් කළා ඔවුන්ගේ අලුත් project එක voice recognition සඳහා ක්‍රියාත්මක වුන, Project Euphonia ලබා තිබෙන සාර්ථකත්වය සම්බන්ධව.

මීළඟට වේදිකාවට එකතු වුනේ Stephanie Saad Cuthbertson. ඇය Google සමාගමේ Senior Director, Android විදිහට කටයුතු කරනවා වසර 4ක සිට. මැයගේ පැමිණීම එක්ක ප්‍රකාශයට පත් වුණා Android Version 10. ඔබ දන්නවද ලෝකයේ තිබෙන active android devices ගණන. ඒ බිලියන 2.5ක ප්‍රමාණයක්. ඇය කියන විදිහට Android Q මුලිකවම target වෙන්නේ දැන් වෙද්දී trend එකක් වුනු, Fordable Mobiles දිහාවට. Live Captions, Smart Reply, 5G වගේම Android Q වලට dark mode එකත් ලැබී තිබුණා.

ඒ වගේම අලුතෙන්ම හඳුන්වා දුන්න focus mode එක. මේකෙන් තීරණය කරන්න පුළුවන් ඔබ වැඩක යෙදිලා ඉන්න වෙලාවක disturb වෙන්න පුළුවන් apps මොනවද කියන කාරණාව. ඔබ දන්නවද Android Q available වෙනවා Google Pixle, Huawei, Sony, NOKIA, Azuz, MI ඇතුළු වර්ග 21ක් සඳහා.

මීළඟට පැමිණෙන්නේ Rick Osterloh. ඔහු වසර තුනක සිට Google සමාගමේ SVP කෙනෙක් විදිහට වැඩ කරනවා Pixel, Nest, Home, PixelBook, Stadia and other things වගේ දේවල් සම්බන්ධව. මේ සමඟම නිකුත් වුණා Nest Hub Max උපාංගය. ඒ වගේම මෙහි camera උපාංගය on වෙන්නේ ඔබ එය වුවමනාවෙන් on කලොත් පමණයි. ඒ වගේම මෙය on කරලනම් මෙහි Green Light එකක් මඟින් ඔබට බලාගන්නට පුළුවන්.

Image result for nest hub max
Nest Hub Max

තවත් දෙයක් තමයි ඔබ Nest Hub එක වෙත එක වරක් අත දිගු කිරීමෙන් ඔබට පුළුවන් එහි වාදනය වෙන ගීතයක් වුනත් නවත්වන්නට. ඔවුන් මෙහි මිල සඳහන් කරනවා $229ක් විදිහට. මීළඟට ඔහු කතා කරන්නේ Google Pixel ගැන. ඒ අනුව අපි නිමානය කල දෙවෙනි එකත් සාර්ථක වෙමින් Google Pixel 3a කරළියට පැමිණෙනවා. මෙහි මිළ සඳහන් කරනවා ඔවුන් $399ක් විදිහට. මේක ශ්‍රී ලංකා රුපියල් 70,676.86 කට ආසන්න මිලක් මේ ලිපිය ලියන මොහොත වෙනකොට.

මීළඟට පැමිණෙන්නේ Sabrina Ellis. ඇය Vice President of Product Management at Google විදිහට කටයුතු කරනවා වසර 8ක සිට. ඇයගේ මාතෘකාව වුනේ Pixel 3a දුරකතනයට මේ මිලත් එක්ක Pixel 3හි සියලුම features ලැබුනේ කොහොමද කියන කාරණාව.

Colors of pixel 3a

ඒ වගේම එහි කැමරාව සම්බන්ධව අදහස් පල කරද්දී ඇය මිල අධික දුරකථන පවා උදාහරණයට ගත්තා.

ඔබට එක වරක් charge කිරීමෙන් පැය 30ක කාලයක් පවත්වා ගන්න පුළුවන් මේ දුරකථනය. ඔබ Google Store එකෙන් මේ දුරකතනයක් ලබගන්නවනම් ඔබට පුළුවන් Australia, German, France ඇතුළු රටවල් 13කින් මෙය ලබාගන්න.

මීළඟට වේදිකාවට පැමිණුනේ Jeff Dean. මොහුව සැහෙන පිරිසක් දන්නේ AI විශේෂඥයෙක් විදිහට. ඔහු Google Senior Fellow කෙනෙක් විදිහට වසර 19ක් Googleහි සේවය කරනවා. ඔහු සාකච්ඡා කලේ tensorflow ලබා ඇති දියුණුව පිළිබඳව. මීළඟට Lily Peng පැමිණෙනවා වේදිකාවට. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. දැනට Google හි Product Manager කෙනක් විදිහට වැඩ කරනවා වසර 6ක සිට. AI තාක්ෂනය භාවිත කරලා lung cancer වගේ අසනීපයක් detect කරගන්න විදිහ ඇය පැහැදිලි කරනු ලැබුවා.

ඒ වගේම AI recognition මගින් කාලගුණය පිලිබඳ තොරතුරු ගන්න ආකාරය පවා මෙහි දක්වා තිබුණා පැහැදිලිව. අද මේ ඉදිරිපත් වුනු කරුණු ඉදිරි කාලයේදී ලිපි වශයෙන් ඉදිරිපත් කරන්නට GGSLK අපි බලාපොරොත්තු වෙනවා.

නැවත හමුවෙමු…